පළාත් සභා ක්‍රමයම එදා සිටම මහජන එක්සත් පෙරමුණ විරුද්ධව සිටින බවත් එම ක්‍රමය අහෝසි කර දිස්ත්‍රික්කය පදනම් කරගෙන බලය විමධ්‍යගත කිරීම ඉතා කාලෝචිත බවත් මහජන එක්සත් පෙරමුණ තීරණය කරයි.
මහජන එක්සත් පෙරමුණේ නායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තලවතුගොඩ පැවති පක්ෂ මුලස්ථානයේදී පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන ආයතන මන්ත්‍රීහු මේ තීරණයට එළැඹීය.
දිස්ත්‍රික්කය පදනම් කොටගෙන බලය විමධ්‍යගත කිරිම තුළින් සෑම ජාතියකටම ආගමකටම ජාතිමය හා භාෂාමය අනන්‍යතාව රැකෙන අතර සංවර්ධනටද ඉතා පහසුවන බව මෙහිදී තීරණය කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභාව හා දිසා සභාවේ වෙනස මොකක්ද? ලංගම මගම කොළ මගම නිල මගම. අම්ම්මප මගේ කට මේ පුංචි ලංකාව කැලි කොරන්න තියෙන ඕනේ කමක මහත. මොලේ වාඩිවෙන කොට තෙරපෙනවා වගේ දැනෙනවාද?(නදී)
මුළු ඕස්ට්‍රේලියා වලටම ඉන්නේ ඇමතිවරු 20 දෙන්නයි . (නි)
දැන් පළාත් නවයක් අපිව කනවා එක 21 උනහම බදු 50% වත් දාන්න ඕනා.(නදී)
හෝව් පොඩ්ඩක්. බලන්න ඇඳුම් අන්දලාද ඉන්නේ කියලා. අනේ අපේ බොරලුගොඩ සිංහයා නැගිට්ටෝත් මේ ඔක්කොම කනවා. නොමරම.(නදී)
හැබැටම ඔය පලාත් සභාවලින් ඒවායේ ඉන්න අයට ඇරෙන්ඩ සාමාන්‍ය ජනතාවට සත පහකවත් වැඩක් වෙනවද? (නදී)
මම නම් මොකුත් දන්නේ නැහැ මේ ගැන (දී)
දිස්ත්‍රික් සභා කියල ජාතියක් අපිට තිබුනනේ. වැඩක් වුනාද? ඔය මොන සභාව හැදුවත්, අනේ අපේ සල්ලි! (නි)
අයියෝ සල්ලි
මන් හිතන්නේ..ඔය සම්බාහනය ඕනෑද එපාද කියලා, ජන මතයට යන්න හොඳ කලයි මේ. (නි)
මොනවද දැන් ඔය බෙදන බලය? (නි)
අපේ එක එක දේශපාලන පක්ෂවලට එක එක ජලභීතිකා හැදෙනවා වගේ. පලාත් සභාවට බලය දුන්නා කියනවා එක පක්ෂයක්. තවත් පක්ෂයක් මේ බලය උදුරාගත යුතුයි කියා කියනවා. දැන් තව පක්ෂයක් දිස්ත්‍රික්කයට බලය දෙමු කියනවා. අපි දන්නා තරමින් දීපු බලයකුත් නෑ. කරපු මගුලකුත් නෑ. නටපු තොයිලයකුත් නෑ. (නදී)
මේ අයට මොනවා වෙලාද
පළාත් සබා වෙනුවට දිස්ත්‍රික් ක්‍රමයට බලය බෙදාහරින්න යෝජනාවක් තියෙනවා. කෙනෙක්ට තර්ක කරන්න පුලුවන්... දිස්ත්‍රික් ක්‍රමය මගින් වඩාත් පුළුල් විදියට බලය බෙදනවා කියලා. ඒත් මේකට සමහරු කැමති වෙන එකක් නැහැ. (නි)
හැම දේශපාලකයම හදන්නේ එක එක විදිහේ ශිල්ප දක්වලා බලය විමධ්‍යගත කරන්න. නමුත් මේ සෙල්ලම් කරන්නේ මේරටේ නීත්‍යානුකුල පාරම්පරික රජතුමාගෙන් කොල්ලකාගත් ඉඩම් හා දේශපාලන බලය වග අමතක නොකලොත් හොඳයි.(අ)
එලියෙදි මොනව හරි කියල මිනිස්සු රවටනවා ලොක්ක ලඟදි අනේ බලුකුක්කා වගේ කීකරුව කකුල් ලෙවකනවා.(නදී)
පිස්සු කතා කිය කිය ඉන්නව අරහෙ පල්ලි කඩනව සෑමට සුභ අනාගතයක් වේවා!(නදී)
මෙයාටනම් දැන් පිස්සු තද වෙලා. සර්ව ආගමික සර්ව ජාතික එන්නතක් වත් විදගෙනද කොහිද?(නදී)
මේවා කිනිතුල්ලා පක්ෂ. කාගේ හරි ඇගේ එල්ලිලා තමයි බලයට එන්න හදන්නේ.(නදී)
මෙයාලා කියන හැටියට බැලුවොත් මන්ත්‍රී සංඛ්‍යාව තව වැඩිවෙනවානේ.(නදී)
මේ රටේ මිනිස්සු කරන්නෙම පිස්සු