IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දහතුන් වසරට අමාත්‍ය මණ්ඩල සංයුතිය 111 වතාවක් මාරු වෙලා

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය 2010 සිට 2023 වසර දක්වා කාලය තුළ වාර 111 ක් වෙනස් වී ඇතැයි වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අද (09) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

වාර 111 ක් යනු ආසන්න වශයෙන් මාසයකට එක් වතාවක් ගැසට් පත්‍රයක් මගින් අමාත්‍ය මණ්ඩල සංයුතිය ශ්‍රී ලංකාව වෙනස් කර ඇති බවත් එලෙස මසකට වරක් ආමාත්‍යංශ සංයුතිය වෙනස් වනවිට ආයතනයකට ඵලදායි ලෙස වැඩ කළ නොහැකි බවත් ආචාර්ය නිශාන්ත ද මෙල් මහතා එහිදී පැවැසුවේය.

උදාහරණයක් ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දස වතාවක් 2010 සිට 2023 වසර දක්වා කාලය තුළදී අමාත්‍යංශයෙන් අමාත්‍යංශයට මාරු කර ඇති බවත් 2020 වසරේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය යටතට පත්කර ඇති බවත් ආචාර්යවරයා එහිදී ප්‍රකාශ කළේය.

මෙරට අමාත්‍ය මණ්ඩලයේ ව්‍යුහාත්මක ප්‍රශ්නයක් තිබෙන බවත් එය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන බවත් ඔහු පැවැසුවේය.

එක් කොටසක් නම් අමාත්‍යංශ වලට ගැලපෙන විෂයන් වෙන් නොකිරීම බවත් වරක් කෘෂිකර්මයට අදාළ වැඩ කොටස් අමාත්‍යංශ නවයකට බෙදා තිබූ බවත් ආචාර්ය නිශාන්ත ද මෙල් මහතා පැවැසුවේය.අනෙක් කොටස නම් අමාත්‍යංශවලට නොගැලපෙන වැඩ කොටස් එක් කිරීම බවත් වරක් සංචාරක, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු එකතු කර තිබූ බවත් ආචාර්යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍ය මණ්ඩලයේ සංයුතියේ තාර්කික බවක් තිබිය යුතු බවත් එය ඇති කිරීම සඳහා වෙරිටේ රිසර්ච් ආයතනය කළ අධ්‍යනයක් මගින් අමාත්‍ය මණ්ඩල 15 ක ආකෘතියක් නිර්මාණය කර ඇති බවත් ආචාර්ය නිශාන්ත ද මෙල් මහතා පැවැසුවේය.

එම ආකෘතිය ඉදිරියේදී සියලු දේශපාලන පක්ෂවලට ලබා දීමටද බලාපොරොත්තු වනබව ඔහු මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙළ්ය.

 



අදහස් (4)

දහතුන් වසරට අමාත්‍ය මණ්ඩල සංයුතිය 111 වතාවක් මාරු වෙලා

පිටරටවැසියා Thursday, 09 May 2024 05:35 PM

කොපමණ වතාවක් වුණත් අනලා තියෙන්නේ "රට කාලා වනසන, කම්බ හොරු, තක්කඩි, අපතයින් " ඉන්න එකම කාඩ් කුට්ටම...

:       0       14

සුබ අනාගතයේ සෞභාග්‍යයේ දැක්ම Thursday, 09 May 2024 08:48 PM

අනන වාර ගණන වැඩිවෙනවිට උපරිමයෙන් ජනතා මුදල් නාස්ති වෙනවා එහෙම වෙන්නෙ කොහොමද කිව්වොත් සංවර්ධන කටයුතු අතරමැද නැවතීම නිසා බාගෙට නිමකර තියෙන ව්‍යාපෘති එතනින් නැවතීම තමයි උදාහරණයක් හැටියට සැහැල්ලු දුම්රිය මාර්ගය කියන්න පුළුවන් ඒ වගේම ආණ්ඩු වෙනසක් සිදුවන වාරයක් පාසාත් එහෙම නාස්ති වෙනවා මම එහෙම කියන්නෙ එහෙම දේවල් ගැන හොදින්ම අත්දැකීම් තියෙන නිසා තමයි ආණ්ඩුව පමණක් නොවෙයි පලාබබාල තුලිනුත් ඒවා වෙනවා.මෙහෙම දේවල් නිසා පසු විපරමක් නොමැතිව කරන්නන් වාලේ කරපු රට අගාධයකට වැටෙන්න හේතුවක් වුනා

:       0       1

සෙනෙවිරත්න Friday, 10 May 2024 02:05 AM

එකම කාඩ්කූට්ටමනේ අනන්නෙ, බූරුවො වැඩි විකෘති කූට්ටමක්නේ.

:       0       1

Rohana Friday, 10 May 2024 12:13 PM

මෙතෙක් රට පාලනය කළ අය දේශපාලන තීන්දු ගත්තේ රට දියුණු කිරීමට නොව බලය ලබාගත්පසු එය දිගටම පවත්වාගෙන යාම ගැන පමණයි. ඉදිරියටත් එය වෙනස් නොවනු ඇත. ඇමැති තනතුරු දෙන්නේ අවශ්‍යතාවයට නොව එක් එක් අය සතුටු කිරීමටයි. ඉතින් මේ ක්‍රමයට රටක් ගොඩනගන්න බැරිය. සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමයේ පූර්න පරිවර්තනයක් ඇතිකළ යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 134 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 835 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1746 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1117 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 463 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 283 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25053 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site