
(ප්‍රසාද් රුක්මල්)
දිට්වා ආපදාව සිදුවි වසරක් පිරිම නිමිත්තෙන් ආපදාවෙන් මියගිය සහ අතුරුදන්වී සිටින පිරිස සිහිපත් කරම්න් ජාතික සර්ව ආගමික වතාවත් අද පස්වරුවේ බදුල්ලේදී පැවත්විණි .
බදුල්ල ඓතිහාසික මුතියංගන රජමහා විහාරස්ථානයේදී සහ බදුල්ල කදිරේෂන් කෝවිල, අල් අන්වර් ජුම්මා පල්ලිය ,බදුල්ල ශාන්ත මරියා දේවස්ථානයේදී මෙම ආගමික වැඩසටහන් පැවති අතර, ඌවපලාත් සභාව, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයය එක්ව මෙය සංවිධානය කර තිබිණි.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් මුතියංගන පුදබිමේ දී ආගමික වැඩසටහන පැවැත්වේ .
ඌව පලාත් ආණ්ඩුකාරවර නීතීඥ කපිල ජයසේකර ,වැවීලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ,තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක , බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම,බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ ,ඌවපලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න යන මහත්වරුන් ඇතුලු නිළධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd