(උපාලි ආනන්ද)
මහව ප්රධාන දුම්රිය හරස් මාර්ගය අනතුරු සංඥා විදුලි බුබුළු දල්වා වසා තිබියදී අන්තරාදායක ලෙස මෝටර් රථයක් සහ යතුරු පැදියක් ධාවනය කළ රියැදුරන් දෙදෙනකු එකී චෝදනාවට වරද පිලිගත් පසුව ඔවුනට මුදලින් රුපියල් 55000 ක දඩයක් මහව මහේස්ත්රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න මෙනවිය නියම කළාය.
මෝටර් රථ රියදුරාට මුදලින් රුපියල් 35000 ක් ද යතුරු පැදිකරුට මුදලින් රුපියල් 25000 ක් වශයෙන් මෙම රුපියල් 55000 ක දඩ මුදල නියම කෙරිණ.
මෙසේ දඩ නියම වූයේ මහව ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුටය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd