වසර දොළහකට ඉහතදී සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගිය කැකිරාවේ එච් එම් ධනවතී (47) පස් දරු මව ජීවතුන් අතර සිටින බව දැනගත් අයගේ සැමියාත් දරුවෝත් අද (08) සතුටු කඳුළු වැගිරූහ.
ඔවුනට මේ පිළිබඳ තොරතුරු රාත්‍රී අටට පමණ පළමුව ලබා දුන්නේ ලංකාදීප වෙබි අඩවියෙනි.
ඩි එම් මනෝරි දිසානායක,කුමුදු දිසානායක,ප්‍රියන්ත දිසානායක,වරුණ දිසානායක,අරුණ දිසානායක ඇයගේ දරුවෝ වෙති.ප්‍රියන්ත දිසානායක නැමැති ඇයගේ තෙවැනි පුතු යුද හමුදාවේ ක්‍රියාන්විත මිය ගොසිනි.
මව මේ ගැන කිසිත් නොදන්නා බව ඇයගේ සැමියා වන ඩී එම් රාජරත්න (52) පවසයි ඔහු බාල පුතා සමඟ නිවසේ තනිම ජීවත් වෙයි .
අප එම නිවසට යන විට එහි සිටි දනවතී මහත්මියගේ සහෝදරිය වු එච් එම් කමලාවතී මහත්මිය ඇය පිළිබඳව තොරතුරු හෙළි කළාය.
‘මගේ නංගි රට ගියේ 2003 සෞදි අරාබියට,එයා දරුවොත් එක්ක පුංචි පොල් අතු පැලක ජීවත් වුණේ එදා ඉදලා දරුවෝ ටික බලා ගත්තේ මම. අම්මා නැති අඩුව මම දැනෙන්න දුන්නේ නෑ.අක්කා රට ගිහින් ටික දවසක් යද්දී එයාගේ මහත්තයා අසනීප වුණා. තවමත් එයා හදවත් රෝගීයෙක් .අක්කා ගෙන්වා ගන්න මම යන්න තියෙන හැම තැනට ගියා. රටේ තියන හැම දේවාලයකටම ගියා.ඒ අතරෙදී එක පුතෙක් හමුදාවට ගිහින් නැති වුණා.ඒක තාම අක්කා දන්නේ නෑ.අද අක්කා ඉන්න බව දැන ගත්තම මට දැනෙන්නේ පුදුම සතුටක්. විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අපේ පැමිණිලිවලට මොනවද කළේ කියලා අපිට හිතා ගන්නවත් බෑ.
දනවතී මහත්මියගේ සැමියා වන ඩීඑම් රාජරත්න මහතා (52)
‘මගේ බිරිද රට ගියේ ගේ හදාගන්න.අපි දෙන්නා දරුවොත් එක්ක පුදුම සතුටකින් ජීවත් වුණේ.එයා ගැන තොරතුරක් නැතුව හිතලා හිතලා මම රෝගීයෙක් වුනාතඑක් පුතෙක් හමුදාවට ගිහින් මැරුණා.එයාගේ පඩියෙන් තමයි අපි ජීවත් වෙන්නේ.එයාට ලැබු ණු මුදල්වලින් ගේ හදාගත්තා.අපේ නෝනගේ සහෝදරියගේ සල්ලි ලක්ෂ පහක් විතර නෝනව හොයන්න වියදම් කළා. මගේ දරුවෝ එක්කෙනෙක් විතරයි මා ළඟ ඉන්නේ අනික් අය විවාහ වෙලා .අද මට මේ ලැබුණු පණවිඩත් එකක් මම ඉන්නේ හරිම සතුටින් ඔහු හඩා වැටෙමින් පැවසුවේය.
ඇයගේ බාල පුත් අරුණ දිසානායක(23)
මගේ අම්මාගේ මුණ හරියට මතක නෑ.අම්මා රට රට යන දවසේ මටයි අයියටයි දාම් බෝඩි එකක් අරන් දීලා ගියේ.මට දැන් අවුරුදු විසි හතරයි.අම්මා රට යද්දී මම පහ හෝ හය වසරේ තමයි ඉගෙන ගත්තේ .එදා ඉදන් අපිට අම්මා වුණේ පුංචි අම්මා.තාත්තයි පුංචි අම්මයි අපේ පවුලේ අයයි අපේ අමමා ගැනමයි හැමදාම කතා කලේ ඒ අය අම්මා හොයන්න ගොඩක් මහන්සි වුණා .ඒත් වැඩක් වුණේ නෑ.මම ඉල්ලන්නේ කොහොමහරි මගේ අම්මව ගෙදරට ගෙනත් දෙන්න කියලා.අම්මා ජීවතුන් අතර ඉන්නවා කියලා හරි
දැන් අපට අහන්න ලැබුණ එකත් සතුටක්.අම්මා දක්කම ඒ සතුට තවත් වැඩිවෙනවා.මං හැමෝගෙන්ම ඉල්ලන්නේ අපේ අම්මා ලංකාවට ගෙනත් දෙන්න කියලා.‘
ඇයගේ නම සහ ගම පමණක් තොරතුරු ලෙස ලැබුණු අපට ඔවුන් සොයා යෑමට කැකිරාව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක ජයරත්න දිසානායක,කැකිරාව පොලිසියේ පොලිස් සැරයන් ඒකනායක ,කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ප්‍රදීප් දේවනාරයන යන මහත්වරුන්ගෙන් සහය ලැබිණි.
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම
ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.
නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්
බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ධනවතීගේ සැමියාත් දරුවෝත් සතුටු කදුළු වගුරුවති
ලියනගේ Monday, 09 March 2015 07:54 PM
ඇයගේ වසර 12 ක මුලු මුදලම ලැබුනොත් ඇය ඇත්තෙන්ම ධනවත්. රු. ලක්ෂ 25ක් පමණ වෙනවා. (නි)
විජයබාහු Monday, 09 March 2015 09:07 AM
ඔය ඉන්න මහින්දව වනසපු තවත් අය ටිකක් තාම. (අ)
ප්‍රසන්න Sunday, 15 March 2015 09:07 AM
රටේ හැමගෙන් ඉල්ලනවා තිරිසනුන් ඉන්න අරාබියට තමන්ගේ භාර්යව,නංගි,අක්කා,අම්මා යවන්න එපා මෙහෙකාර කමට.(ම)