IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ධර්මපාල කටුගේ බලන්න එන්න

මෙයට වසර දෙකහාමාරකට පෙර කෞතුකාගාරයක් වශයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා සූදානම් කළද  ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා විසූ වික්ටරි හවුස් නිවස නැරඹීමට  පිරිස නොපැමිනිම හේතුවෙන් එය හුදකලා තත්වයට  පත්ව තිබේ

කොළඹ ආනන්ද බාලිකා විද්‍යාල පරිශ්‍රයේ   ඇති මෙම ගොඩනැගිල්ල ධර්මපාලතුමා විසින් ආනන්ද බාලිකා විද්‍යාලය ආරම්භ කිරිමට එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවු පී ද එස් කුලරත්න මහතාට උපදෙස් දීමෙන් අනතුරුව එතුමා ඉන්දියාවට ගොස් ඇති අතර මෙම වික්ටර් හවස් නිවහන බාලිකාවේ පරිහරණයෙන් අනතුරුව ශිෂ්‍ය නේවාසිකාගාරය වශයෙන් පරිහරණයට ගෙන තිබේ

වර්තමානයේ විද්‍යාලයේ ආදිශිෂ්‍ය  සංගමය සහ පාසල් සංවර්ධන සමිතියේ එකමුතුවෙන් විද්‍යාලයේ අසූපස්වැනි සංවත්සරය සැමරුම් දින මෙය කෞතුකාගාරයක් ලෙස ප්‍රතිසංස්කරණයකොට  විවෘත කෙරිණි

ධර්මපාලතුමා පරිහරණය කළ පොත් පත් ගෘහ උපකරණ සහ එතුමාගේ ජීවිතයේ ඉතා දුලභ සටහන් සහ තොරතුරු මෙහි දී නොමිලයේ  දැක බලා ගැනිමට තබා  ඇත

හිටපු විදුහල්පතිනි මාලනි හේරත් මහත්මියගේ සංකල්පයක් මත ඉදි කෙරුණ මෙය වර්තමානයේ වැඩබලන විදුහල්පතිනි ජී . ජේ . එල්  සෙනවිරත්න නියෝජ්‍ය විදුහල්පති  චින්තා කාන්ති සහ සහකාර විදුහල්පති එච් මාධවී යන ගුරු මහත්මීන්ගේ  ප්‍රධානත්වයෙන් පවත්වගෙන යති.

ආනන්ද විදයාලයේ එවකට සිටි විදුහල්පති පි ද එස් කුලරත්න මහතා

 

වැඩබලන විදුහල්පතිනි ජී . ජේ . එල්  සෙනවිරත්න මහත්මිය

නියෝජ්‍ය විදුහල්පති  චින්තා කාන්ති මහත්මිය

සහකාර විදුහල්පති එච් මාධවී මහත්මිය

 



අදහස් (0)

ධර්මපාල කටුගේ බලන්න එන්න

හේවාවිතාරණ Monday, 11 November 2013 09:27 AM

අඩුම ගානේ රූපවාහිනී මාධ්‍ය වලින්වත් කිසිමදාක මේ ධර්මපාල උත්තමයා නොහොත් දොන් ඩේවිඩ් හේවාවිතාරණ වාසය කළ වික්ටරි නිවස ගැන ප්‍රචාරයක් දීලා තිබෙනවද? නැත (නි)

:       0       0

පෙරුමාල් Tuesday, 05 November 2013 04:56 PM

ඒ බෝසත් උතුමන් අද හිටියනම් ජෙම්ස් පැකර් පස්සෙ යන අයට කතා කරන්නෙ රොඩියා, ගොන්තඩියා, වසලයා කියලයි (ස)

:       0       0

රොහාන් Tuesday, 05 November 2013 05:09 PM

කවුද එතකොට විදුහල්පතිනිය? (නි)

:       0       0

ලෙස්ලි Tuesday, 05 November 2013 05:12 PM

ධර්මපාලතුමාගෙන් සිදුවූ සේවය ගැන අද තරුණයන්ට අවබෝධයක් නැති බව මෙයින් පෙනෙනවා (නි)

:       0       0

ජානි Tuesday, 05 November 2013 05:16 PM

එතුමා කළ දේ පාසල් වල උගන්වනවද? එතනින් පටන් ගෙන ඉතිහාසය ගැනම, මෙතන ළමයින්ට කියලා ප්‍රදර්ශන භාණ්ඩ හදවලා , පොත් වී‍ඩියෝ එහෙම එකතු කරලා ප්‍රසිද්ධියකුත් ගන්න හොඳම කාලේ මේක. මිනිස්සු එයි ළමයිනුත් අරගෙන. හරි වටිනවා එහෙම කළොත්. (නි)

:       0       0

කුමාර් Tuesday, 05 November 2013 11:22 AM

හදන්න කියන්න මිණී මරපු හැටි, ස්ත්‍රී දුෂණ කරපු හැටි, මහා හොරකම් කරපු හැටි පෙන්වන කටුගෙයක්. එතකොට ඒක සෙනඟෙන් පිරිලා ඉතිරිලා යාවි. මේකයි අවසාන කාලයේ ලක්ෂණ. (ස)

:       0       0

රෝහණ Tuesday, 05 November 2013 05:57 PM

අද අධ්‍යාපනයේදී පැරණි මුතුන්මිත්තන් ගැන ඉතිහාසය ගැන ජාතික වීරවරයින් හරි හැටි උගන්වන්නේ නැහැ. එම උත්තමයන්ගේ වටිනාකම උගන්වන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් සිරිසගබෝ රජතුමා තමාට බත් පිඩක් දුන් මගියාට හිස දන්දුන් එක ගැන දරුවන් ඇසුවාම ගුරුතුමා මම නොදනිමි කියලා හිනාවෙලා මග හැරියලු (නි)

:       0       0

පිරිස් Saturday, 09 November 2013 01:15 PM

විදුහල් පතිනියෝ කී දෙනෙක් ඉන්නවද (නදී)

:       0       0

රසික Tuesday, 05 November 2013 11:35 AM

මෙහෙම තැනක් තියෙනවා කියල දන්නේ අද. හොඳ ප්‍රසිද්ධියක් දෙන්න. ලංකාවේ සියලුම පාසල් මේ ස්ථානය ගැන දැනුවත් කරන්න.සුලු මුදලක් නඩත්තුව සඳහා අය කරන්න.එය මතු දිනක ප්‍රයෝජනවත් වේවි. (ස)

:       0       0

අනුරංග Tuesday, 05 November 2013 11:44 AM

මෙතන ප්‍රශ්නය තියෙන්නේ මෙහෙම තැනක් තියෙනවා කියලා දන්නේ නැතිකම. අනිත් එක මේක තියෙන්නේ පාසලක් ඇතුළෙනේ. ඒකයි කට්ටියගේ අවධානය අඩු වෙලා තියෙන්නේ. (නි)

:       0       0

මොහොමඩ් හෆ්සාල් Tuesday, 05 November 2013 11:50 AM

මේ වගේ දේවල් වලට නිසි ප්‍රසිද්ධියක් ලබා දෙන්න. පාසල් සිසුන් සහ අනිකුත් අය මේවා බලන්න යන්න ඕනේ. එතුමන් ලගේ සේවය අපි අගේ කල යුතුයි අවංකවම. (ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 05 November 2013 06:53 PM

සිංහලයිනි, අවදි වෙයවු! (නි)

:       0       0

මංගලී ෆොන්සේකා Tuesday, 05 November 2013 12:45 PM

අපේ අය කතාවට ගියාම නම් සිංහල කම සිංහල ජාතිය ගැන ලොකුවට .ඒත් මේ වගේ තැන් වලට කවුරුත් යන්නේ නෑ (දිල්)

:       0       0

එස් එල් ජේ ප්‍රනාන්දු Tuesday, 05 November 2013 12:57 PM

දේශය අවදි කළ මේ වෙනි උතුමන් පිළිබඳ අපි සියලු දෙනාම මීට වැඩිය උනන්දුවෙන් සොයා බලා ප්‍රචාරණය කළ යුතුයි. ඉතිහාසයෙන් බොහෝ පාඩම් ඉගෙන ගැනීමට ඇත. (නි)

:       0       0

ස්ටීව් Tuesday, 05 November 2013 12:58 PM

මෙතන නිධානයක් තියනවා කිව්වා නම් හරි (නි)

:       0       0

ඉන්දික Tuesday, 05 November 2013 07:11 PM

අනුන්ගේ සින්දු කියලා කෙටි පණිවිඩ වලින් සුපර් ස්ටාර්ලා වෙන අයව හරි කසිකබල් ටෙලි නාට්‍ය වල ඉන්න ලංකාවේ හරි ඉන්දියාවේ හරි නිළියක් ඔතෙන්ට ගෙනාවා නම් එයි වැලට.ලංකාවේ පාසල්වල තාමත් ඉතිහාසය උගන්වනවාද? ජාත්‍යන්තර පාසල්වල උගන්වන්නේ ලන්ඩන් වලට අවශ්‍ය දේවල්.අධ්‍යාපන බලධාරීන් මර නින්දේ. (නි)

:       0       0

අහිංසක Tuesday, 05 November 2013 01:24 PM

මේක මැද්දේ ලොකු කළු ගලක් තියෙනවා, එහෙම නැත්නම් මේක පිටි පස්සේ ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපොළක් තියෙන කිව්වා නම් අපේ සෙට් එක පොර කකා එයි බලන්න. මාර මිනිස්සු ඉන්න රටක් මේක. (ස)

:       0       0

බණ්ඩා Tuesday, 05 November 2013 07:28 PM

මෙතැන සම්බාහන ආයතනයක් දමන්නකෝ,සෙනග එන හැටි බලන්න පුළුවන් (නි)

:       0       0

සශිමාල් Tuesday, 05 November 2013 02:19 PM

ඔයා හරි රසික. (ස)

:       0       0

සන්ධ්‍යා Tuesday, 05 November 2013 02:50 PM

මේවා අපගේ දරුවන්ට පෙන්විය යුතුයි. (ස)

:       0       0

ආලෝක Tuesday, 05 November 2013 08:53 PM

ඉතිහාසය කියා අපේ අවුරුදු දහස් ගණනක් ලියලා තියෙන ඉතිහාසයයි උගන්වන්න ඕනෑ. ජාතික හැගීම් නැති ජනතාවක් බිහිවෙලා ඉන්නේ දැන්. ළමයින්ටවත් මග පෙන්වන්න, තමන් කවුද කියා වටහා ගන්න ඉතිහාසය දැනීම අවශ්‍යයි. මෙතනින් ඒකත් පටන් ගන්න පුළුවන් (නි)

:       0       0

විජේසිංහ Tuesday, 05 November 2013 03:37 PM

විරෝධතා පෙළපාලියක් කිව්වම අපේ අය එනවා බුරුතු පිටින්. හැබැයි මේ වගේ තැන් වලට හෝ පන්සලකට ගෙන්න ගන්න හරිම අමාරුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රීකුණාමලය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 222 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 283 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 233 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 428 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 413 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 653 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14631 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site