මෙයට වසර දෙකහාමාරකට පෙර කෞතුකාගාරයක් වශයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා සූදානම් කළද ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා විසූ වික්ටරි හවුස් නිවස නැරඹීමට පිරිස නොපැමිනිම හේතුවෙන් එය හුදකලා තත්වයට පත්ව තිබේ
කොළඹ ආනන්ද බාලිකා විද්‍යාල පරිශ්‍රයේ ඇති මෙම ගොඩනැගිල්ල ධර්මපාලතුමා විසින් ආනන්ද බාලිකා විද්‍යාලය ආරම්භ කිරිමට එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවු පී ද එස් කුලරත්න මහතාට උපදෙස් දීමෙන් අනතුරුව එතුමා ඉන්දියාවට ගොස් ඇති අතර මෙම වික්ටර් හවස් නිවහන බාලිකාවේ පරිහරණයෙන් අනතුරුව ශිෂ්‍ය නේවාසිකාගාරය වශයෙන් පරිහරණයට ගෙන තිබේ
වර්තමානයේ විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය සහ පාසල් සංවර්ධන සමිතියේ එකමුතුවෙන් විද්‍යාලයේ අසූපස්වැනි සංවත්සරය සැමරුම් දින මෙය කෞතුකාගාරයක් ලෙස ප්‍රතිසංස්කරණයකොට විවෘත කෙරිණි
ධර්මපාලතුමා පරිහරණය කළ පොත් පත් ගෘහ උපකරණ සහ එතුමාගේ ජීවිතයේ ඉතා දුලභ සටහන් සහ තොරතුරු මෙහි දී නොමිලයේ දැක බලා ගැනිමට තබා ඇත
හිටපු විදුහල්පතිනි මාලනි හේරත් මහත්මියගේ සංකල්පයක් මත ඉදි කෙරුණ මෙය වර්තමානයේ වැඩබලන විදුහල්පතිනි ජී . ජේ . එල් සෙනවිරත්න නියෝජ්‍ය විදුහල්පති චින්තා කාන්ති සහ සහකාර විදුහල්පති එච් මාධවී යන ගුරු මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වගෙන යති.









ආනන්ද විදයාලයේ එවකට සිටි විදුහල්පති පි ද එස් කුලරත්න මහතා
වැඩබලන විදුහල්පතිනි ජී . ජේ . එල් සෙනවිරත්න මහත්මිය
නියෝජ්‍ය විදුහල්පති චින්තා කාන්ති මහත්මිය
සහකාර විදුහල්පති එච් මාධවී මහත්මිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ බෝසත් උතුමන් අද හිටියනම් ජෙම්ස් පැකර් පස්සෙ යන අයට කතා කරන්නෙ රොඩියා, ගොන්තඩියා, වසලයා කියලයි (ස)
අඩුම ගානේ රූපවාහිනී මාධ්‍ය වලින්වත් කිසිමදාක මේ ධර්මපාල උත්තමයා නොහොත් දොන් ඩේවිඩ් හේවාවිතාරණ වාසය කළ වික්ටරි නිවස ගැන ප්‍රචාරයක් දීලා තිබෙනවද? නැත (නි)
විදුහල් පතිනියෝ කී දෙනෙක් ඉන්නවද (නදී)
ඉතිහාසය කියා අපේ අවුරුදු දහස් ගණනක් ලියලා තියෙන ඉතිහාසයයි උගන්වන්න ඕනෑ. ජාතික හැගීම් නැති ජනතාවක් බිහිවෙලා ඉන්නේ දැන්. ළමයින්ටවත් මග පෙන්වන්න, තමන් කවුද කියා වටහා ගන්න ඉතිහාසය දැනීම අවශ්‍යයි. මෙතනින් ඒකත් පටන් ගන්න පුළුවන් (නි)
මෙතැන සම්බාහන ආයතනයක් දමන්නකෝ,සෙනග එන හැටි බලන්න පුළුවන් (නි)
අනුන්ගේ සින්දු කියලා කෙටි පණිවිඩ වලින් සුපර් ස්ටාර්ලා වෙන අයව හරි කසිකබල් ටෙලි නාට්‍ය වල ඉන්න ලංකාවේ හරි ඉන්දියාවේ හරි නිළියක් ඔතෙන්ට ගෙනාවා නම් එයි වැලට.ලංකාවේ පාසල්වල තාමත් ඉතිහාසය උගන්වනවාද? ජාත්‍යන්තර පාසල්වල උගන්වන්නේ ලන්ඩන් වලට අවශ්‍ය දේවල්.අධ්‍යාපන බලධාරීන් මර නින්දේ. (නි)
සිංහලයිනි, අවදි වෙයවු! (නි)
අද අධ්‍යාපනයේදී පැරණි මුතුන්මිත්තන් ගැන ඉතිහාසය ගැන ජාතික වීරවරයින් හරි හැටි උගන්වන්නේ නැහැ. එම උත්තමයන්ගේ වටිනාකම උගන්වන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් සිරිසගබෝ රජතුමා තමාට බත් පිඩක් දුන් මගියාට හිස දන්දුන් එක ගැන දරුවන් ඇසුවාම ගුරුතුමා මම නොදනිමි කියලා හිනාවෙලා මග හැරියලු (නි)
එතුමා කළ දේ පාසල් වල උගන්වනවද? එතනින් පටන් ගෙන ඉතිහාසය ගැනම, මෙතන ළමයින්ට කියලා ප්‍රදර්ශන භාණ්ඩ හදවලා , පොත් වීඩියෝ එහෙම එකතු කරලා ප්‍රසිද්ධියකුත් ගන්න හොඳම කාලේ මේක. මිනිස්සු එයි ළමයිනුත් අරගෙන. හරි වටිනවා එහෙම කළොත්. (නි)
ධර්මපාලතුමාගෙන් සිදුවූ සේවය ගැන අද තරුණයන්ට අවබෝධයක් නැති බව මෙයින් පෙනෙනවා (නි)
කවුද එතකොට විදුහල්පතිනිය? (නි)
හදන්න කියන්න මිණී මරපු හැටි, ස්ත්‍රී දුෂණ කරපු හැටි, මහා හොරකම් කරපු හැටි පෙන්වන කටුගෙයක්. එතකොට ඒක සෙනඟෙන් පිරිලා ඉතිරිලා යාවි. මේකයි අවසාන කාලයේ ලක්ෂණ. (ස)
විරෝධතා පෙළපාලියක් කිව්වම අපේ අය එනවා බුරුතු පිටින්. හැබැයි මේ වගේ තැන් වලට හෝ පන්සලකට ගෙන්න ගන්න හරිම අමාරුයි. (ස)
මේවා අපගේ දරුවන්ට පෙන්විය යුතුයි. (ස)
ඔයා හරි රසික. (ස)
මේක මැද්දේ ලොකු කළු ගලක් තියෙනවා, එහෙම නැත්නම් මේක පිටි පස්සේ ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපොළක් තියෙන කිව්වා නම් අපේ සෙට් එක පොර කකා එයි බලන්න. මාර මිනිස්සු ඉන්න රටක් මේක. (ස)
මෙතන නිධානයක් තියනවා කිව්වා නම් හරි (නි)
දේශය අවදි කළ මේ වෙනි උතුමන් පිළිබඳ අපි සියලු දෙනාම මීට වැඩිය උනන්දුවෙන් සොයා බලා ප්‍රචාරණය කළ යුතුයි. ඉතිහාසයෙන් බොහෝ පාඩම් ඉගෙන ගැනීමට ඇත. (නි)
අපේ අය කතාවට ගියාම නම් සිංහල කම සිංහල ජාතිය ගැන ලොකුවට .ඒත් මේ වගේ තැන් වලට කවුරුත් යන්නේ නෑ (දිල්)
මේ වගේ දේවල් වලට නිසි ප්‍රසිද්ධියක් ලබා දෙන්න. පාසල් සිසුන් සහ අනිකුත් අය මේවා බලන්න යන්න ඕනේ. එතුමන් ලගේ සේවය අපි අගේ කල යුතුයි අවංකවම. (ස)
මෙතන ප්‍රශ්නය තියෙන්නේ මෙහෙම තැනක් තියෙනවා කියලා දන්නේ නැතිකම. අනිත් එක මේක තියෙන්නේ පාසලක් ඇතුළෙනේ. ඒකයි කට්ටියගේ අවධානය අඩු වෙලා තියෙන්නේ. (නි)
මෙහෙම තැනක් තියෙනවා කියල දන්නේ අද. හොඳ ප්‍රසිද්ධියක් දෙන්න. ලංකාවේ සියලුම පාසල් මේ ස්ථානය ගැන දැනුවත් කරන්න.සුලු මුදලක් නඩත්තුව සඳහා අය කරන්න.එය මතු දිනක ප්‍රයෝජනවත් වේවි. (ස)