මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ එක්සත් රාජධානි ශාඛාව පසුගියදා ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පිංකමක් කළේය.
එම පිංකමෙහි මූලික අරමුණ වුයේ ධර්මරාජ විද්‍යාලයේ සේවය කොට මිය පරළොව යන්නට යෙදුණු සියලුම ගුරු භවතුන්ටත් ආදී ශිෂ්‍යයන්ටත් පිංපෙත් පැමිණවීමය. කළක් ධර්මරාජ විද්‍යාල ගුරු මණ්ඩළයේ සේවය කළ සහ ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීල විමල නාහිමියන් තමන්වහන්සේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ගුරු මණ්ඩලයේ සාමාජිකයෙකුව සිටීම ගැන ඉතාම සතුටට පත් වන බවත් මව් රටෙන් සැතපුම් දහස් ගණනක් දුරින් ජීවත් වුවද ආදී සිසුන් සැවොම එක්ව තම මුල් ගුරුවරුන් වෙනුවෙන් කෘත ගුණ දැක්වීම ඉතාම අගය කරණ බවත් පැවසුහ.
ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති උපුල් ඒකනායක පැවසූවේ ධර්මරාජ මාතාව දුන් ගුරු හරුකම් නිසාවෙන් එහි ඉගෙනුම ලැබූ සිසුන් හට ලෝකයේ කුමන රටක ජීවත් උනත් දේශීය සිරිත් විරිත් සහ සංස්කෘතියට ආගමට දහමට ලැදි පිරිසක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පන්නරය නිරායාසයෙන්ම උරුමව ඇති බවයි.
තවද අප මව් බිමේ ඒකීය භාවය වෙනුවෙන් පසුගිය යුධ සමයේදී ආදී ධර්මරාජයන් බොහෝ පිරිසක් දිවි පිදූ අතර ඔවුන් සියළුම දෙනාටත් මෙම පිංකමෙන් පුණ්‍යානුමොදනා කරවන බවත් හෙතෙම පැවසීය. පිංකම සාර්ථක කර ගැනීමට සහාය දුන් සියළුම ආදී ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටහටද විශේෂ ස්තුති කළ ඔහු මෙම පිංකම වසරක් පාසා දිගටම කරගෙන යාමට අදහස් කරන බවද පැවසීය.
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ධර්මරාජ ආදි සිසුහු කළ ගුණ සලකති
දුමින්ද Thursday, 26 March 2015 06:47 AM
රජ වැඩක්. (ස)
අලහකොන් Thursday, 26 March 2015 07:21 AM
තෙන්නකෝන් මහත්මයා කාලෙකින් දැක්කේ. ලෝකේ කොහේ හිටියත් රටට ,පාසලට, ආගම දහමට ලැදියාවක් තියෙනවා.(ම)