IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ධාවන පථයේ අලූත්වැඩියාවට සුගතදාස කී‍්‍රඩාංගණය වසයි

රුපියල් මිලියන 113ක වියදමින් අළුතෙන් ඇතිරූ කෘතිම ධාවන පථයේ අළුත්වැඩියා කටයුතු සඳහා සුගතදාස ක‍්‍රීඩාංගණය තාවකාලිකව වසා දැමීමට තීරණය වී ඇතැයි වාර්තා වේ. ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට ලබන සැප්තැම්බර් 2-3 යන දිනවල එහි දී පැවැත්වෙන ආරක්ෂක සේවා මලල ක‍්‍රීඩා උළෙල අවසන්වීමෙන් පසු සුගතදාස ක‍්‍රීඩාංගණ ධාවන පථය අළුත්වැඩියා කටයුතු සඳහා වසා තැබේ. කෘත‍්‍රිම ධාවන පථය අළුතින් අතුරා විවෘත කර මාස තුනක් ඉක්ම යාමට මත්තෙන් එහි කඩතොලූවීම් කීපයක් හේතුවෙන් අළුත්වැඩියා කිරීමට සිදුවීම මේ වනවිට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ. එහෙත් එම ඉදිකිරීම් බාරව කටයුතු කළ දේශීය නියෝජිත ආයතනය වන ගහකොළ ආයතනය පවසන්නේ එය කලබලවීමට කරුණක් නොවන බවත් ඉතා සුළු කඩතොලූවීම් කීපයක් ගැන ලැබී තිබෙන වාර්තාවලට අනුව ඒ සම්බන්ධයෙන් ඉදිකිරීම් කළ විදේශීය නියෝජිත ආයතනයේ අවධානය මේ වනවිටත් යොමුකර තිබෙන බවයි. මේ අතර නව කෘත‍්‍රිම ධාවන පථයේ අළුත්වැඩියා කටයුතු නිමා කෙරෙන තෙක් එහි කලින් යොදාගෙන තිබූ මලල ක‍්‍රීඩා තරගාවලි කීපයක් අත්හිටුවීමට සිදුවී ඇතැයි ද වාර්තාවේ. ඒ අතර ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය සංවිධානය කරන මලල ක‍්‍රීඩා සහය දිවීමේ සැණකෙළිය ද වේ. ලබන සැප්තැම්බර් 7,8,9 යන දිනවල එය පැවැත්වීම සඳහා සුගතදාස ක‍්‍රීඩාංගනය වෙන්කරවා ගෙන තිබුණත් උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ තරගාවලිය දැන් ලබන සැප්තැම්බර් 14,15,16 යන දිනවල දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගනයේ දී පැවැත්වීමට අළුතින් දින නියම කරගෙන තිබේ. මේ අන්දමට සුගතදාස ක‍්‍රීඩාංගනයේ පැවැත්වීමට යොදාගෙන තිබූ තවත් ප‍්‍රධාන පෙළේ මලල ක‍්‍රීඩා තරගාවලි කීපයක් කල් දැමීමට සිදුවී ඇතැයි ද වාර්තාවේ. වාර්තාවන පරිදි නව මලල ක‍්‍රීඩා ධාවන පථයේ පිටියේ ඉසව් පැවැත්වෙන ස්ථාන කීපයක කඩතොලූවීම් හා දෝෂ හට ගැනීමෙන් මේ තත්ත්වය උදාවී තිබෙන අතර නව ඉදිකිරීම් සඳහා ගෙවිය යුතු ප‍්‍රතිපාදනවලින් රුපියල් මිලියන 30ක ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමට සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණ අධිකාරිය ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ විධානයෙන් තීරණය කර තිබෙන බවද දැනගන්නට ඇත. නව ධාවන පථය විවෘත කිරීමෙන් පසු එහි පැවැති පළමු අන්තර් ජාතික තරගාවලිය වන 15 වැනි ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලිය පසුගිය ජූනි 9,10,11,12 යන දිනවල එහි දී පැවැත්වුණි. ශ්‍රී ලංකාව එහිදී රන් පදක්කම්, රිදී පදක්කම් හා ලෝකඩ පදක්කම් දෙක බැගින් දිනාගැනීමට සමත් විය. සුගතදාස පිටියේ නව ධාවන පථය



අදහස් (0)

ධාවන පථයේ අලූත්වැඩියාවට සුගතදාස කී‍්‍රඩාංගණය වසයි

නාලක Monday, 20 August 2012 02:38 PM

ඕනි නම් කොළ පාටටත් තියෙනවා. http://www.plexipave.com/track/colorizer.html (නි)

:       0       0

සිරා Monday, 20 August 2012 10:24 AM

කොමිස් වල ප්‍රතිපල.(ස)

:       0       0

ගමගේ Monday, 20 August 2012 10:51 AM

මොනවා හරි කියලා කමිටුවට දාවි...(ස)

:       0       0

සිසිර Monday, 20 August 2012 11:21 AM

ඕක ඉතින් සාමාන්‍ය දෙයක්නේ .කොන්ත්‍රාත් කරුවන්ගේ වැඩනේ....(ස)

:       0       0

යොහාන් Monday, 20 August 2012 12:50 PM

අයියෝ සල්ලී... අලි මදිවට කොටි කිව්වලු...(ස)

:       0       0

වරුණ Monday, 20 August 2012 01:19 PM

නිල් පාට ධාවන තීරු කළින් දැකලම නැහැ. (නි)

:       0       0

සිල්වා Monday, 20 August 2012 01:19 PM

මම පළමු වරටයි දැක්කේ නිල්පාට ධාවන පථයක්. මේවා රතුපාටට නේද සාමාන්‍යයෙන් තියෙන්නේ? (නි)

:       0       0

ජගත් Monday, 20 August 2012 10:41 PM

රටට මොනවා වුනත් කමක් නැහැ. කළගුණ සැළකීමට මේ පාරත් ඡන්දය දෙන්නකෝ. ලංකාවේ ඉන්නෙ අඳ - ගොලු - බීරි ජනතාවක් කියලා එතකොට මුලු ලෝකෙම දැනගන්නේ නැතෑ. අයියෝ සල්ලි! (නි)

:       0       0

ප්‍රසංග Monday, 20 August 2012 02:13 PM

ධාවන පථය නිල් පාට ඇයි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1652 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 722 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 244 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 344 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 154 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 105 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40001 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 227 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1302 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site