හම්බන්තොට ධිවර වරායේ ඉදි කිරීම් ප්‍රමිතියක් නැතැයි කියමින් සියයකට ආසන්න ධීවරයෝ පිරිසක් අද(12) උද්ඝෝෂණයක් ඇරැඹීය.
මුහුදු ගොස් ජැටියට එද්දී බෝට්ටුව පෙරැළී මිය ගිය ධීවරයාගේ සිරුරු සොයා ගැනීමෙන් පසු මෙම උද්ඝෝෂණය ඇරැඹුහ.
හම්බන්තොට ධිවර වරායේ ඉදි කිරීම් ප්‍රමිතියක් නැතැයි කියමින් සියයකට ආසන්න ධීවරයෝ පිරිසක් අද(12) උද්ඝෝෂණයක් ඇරැඹීය.
මුහුදු ගොස් ජැටියට එද්දී බෝට්ටුව පෙරැළී මිය ගිය ධීවරයාගේ සිරුරු සොයා ගැනීමෙන් පසු මෙම උද්ඝෝෂණය ඇරැඹුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත්ට ඕවා කරන්න වෙලාවක් නෑ එයාලට වැඩ(දිල්)
හම්බන්තොට ධිවර වරායේ මෝය කට ප්‍රමාණයෙන් කුඩා යැයි ධීවරයෝ කියති. දෙපස කළුගල් අතුරා ඇතැයි පැවසේ. වරායට ඇතුළු වන බෝට්ටු සුළඟට සහ රළ පහරට අසු වී මෙම ගල්වල වැදී පෙරලී විනාශ වන බවට ධීවරයෝ චෝදනා කරති. උපාලිට දැන්වත් තේරෙනවද ප්‍රමිතිය ? (නදී)
කොමිසමක් පත්කරන්න (දිල්)
මෙතන ප්‍රශ්නය කවුරු හරි ද කවුරු වැරදිද කියන එක නොවෙයි. කොමිස් කාක්කන් ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි, පාලම් ආදිය තනා ඒවා හිසමතට කඩා වැටී ජීවිත ගණනක් නැතිවූ පසුබිමක ඉඳලයි සත්‍යපාල වැනි අය තමන්ගේ වෘත්තීය දැනුම පාවිච්චි කරලා මේ තීරයට අදහස් ලියලා තියෙන්නේ. ඒ වගේ අදහස් ලියලා සාකච්ඡා කරලා තමයි වැරදි කරන අය හරි මගට ගන්න පුළුවන් වෙන්නේ. (නි)
සත්‍යපාල, බෝට්ටුව පෙරලීමේ හේතුව ජැටිය කියලා ඔබ කියනවා. මං කියනවා බෝට්ටුකරුවන් නිකරුනේ රජයට දොස්පවරනවා කියලා. අපි දෙන්නම හරි වෙන්නත්, වැරදි වෙන්නත් පුළුවන්. මං හිතන්නේ ආරියසේන තමයි මෙතැනදී හරි දේ කියන්නේ. කොහොමත් ඔබ සමග මම බොහොම අවස්ථා වලදී එකඟ වෙනවා. (නි)
වරයා තුළදී ඔරුව පෙරළුනා නම් වරායට සැඩ රළ පහර ඇතුළු වෙන නිසා ඔරු පෙරළෙන්නට පුළුවන්. එවිට වරායේ වැරැද්ද කියන්නට කෙනෙකුට හැකිය. වරායෙන් පිටතදී පෙරළුනා නම් එය මුහුද රළු නිසා මිස වරායේ ප්‍රමිතියක වෙනසක් නිසා වන්නේ කොහොමද? මේ දින වල මුහුද යාපනයේ සිට හම්බන්තොට දක්වා ඉතා රළු ස්වභාවයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. (නි)
මේකෙ ප්‍රමිතියෙන් තොර මොකක්ද්ද කියල නොදැන මට හරිහැටි අදහසක් ඉදිරිපත් කරන්න අපහසුයි, වරායද නැත්නම් ඔරුවද එහෙමත් නැත්නම් ඔරුව පදවපු තැනැත්තාගේ බල පත්තරය ද ?ඕකට හේතුව මේ තුනෙන් එකක් වෙන්න බැරිද.? (අ)
උපාලි,ඉදිකිරීම් ප්‍රමිතිය පිලිබදව මගේ දැනීම වසර 28ක්.මැදපෙරදිග,ජපාන,ජර්මානු,ඔස්ට්‍රලියානු සහ ඇමෙරිකානු සහ ජාත්‍යන්තර ඉදිකිරීම් ප්‍රමිතිය සහ තත්ත්ව පාලනය මගේ රැකියාව.අනිත් කරුණ ලංකාවේ කොන්ත්‍රාත් දීමේදී අඩුම ටෙන්ඩරයට නොදී දේශපාලන හිතවත්කමට ලැබෙන බව නොරහසකි.අඩුම වශයෙන් එලෙස ලබාගත් කටයුත්ත නිසි ප්‍රමිතියට කිරීමටවත් ඔවුන් මෙහෙයවිය යුතුය.වසර 100ක් පැවතිය යුතු ඉදිකිරීමක ප්‍රමිතිය 10% අඩු වූ විට එහි පැවැත්මද 10% අඩුවී වසර 90 පවතිනවා වෙනුවට සිදුවෙනුයේ පැවැත්ම 90% අඩුවීම හෙවත් වසර 10කින් විනාශවී යාමය. හොද ප්‍රමිතියක් තමන්ටත් රටටත් හැම වැඩකටමත් ලබාගැනීමට උත්සහකිරිම කොයිකාටත් හොදය.එබැවින් පක්ෂ විපක්ෂ සැම එක්ව මේවා වලක්වාගැනීම රජයටද කරන යහපතක් බව හැමදාම නොදැන කෑ ගසන උපාලිලාට කිසිදිනක නොවැටහීම රටේ කරුමයයි. (අ)
මම හිතන්නේ මේ දිවරයෝ දන්නවා ජැටියේ තත්ත්වය ඔයාට වැඩ හොදට නැත්නම් උද්ඝෝෂණය කරන්නේ නැහැනේ නේද? ඔයට එකවත් තේරෙන්නේ නැත්ද? (අ)
සත්‍යපාල අදහසට මම නම් එකග වෙනවා. අනික බෝට්ටු පදින අය තමා දන්නේ ජෙටියේ අඩුපාඩු . ගොඩ ඉඳගෙන තර්ක කලාට (දිල්)
කූටි කීයද?ලංකාවට පුදුම හෙනයක් ලබල තියෙන්නේ.(දිල්)
සත්‍යපාල.මොන ප්‍රමිතියට හැදුවත් ඔවාගේ පොඩ් පොඩි ප්‍රශ්න තියෙනවා අනේ (දිල්)
අර ගලේවත් හැපුනද? (නි)
හැමතැනම හොරකම වංචාව ,ඉතින් කොහොමද ? දියුනු වෙන්නේ? (අ) ??>
සත්‍යපාල, ඔබ ලියල තියෙන දේ තේරුම වත් ඔබ දන්නවද කියල සැකයි. යන්නේ කොහෙද ,මල්ලේ පොල්. මම නම් කවුරුවත් බේරන්නට අදහස් දාන්නේ නැහැ. හැම දේටම රජයට බැනවැදීම විලාසිතාවක් වෙලා. කිඹුහුමක් ගියත් රජය වැරදියි. බෝට්ටුව පෙරලුනෙත් රජයේ වරදින්, එහෙම නේද? "තමා වරදස නොදිස්නේ, මෙරමා දොස්ම දිස්නේ" කියල කිව්වේ ඔය නිසයි. (දිල්)
ධීවර ඇමති වියයුත්තේ ධීවරයාට හිතවත් ඔවුන්ගේ අදහස් වීමසන කාර්යක්ෂම කෙනෙක්.(දිල්)
ඔය සජිත් ගේ ගෝලයෝ වෙනද ඇති. ඇහුන්කන් දෙන්ඩ එපා. ඕව බොරු උද්ඝෝණ(දිල්)
උපාලි ඔබලා කරන මෝඩ තර්ක නිසා ඔබලා පෙනීසිට බේරාගැනීමට හදන අයට වන හානිය ඉතාමත් වැඩිය.මැදිහත් මිනිසුන් කුපිතකරවයි.අපි උත්සහකරන්නේ නැව නොගිලෙන්නට කල්තියා එහි ඇති හිල් පෙන්වා ඒවා නිසි ලෙස සකසාගෙන සාර්ථක ගමන්තයක් වෙත යාමටයි.උපාලිලා බන්දුල පෙරේරලා කරන්නේ සිදුරු සගවමින් බයිලා ගයමින් නැටීමය.නැව ගිලෙනවිට සියළුද දෙනා අතහැර පැන තනිව බීරෙන්නට හදන්නෙත් ඔබලාම බව දනිමි.ඔවැනි අය නිසා කිසිදා නොගිලෙනු ඇති සිතු ගිලුන නැවු අනන්තය.(දිල්)
මේවා කාට කියන්න ද (අ)
මිය ගිය පුද්ගලයාට දරුවන් .තුන් දෙනෙක් ඉන්නවා, දරුවන්ගේ අනාගතය අපිත් ශක්තිමත් වෙමු. ජීවිත ආරක්සක ඇදුම් නැතුව මුහුදු යාම තහනම් කළයුතුයි, රජය ආරක්ෂක ඇදුම් දිය යුතුයි (අ)
හැම තැනම වැඩ බාලයි (අ)
මොන වැඩේද දැන් ප්‍රමිතියෙන් හොද? (නි)
දැන් ඒ ගල නැහැනේ. ඒක එක්කෙනෙක් දියකර හැරියානේ... (නි)
ඒ කියන්නේ මොන හේතුවකට බෝට්ටුව පෙරලුනත් වරායේ ප්‍රමිතිය හරියට නැති නිසා තමයි එහෙම වුණේ? පුසා බෙරිහන් දෙනකොට අම්මා ඇහුවලු, "ඇයි ළමයෝ ඔය පුසාගේ වලිගෙන් අදින්නේ" කියලා. පොඩි එකා කියනවලු , "අම්මේ, මං උගේ වලිගෙන් අදින්නේ නැහැ. මං උගේ වලිගෙ උඩ නැගලා ඉන්නේ. ඌ තමයි වලිගෙ අදින්නේ" කියලා. වරද පවරන්න කවුරුහරි ඉන්නම ඕනෑ, නැද්ද මං කියන්නේ? (නි)