වැස්ස සහ තද සුළඟට හසුවී අනතුරට ලක් වූ බෝට්ටු වල සිටි ධීවරයන්ගෙන් දෙදෙනකුගේ සිරුරු ගිංතොට හා බලපිටිය වෙරළට ගොඩ ගසා ඇති බවත්, ධීවරයන් 15ක් පමණ අතුරුදන්ව ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.
බලපිටිය වෙරළට හිස් බෝට්ටු අටක් පමණ ගොඩ ගසා ඇත.
ධීවරයන්ගේ ඥාතීහු වැසිද නොතකා වෙරළට ගොස් සිටිති.
(ඡායාරූප ජනත් ද සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක අසරණ ධීවර සහෝදරයෝ පවු. අනිවාර්ය කළ ආරක්ෂක කබා වල තත්ත්වය මොකක්ද දැන්? (නි)
ගරු ජනපතිතුමනි සෑම ධීවරයෙකුටම ජීවිත ආරක්ෂිත ඇඳුමක් දෙන්න. (ස)
ආණ්ඩුවෙන් මේ මියගිය අයගේ පවුල් වලට සහනයක් දෙන්න ඕන. ඒක එකපාරට දෙන දෙයක් නෙමේ ජීවත්වෙන්න පුළුවන් එකක්. (ස)
මෙච්චර දියුණු තාක්ෂනය තියෙන ලෝකේ ලංකාවේ විතරයි ඒකවත් නැත්තේ, වෙන රටවල මේවගේ නරක කාලගුණය ළඟ එනකොට රටේ ජනතාව බොහොම සරල විදියට දැනුවත් කරනවා. අපේ රට කවද දියුණු වෙයිද දන්නේ නෑ අනේ අපොයි.(ස)
අහිංසක දරු පවුල් ජීවත් කරවන්න කරන දේවල් දැක්කම ඇස් වලට කඳුළු එනවා. සියලු දෙවි වරුන් මොවුන් ආරක්ෂා කර දෙත්වා.(ස)
විශ්‍රාම වැටුප් සටනුත් නෑ. වැටුප් වැඩිකරන්නෙත් නෑ. ජීවත ආරක්ෂකයන් තියා ආරක්ෂක කබාත් නෑ. රක්ෂණයක් නෑ. නැතිවුනාම දරුපවුලට වන්දියකුත් නෑ. රටේ දල දේශීය නිෂ්පාදනයේ ප්‍රධාන කොටස්කරුවන්....(ස)
වලක්වා ගන්න තිබුන මරණා.ඇයි අපේ කාලගුණ /නාවික හමුදා/ගුවන් විදුලිය මීට වැඩිය සංයෝගීව වැඩ කරන්නේ නැත්තේ.?(ස)
කෝ අපේ ලංකාවෙන් යවපු චන්ද්‍රිකාව? (නි)
ධීවරයෝ දන්නවා නේද මුහුදු රළ වැඩි වෙනකොට මුහුදට යන්න හොද නැහැ කියලා.අනේ මන්දා හරිම දුකක්. (නි)
ධීවර සොයුරන්ට,මාගේ සාතිශය කණගාටුව.මොවුන් වෙනුවෙන් නිසි බලධාරින්ගේ අවධානය යොමුවේවා! (නි)
හරිම අනුවේදනීය සිදුවීමක්. තෙරුවන් සරණින් විපතට පත් අයට සහනය සැලසේවායි අපි ප්‍රාර්ථනා කරමු. මියගිය අයට පින් පමුනුවන අතර ඔවුන්ගේ පවුල් වලට අපගේ සාතිශය සංවේගය මෙයින් පළකර සිටින්නෙමු. (නි)
කාගෙද වැරැද්ද? අහිංසක මිනිහටමයි හැම දේම. නිවන් සුව අත්වේවා ! (නි)
අපේ කාලගුන දෙපාර්තමේන්තුව තමයි නියම. අනාවෙකිය කියන්නේ සකලමනාවම ගහගෙන ගියාට පස්සේ. අඩු ගානේ ආසන්නව වත් කියනවනම් කමක් නෑ. කියන්නෙම අනිත් පැත්තමනේ.(නදී)
ධීවර සොහොයුරන් මේ වගේ විපතට පත්වෙන්නේ නැහැ හරි හමන් කාල ගුන අනාවැකි ලැබෙනවා නම්. පව් ඒ අසරණ පවුල්. මට නම් ඔය දෙපාර්තමේන්තුව වැහුවත් කමක් නැහැ.(නදී)
මාර පව්.(නදී)
අහිංසක මිනිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හොද නැහැ. කාලගුණ දෙපාර්තමේන්තුව නිදියගෙනද ඉන්නේ ? අහිංසක ජනතාවගේ සල්ලි වලින් පින් බත් කන්නේ නැතුව රටට සේවයක් කරලා පඩි ගන්න. එතකොටයි ගන්න පඩිය ගැන සතුටු වෙන්න පුළුවන්.(නදී)
දිට්ට ධම්ම වේදනීය කර්මය. දරු පවුල් රකින්න අහිංසක සතුන් ගේ ජීවිත නැති කිරීම හරිද? අහිංසක සතුන් ගේ ජීවිතය නැතිකරන්නන්ට මෙලොවදීත් එලොවදීත් විපාක විදීමට සිදුවේ. අහිංසක සතුන් මරන්නන්ට දෙවියනේ ආශීර්වාදය ලැබෙනවා? එහෙනම් ඒ දෙවියෙක් නොවෙයි, යක්ෂයෙක්. සියලු සත්වයෝ දුකින් මිදේවා!(නදී)
කාලගුණය කියන්නේ තත්පරෙන් වෙනස් වෙන දෙයක්.කිසිම දවසක කාලගුණය ගෙන කිසිම කෙනෙකුට අනවැකි කියන්ට බැහැ.ඇමෙරිකාවේ කොපමණ ගානක් මැරෙනවද සුලිසුලන් නිසා,ගංවතුර නිසා? මේකේ වැරැද්ද ආණ්ඩුව නෙමෙයි.මේ රැකියාවට යන මිනිස්සු තමුන්ගේ ජීවිත අවදානම් ගැන නෙමෙයි බලන්නේ, වැඩිපුර මාළු ටිකක් අල්ලගන්නේ කොහොමද කියලයි.අඩු ගානේ ප්ලාස්ටික් කෑන් එකක් වත් ගෙනියනවා නම් ජීවිතේ බේරගන්න පුළුවන්. (නි)
අනුෂ්කා එතකොට ඔයා එළ කිරි බොන්නෙත් නැතුව ඇති. වතුර බොන්නත් එපා. මොකද ජලයේ ක්ෂුද්‍ර ජීවින් ඉන්නවා උනුත් අහිංසක සත්තුනේ. වතුර උණු කරනකොට උන් කෝටි ගණනින් මැරෙනවා. (නි)
ජීවිතාරක්ෂක කබා නැද්ද මේ මිනිස්සුන්ට (දී)
අනුෂ්කා ඔයා ඔය කියපු කතාවට සමාව ඉල්ලන්න. මොකද ඒ මිනිස්සුන්ට කරන්න වෙන රැකියාවක් නැති නිසා ඔය රැකියාව කරන්නේ. නැත්නම් සතුන් මරන්න තියෙන ආසාවට නෙවේ. ඒ මිනිසුන්ගේ බඩගින්න නිවා ගන්නයි.(නදී)
මේ සියලු අඩු පාඩු වලට හේතුව රජයයි. මෙවැනි අහිංසක ජීවිත වලට වග කිව යුත්තේ රජයයයි.(නදී)
කරුණාකර මේ අහිංසක මිනිස්සුන්ට නිවැරදි කාල ගුණ අනා වැකි කියන්න (දී)
ඇත්තටම අපේ රටේ පව්කාරයෝ නිසා සොබාදහමෙනුත් අපට දඬුවම් දෙන්නේ. අපේ දුප්පත් මිනිසුන්ට සම්බුදු සරණයි. (ස)
මෙතරම් දැඩි කාලගුණ විපර්යාසයක් සිදුවෙද්දී කල්තියා අනාවැකියක් කීමට නුපුළුවන් වුයේද? (නි)
මිගිය ධීවරයින් වෙනුවෙන් වන්දියක් ,ජීවිත රක්ෂණයක් ලැබෙනවද? දැන් මේ පවුල් වලත්, අතුරුදන් වූ අයගේ පවුල් වලත්දරුවන් ජීවත් වෙන්නේ කොහොමද?වැස්ස,අව්ව,රාත්‍රිය,වාරකන්,ජීවිත අවධානම නොබලා කරන මේ බැරෑරුම් වෘත්තියේ වටිනාකම නොබලා තහංචි දමන රටේ වගකිවයුත්තන් ධීවරයින්ගේ වගකීම ගැනද සැලකිලිමත් විය යුතු වේ (නි)
පව් අහිංසක මිනිස්සු. දරු පැටව ජීවත් කරන්න නේ මේ ගියේ. (ස)
ලංකාවෙ කාළගුණ දෙපාර්තමේනතුව මොකට තියෙනවද දන්නේ නෑ. (ස)
කණගාටුදායක මරණයක්, නිවන් සුව පතමු. (ස)
අසරණ මිනිස්සු,මේ අයට අලුත් තාක්ෂනය අදුන්නලා දෙන්න ඇමති වරු දැන් වත් කටයුතු කරන්න ඕන, රටේ නිෂ්පාදනයට උරදෙන අසරණ මිනිස්සු ගැන මීට වඩා උනන්දු වන්න ඕනි. (ස)
කාලගුණ දෙපාර්තමේන්තුව තියෙන්නේ සුළි සුලන් වලට නම් දාන්න විතරමද? (නදී)
වේදනාවයි අපිට. හරිම වේදනාවයි. තරහත් යනවා මේවා දකිනකොට. සුනාමි අනතුරු සයිරන් ගහලා හරි මේ බව දන්වන්න තිබුණා නේද? අපරාදේ වටිනා නිර්භීත ජිවිත. (නි)
1. කාලගුණ දෙපාර්තමේන්තුව මිට වඩා සැළකිලිමත් විය යුතුයි. එසේම ධීවර දෙපාර්තමේන්තුවත්, ධීවර සමිතිත් කාලගුණ දෙපාර්තමේන්තුව සමග මීට වඩා කිට්ටු සම්බන්ධතාවයක් පැවැත්විය යුතුයි. 2. සියලුම ධීවරයන්ව රක්ෂණය කිරීමට යම් වැඩ පිළිවෙලක් රජය (ධීවර දෙපාර්තමේන්තුව ) විසින් ගත යුතුයි. 3. සෑම ධීවරයකුම මුහුදට යන්න ප්‍රථම ජිවිත ආරක්ෂක කබා රැගෙන යන්නට වග බලාගත යුතුයි. එම වගකීම ධීවර බෝට්ටුව පදවන (ස්කිපර්) කෙනා බාරගත යුතුයි. (නි)
ධිවර සහොදරයින්ට වුන විපත පිලිබඳ අපගේ සංවේගය. (ස)
ලංකාවේ කාලගුනේ තියෙන්නේ රටේ ලොක්කන්ට අනාවැකි කියන්න විතරයි නැතුව අනේ අපට නෙවේ .(නදී)
කෝ අපේ පෙර අනාවැකි? හරිම කණගාටුයි අපිට (නි)
මේ වගේ අහිංසක මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම්, නව තාක්ෂණය වගේ දේවල් හඳුන්වලා දෙන්න තියෙන සල්ලි වලින් අද මොකද වෙන්නේ? සමහර ඇමතිලාගේ පුත්තු මුද්දර එකතු කරනවා වගේ කෝටි ගණන් වටිනා කාර් එකතු කරනවා. ඒත් මේ වගේ අහිංසක මිනිස්සුන්ට කාගේ සරණක්ද? (නි)
අහෝ ,දෙවියනි !!මේ මොන අපරාදයක්ද ?..විපතින් අතුරුදන් උන අය නිදුකින් සොයා ගැනීමට ලැබේවා !!! මිය ගිය අයට නිවන් පුර රුවන් දොරටු විවර වේවා ! (ස)
ධීවරයන්ට අනතුරු කලින් දැනුම් දුන්නේ නැද්ද? (නි)
ඇයි අපිට මේ වගේ පොඩි දෙයක්වත් කලින් දැනුම් දීගන්න බැරි. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මේ විනාශය පිළිබදව කලින් දන්නන්න තිබුනා නේද? බොහොම කණගාටුදායකයි (නි)
මේවාට වග කිව යුත්තේ කවුද? (නි)
අනේ දුප්පත් මිනිසුන්ටමයි ඔක්කොම කරදර. මියගිය සැමදෙනාටම නිවන් සුව ලැබේවා. (ස)
කාලගුණ දෙපාර්තුමේන්තුව මෙම තත්වයන් පිලිබඳ කල් ඇතුව දැනුම් දුන්නද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. දන්නා කෙනෙක් ලියන්න මෙම පිටුවට. (නි)
පව් මේ මිනිස්සු..ධීවර සංස්ථාව,කාලගුන දෙපාර්තමේන්තුව මේ මිනිස්සු දැනුවත් කරන්නේ නැද්ද මුහුදේ ස්වභාවය ගැන.. (ස)
අසරණ මිනිස්සු... මිය ගිය සැමට නිවන්සුව පතමි. අතුරුදහන් වූ සියළුදෙනාට කිසි අනතුරක් ජීවිතයට නොවේවා ! (ස)