ශී‍්‍රලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීම නිසා ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන ඉන්දීයා ධීවරයින් ඉක්මනින් මුදා ගැනීමට හැකි නව වැඩපිළිවෙළක් ඇති කරන බව ඉන්දියාවේ ස්වදේශ අමාත්‍යංශය පවසයි.
‘‘ද හින්දු‘‘ වෙබ් අඩිවියේ දැක්වෙන පරිදි ශී‍්‍රලංකාවේ ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන ඉන්දිය මසුන් මරන්නන් ඉතා දිගු කාලයක් මුළුල්ලේ අත්අඩංගුවේ පසුවීම සැළැකිල්ලට ගෙන ඇති ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය දෙරටටම වැඩදායක වන සේ මෙවන් වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
ඉන්දියාව හා පාකිස්තානය අතර මෙවන් වැඩපිළිවෙලක් දැනට කි‍්‍රයාත්මකය.එයට අනුව ඉන්දීය වෙරළ සීමාවට අනවසරයෙන් ඇතුළු වන පාකිස්තාන මසුන් මරන්නන්ව ඉන්දීය ආරක්ෂක භටයින් අත්අඩංගුවට ගෙන පාකිස්තාන ආරක්ෂකඅංශ වලට වහාම භාර දේ.එලෙසම පකිස්තාන ආරක්ෂක අංශද පාකිස්තානයේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වන ඉන්දීය මසුන් මරන්නන් අත්අඩංගුවට ගෙන ඉන්දීය ආරක්ෂක අංශ වෙත භාර කරයි.
වැඩපිළිවෙළට අනුව දෙරටේ ආරක්ෂක අංශ අත්අඩංගුවට ගන්නා මසුන් මරන්නන් රදවා තබා ගැනීමක් සිදුනොකරන අතර අත්අඩංගුවට ගත්තවුන් වහාම දෙරට අතර හුවමාරු කර ගැනේ.
ඉන්දියාවේ වෑයම මෙවන් වැඩසටහනක් ශී‍්‍රලංකාවද සමග කි‍්‍රයාවට නැංවීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුනාට මෙයට දඩුවමක් තිබිය යුතුයි. තවත් රටක මුහුදේ මසුන් මැරීම නීති විරෝධී. හරි එවෙලේම බාර දෙමු. නමුත් මොවුන් අල්ලපු මාලු සහ ධිවර ආම්පන්න රාජ සන්තක කරලා. ඒක අපේ රටේ දුප්පත් අයට නොමිලේ ලබා දෙනවා. (ස)
ලංකාවේ ධිවරයින් ඉන්දීය වෙරළ සීමාවට කිසි දිනෙක ඇතුල් නොවන්නේ නම් එවිටත් ලංකාවේ අත් අඩංගුවේ සිටින ඉන්දීය ධිවරයින් භාරදිය යුතුද? නිකම් භාර දීමක් නොව සමාන සංඛ්‍යාවක් එක වර හුවමාරු කර ගත යුතුය. (ස)
අපේ පොල් වත්තට එහා වත්තේ එකා හැමදාම හොරෙන් පොල් කඩනවා. (දිල්)
ඊට වැඩ පහසු නැද්ද ලංකාවේ සීමාවට එන්න එපා කියන එක? (නි)
ලොවටම හිසරදයක් වූ මොවුන්ට අපි පමණක් 'ලොකු අයියා' යැයි කියමින් ආවඩමු (නි)
කෝ මේවාට විරුද්ධව කථා කරන්න කෙනෙක් නැද්ද? සිංහල මිනිස්සුන්ගේ නෙමෙයි, දෙමළ මිනිස්සුන්ට අල්ලන්න තිබෙන මාලු ටික මේ හොරු අල්ලාගෙන යන්නේ. ඉතින් ලංකාවේ දෙමළ මිනිස්සු වෙනුවෙන් කිඹුල් කදුලු හලන අයට පුලුවන්නේ මේක නවත්වලා ලංකාවේ දෙමළ මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ට කරන්න. බැරිවෙලාවත් දකුණේ මිනිස්සු උතුරේ මාළු ඇල්ලුවා නම් බලන්න තිබුණා තත්ත්වය. කවුරුවත් මේ ගැන කථා කරන්නේ නැහැ, ආණ්ඩුවට බැණ බැණ ඉන්නවා මිසක්. (නි)
ඔවුන් බෙහෙත් දී ඇත්තේ ඔවුන්ගේම හිසරදයට මිසක අපගේ ධීවර ජනතාවගේ හිසරදයට නොවේ. ජයලලිතා තමුන්ගේ ජනතාවට කන්න දෙන්නේ අපේ සම්පත් වුවත් අපටම මැර බලය පෙන්වයි. දැනට ඔවුන්ට නැත්තේ කන්න පමණක් වුවද තව දශකයක් යනවිට ජල හිගයට මුහුණ දීගන්නට නොහැකි වනවා නොඅනුමානය. එයට පිළිතුරු සොයනු ඇත්තේද මේ ආකාරයෙන්ම වේ. එම නිසා උතුරේ හමුදා ශක්තිය මෙන්ම දේශපාලන කොඳුඇටපෙලේ ද ශක්තිය වැඩිකළ යුතුව ඇත. (අ)
හුවමාරු කරනව නම් ප්‍රතිපලේ ඒකමනේ හරි ඊට භයානක හරි වේවි. මොකද ඉන්දියාවෙ වගේ හොරු මෙහේ නෑනේ. ඉදල හිටල යන 1ක් 2ක්. ඉතින් ඉන්දියාවෙ එවුන්ට හුවමාරු වෙන්න අවුරුද්දක් වත් බලං ඉන්න වේවි. (අ)
වඩේ.. වඩේ වඩේ වඩේ...(අ)
ඉන්දියාව කියන්නේ හරිම කපටි රටක්. හැමවෙලේම අපේ නායකයෝ බුද්ධිමත්ව වැඩ කළොත් තමා හොද. (නි)
තමන්ට වාසි වෙන විදිහට තමයි එයාල හැම බෙහෙතක්ම හදන්නේ, අතුරු අබාධ ගැන අපිට කල්පනාවෙන් ඉන්න වෙනවා.(දිල්)
කොහොමත් ඉන්දියාව කියන දෙයට හිස නමනවා. ඉන්දියාව ඔවුන්ට වාසි වන සෑම දෙයක්ම ඉදිරිපත් කලාම එය ඉස මුදුනින් පිළිගන්නවනෙ අපේ කට්ටිය.... (ස)
මාලු අල්ලන එකටත් වෙච්ච දේ? (නි)
ඉන්දියාවට ඕනෑ විදියට පුලුවන්ද ජාත්‍යන්තර මුහුදු සිමා නීති වෙනස් කරන්න?අහුවෙන සියල්ලෝම අධිකරණයට ඉදිරිපත් කරලා රු.100000ක දඩයකට යටත් කරලා දඩ ගෙවන්නේ නැත්නම් මස 6 ක සිර දඩුවමකට යටත් කරමු. (නි)
මම නම් හිතන්නේ ඉන්දියාව ගහන ගහන බෙර පදයට අපි නටන්න ඕනෑ නැහැ.අපේ රටේ නීතියක් තිබෙනවනේ ..... (නි)
ශිරාණි, ප්‍රශ්නයක් නැහැ.අරගෙන යන්නේ නැහැනේ (නි)