(අංජුල මහික වීරරත්න)

ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙස සියළුම ධීවර ප්‍රජාවට දැනුම් දෙන අතර පද්ධතියේ බලපෑම මත ලංකාව වටා වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

අද(26)කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලැබූ අවදානම් කාලගුණ නිවේදනය අනුව මෙතෙක් පැවති පීඩන අවපාතය මේ වන විට “ඔර්නබි” සුලිකුණාටුවක් දක්වා වර්ධනය වී ඇතැයි ද 

දැනට මෙම සුලිකුණාටුව උතුරු අක්ෂාංශ 15° 04' ත් නැගෙනහිර දේශාංශ 088° 09' ත් අතර පිහිටා ඇති අතර ඉදිරියේ දී තවත් වර්ධනය වෙමින් බටහිර දිශාවට බරව වයඹ දිශාවට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි.

මෙහි බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 10 න් ඉහල මුහුදු ප්‍රදේශවල සුලගේ වේගය පැයට කි.මී. 100 දක්වා හෝ යම් විටෙක ඊටත් වඩා වැඩි විය හැකි අතර මෙම සුලිකුණාටුවේ කේන්ද්‍රයේ සහ අපේක්ෂිත ගමන් මාර්ගයේ සිට හැකි පමණ ඈත්ව සිටින ලෙස මෙම ප්‍රදේශයේ දැනට රැදී සිටින ධීවර යාත්‍රා සදහා දැනුම් දෙන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.