IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


නැකතට හිසතෙල් ගාන්න ජනපතිත් එක්වෙයි

අලූත් අවුරුදු චාරිත‍්‍රානුකූලව හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පයාගල, මලේගොඩ ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී අද (16) පෙරවරුවේ පැවැත්විණි.

ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය ඉටුකරමින් අද පෙරවරු 10.41 ට යෙදුණ සුබ මොහොතින් බෙන්තර, වලල්ලාවිට දෙකෝරළේ ප‍්‍රධාන සංඝනායක මලේගොඩ නන්ද නායක හිමියෝ ජනාධිපතිගේ හිසතෙල් ගැල්වීම සිදුකළහ.

මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කරමින් ජනපති ප‍්‍රමුඛ ජනතාවට ආශිර්වාදය පළකළහ.

හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය ඉටුකිරීම සංකේතවත් කරමින් ජනාධිපතිතුමා විසින් විහාරස්ථාන භූමියේ රත් හදුන් පැළයක් රෝපණය කිරීම ද සිදුවිය.

ආයුර්වේද කොමසාරිස් එල්.එච්. තිලකරත්න මහතා අතින් ආයුර්වේද අත්පොත ජනපතිට පිළිගැන්වූ අතර ජයන්ති සිරිසේන ජනපති බිරිය, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, මහින්ද සමරසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ ඇතුළු මැතිඇමැතිවරු සහ ප‍්‍රදේශවාසීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

මේ අතර හගුරන්කෙත මාදන්වල රජමහා විහාරස්ථානයේ පැවති හිසතෙල් ගෑමේ අවස්ථාවට ද ජනපති අද එක්විය.

බෞද්ධ දර්ශනය මගින් පෙන්වා දෙන පරමාදර්ශයන් මත කටයුතු කරමින් නව අවුරුදු උදාවත් සමග යහපත් වෙනසකට යොමුවීම අවශ්‍ය බව ජනපති එහිදී සඳහන් කළේය. එම අවස්ථාවට එස්.බී.දිසානායක ඇමැතිවරයා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

mshisatel_2016417 mshisatel_20164172 mshisatel_201641723



අදහස් (0)

නැකතට හිසතෙල් ගාන්න ජනපතිත් එක්වෙයි

බෙනට් Sunday, 17 April 2016 08:19 AM

ඔබතුමාට සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

ඉද්දමල්ගොඩ Sunday, 17 April 2016 09:59 AM

මේ කට්ටියම දැන් රටට එපාවෙලා (නි)

:       0       0

ලලිත් Saturday, 16 April 2016 11:17 PM

අනේ මන්දා මෙතුමා මේ වෙලාවේ මොනවා දොඩවනවාද කියලා (නි)

:       0       0

මංගල වේලාරත්න Sunday, 17 April 2016 01:16 AM

මේවා හොඳ වැඩ. සුබ පැතුම්!  (නි)

:       0       0

මොරිස් Sunday, 17 April 2016 02:38 AM

චිරං ජයතු ජයපතිඳුනි! (නි)

:       0       0

උපාලි Sunday, 17 April 2016 09:27 PM

ඔබතුමාට සුබ අනාගතයක්! (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 17 April 2016 04:46 AM

ඔබතුමා ගැන අපිට ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා (නි)

:       0       0

රජින්ද Sunday, 17 April 2016 04:57 AM

මහින්ද මහත්තයාගේ පුවතට අදාළව අදහස් පනහකටත් වැඩිය තියෙනවා. ඒත් මේ පුවතට තියෙන්නේ තවම අදහස් ටිකයි. හුඟක් අයට මේ වෙන දේවල් ගැන කියන්න දේකුත් නැතිවෙලා වගෙයි. (නි)

:       0       0

දයාන් Sunday, 17 April 2016 05:28 AM

මේ රජය කරන දෙයක් නැහැ බලාගෙන ගියාම (නි)

:       0       0

බුද්ධි Sunday, 17 April 2016 05:30 AM

අපිටම දැන් අපි ගැන දුක හිතෙනවා. පරාජිතයෝ වැහිවැහැලා පාර්ලිමේන්තුවේ (නි)

:       0       0

පුලාරා Sunday, 17 April 2016 05:32 AM

අපේ රට ගැන පුදුම කළකිරීමක් මට නම් තියෙන්නේ (නි)

:       0       0

අංජලි Sunday, 17 April 2016 05:49 AM

ඔබතුමාට සෙත්වේවා! (නි)

:       0       0

සරත් Sunday, 17 April 2016 05:50 AM

තෙල් ගාන්න ඔලුවක් නැති අයත් ඉන්නවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 102 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 439 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 95 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 477 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 301 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 867 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25116 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site