IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


නංගිගේ පෙමට හරස් වු ප්‍රා.මන්ත්‍රී පොලීසියේ

ප්‍රේම සබඳතාවක් ඇතිකර ගත්තේ යැයි සිය නැගණියට දෑත් බැද අතින් පයින් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  කන්තලේ ප්‍රාදේශිය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයකු  හා ඔහුගේ සහෝදරයකු අත්අඩංගුවට ගත් බව  කන්තලේ පොලීසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  සමන් ඒකනායක නැමති මන්ත්‍රීවරයෙකි.

මන්ත්‍රීවරයාගේ 34 හැවිරිදි නැගණිය කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබන්නිය.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා හා  ඔහුගේ සහෝදරයා  සිය නැගණිය තමන්ට පහර දුන්නේ යැයි පවසමින් කන්තලේ රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ලබන බවද පොලීසිය පවසයි.

කන්තලේ පොලීසිය මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.    



අදහස් (0)

නංගිගේ පෙමට හරස් වු ප්‍රා.මන්ත්‍රී පොලීසියේ

අජිත් කරුණාරත්න Monday, 15 July 2013 06:40 PM

දයා අලහකෝන් , වැරදි උපදෙස් දෙන්න එපා. අද උදේ බියගම බණ්ඩාරවත්ත හන්දිය අසලදී ඔය වගේ තරුණ යුවලක් යතුරු පැදියකින් එනවිට සිදුවූ රිය අනතුරකින් තරුණිය එම ස්ථානයේදීම මියගියා. තරුණයා යතුරු පැදිය රැගෙන පලා ගියා. පසුව බියගම පොලිසිය යතුරු පැදිය අත් අඩංගුවට ගත්තා. සැකකරු සොයනවා. (නි)

:       0       0

ආනන්ද Monday, 15 July 2013 02:57 PM

අවරුදු 34 වෙලත් දීග නොගිය නංගිට උදවු කළයුතු වෙලාව. මෝඩකමට බෙහෙත් නැහැනේ (නි)

:       0       0

කපිල Monday, 15 July 2013 03:11 PM

මෙයාලා නංගිට මෙහෙමනම් අපිට කොහොම තියෙයිද? (ත)

:       0       0

කපිල Monday, 15 July 2013 03:12 PM

ආනන්ද හරියට හරි (ත)

:       0       0

අචිනි Monday, 15 July 2013 03:26 PM

නියමයි නාම යෝජනාවලට මතක තියා ගන්න.(නදී)

:       0       0

ෂෙරිෆ් Monday, 15 July 2013 08:17 PM

ලතවිල්ලට මංගල පෝරුවක් කොහේ.. සැනසිල්ලට දුරු රටකට යමුද නැගේ ... (අ)

:       0       0

පාරම් Monday, 15 July 2013 03:40 PM

නංගිට 34 වෙලත් විවාහයක් කරලා දීලා නැත්තේ දෑවැද්දක් දෙන්න වෙන නිසාද? දේශපාලකයෝ නෙවෙයි ඇත්තට මේ, දේශ පාලුවෝ. (නි)

:       0       0

පහන් මඩුගල්ල Monday, 15 July 2013 03:45 PM

34 වෙනකන් නංගිව ගෙදර තියාගෙන. ලැජ්ජයි අයියලා ගැන.බැරිමතැන නන්දා, ජිනදසට කැමති වුනා වගේ මේ නංගිත් කෙනෙක් හොයාගන්න ඇති .(පෙම්කල වරදට මටවද දෙන්නේ පෙම්කල සිතකින් නොවන නිසා , අයියන්ඩියේ මට සමාව දෙනු මැන ආදරයේ සුව දැනුනු දිනේ ) බාල බොලදියේ ඉස්සර සුරතල් වූ ... කවට සිනාකෙලි සගවා තැබුවාදෝ , නෙතු කදුලු වලින් බොරු නොකර ඉදින් මගේ පුංචි නගේ රවටා දෙගුරුන් .... (නි)

:       0       0

සරත් Monday, 15 July 2013 08:49 PM

"පෙම් කල වරදට මට වැඩ දෙන්නේ පෙම් කල හිතකින් නොවන නිසා!" (අ)

:       0       0

බන්දුල Monday, 15 July 2013 03:45 PM

ප්‍රාදේශීය සබාවේ හිටියට මෙයාලත් මනුස්සයෝ. ගෙවල් වල අඩ දබර හැළ හැප්පිලි දේපල ආරවුල් වෙන්නේ නැද්ද?අදහස් දාන්නේ හරියට මේ මිනිස්සු අමුතු සත්තු ටිකක් කියලා හිතලා වගේ.නංගී මොන අඩව්වක් ඇල්ලුවද කව්ද දන්නේ? අදහස් දාන අයගේ නංගිලා පහත් වැඩක් කලොත් ඔයාලා නිකන් ඉන්නවද? (නි)

:       0       0

කුමාර Monday, 15 July 2013 03:51 PM

අවුරුදු 34 ක් ගිහිල්ලත් තාම ආදරේ කරනවද? වෙලාවට විවාහ වුනා නම් ඔය ප්‍රශ්න නැහැනේ. අයියලගේ වගකීම ගහන එක නෙමෙයි. සුදුසු කෙනෙක් හොයලා දැන්වත් බන්දවන එක.මට නම් පෙනෙන්නේ වෙන ප්‍රශ්නයක් වගෙයි. පහන්ට මම එකගයි (නි)

:       0       0

වරුණ Monday, 15 July 2013 04:20 PM

අවුරුදු 34ක් වෙලා ගෙදරට නාකි වෙන්න බැරි නිසාත් ගෙදර අය මගුලක් කරලා දෙන්නේ නැති නිසා නංගි විසින් හොයා ගන්න ඇති තව ගෙදර හිටියොත් ඔච්චරයි කියල අයියල ඒකටත් බාල්දිය දාල හරියනවද? රෑට හීනෙන් කියනවා ඇති කවුරුන් කවදා මා කැන්දාගෙන යාදෝ කියලා. අයියල දන්නේ නැනේ ඕවා.(නදී)

:       0       0

විපුල Monday, 15 July 2013 12:59 PM

මේ මොකක්ද? (නදී)

:       0       0

තිලක් Monday, 15 July 2013 04:32 PM

පිස්සු කතා කරනවද මන්දා. නංගී බැදලා ගියොත් තාත්තගේ අන්තිම කැමති පත්තරයක් නැති බූදලෙන් කොටසක් එයාටත් දෙන්න එපායැ. ඒකයි ගෙදරට නාකි වෙන්න ඇරියේ.(නදී)

:       0       0

දයා අලහාකෝන් Monday, 15 July 2013 04:32 PM

නංගි ඔයාගේ පෙම්වතා සමග පැනලා යන්න (නි)

:       0       0

උපාලි Monday, 15 July 2013 01:03 PM

මේ සහෝදරයෝ දෙන්නට ඡන්දෙ දුන්න මිනිස්සු ඉක්මනට රෝහලට ගිහින් බැලුවොත් හොඳ නැද්ද? නංගිගෙන් ගුටිකාලා අසාධ්‍ය තත්වයේ ඉන්නවා නම් ලේ දෙන්න කවුරුහරි ගෙනිච්චත් කමක් නැහැ ඒ ගමන්. (නි)

:       0       0

තිසල් Monday, 15 July 2013 01:05 PM

නංගිගේ පෙම්වතා ලගදීම අතුරුදහන්විය හැකි බැවින් ඔහු වහාම ප්‍රදේශයෙන් පලායාම නුවණට හුරුය. (නි)

:       0       0

පුබුදු Monday, 15 July 2013 01:11 PM

පුවත් පතේ වෙනම කොටසක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා වෙනුවෙන් වෙන්කලොත් නරකද? හැමදාම අඩුම ගානේ එක්කෙනෙක්වත් ආදර්ශමත් පුවතක් ලබා දෙනවා. (නි)

:       0       0

නිශේන්ද්‍ර Monday, 15 July 2013 01:16 PM

මේ නංගි එසේ මෙසේ ගැහිල්ලක් නොවේ අයියලා දෙන්නට ගහලා තියෙන්නේ. පුදුමේ කියන්නේ අයියලා දෙන්නට අත් තිබිලා නැහැ, බේරගන්න කියලා කෑ ගහන්න කටක් තිබිලත් නැහැ. පවු දෙයියනේ දේශපාලන අයියා. (නි)

:       0       0

සිල්වා Monday, 15 July 2013 01:25 PM

මට පව් කියලත් හිතෙනවා

:       0       0

රන්දි Monday, 15 July 2013 05:06 PM

බන්දුල, ඔයත් ප්‍රාදේශීය සභාවක කෙනෙක්ද? එහෙම නැතිනම් ඔයාට කලු කුමාරයා වැහිලද? ලංකාවේ හැමෝටම විවිදා කාරයේ ප්‍රශ්න තියනවා. එත් මේ ප්‍රාදේශීය දේශපාලුවෝ හැමෝටම විනයක් නැතිව හෙළුවෙන් පාරේ දුවන එකනේ වැඩේ. දැන් කොහොමටත් නංගිගේ දීගේ හොදින් හෝ නරකින් සිදු වෙනවමයි.(නදී)

:       0       0

විජේසිංහ Monday, 15 July 2013 05:07 PM

34 වෙනකම් මොනවා කලාද මන්දා. 25 ට කලින් විවාහය අනිවාර්ය කරන්න. එතකොට තමයි අපිටත් සුළු ජාතිකයොත් එක්ක තරග කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් මේක තවත් පකිස්ථානයක් වේවි.(නදී)

:       0       0

තාරක Monday, 15 July 2013 01:40 PM

ලංකාව යන්නේ දැන් කණපිට (දී)

:       0       0

හරිත Monday, 15 July 2013 01:41 PM

පව් නේද ඒ දේශපාලන අයියල දෙන්නා. සැහෙන්න රිදෙන්න ඇති. අයියලාට ගහල නංගි එයාම අත්දෙක බැදගෙන එයාටම ගහගන්න ඇති. (නදී)

:       0       0

සරත් අතාවුද Monday, 15 July 2013 01:47 PM

මෙයා තරුණ කලේ ආදරය කරලා නැතුව ඇති ඒකයි ආදරයට බය.(නදී)

:       0       0

රණසිංහ ප්‍රේමලාල් Tuesday, 16 July 2013 02:37 AM

මේ ප්‍රාදේශීය සභාපති ඔල මොට්ටලයින් කාට හරි ගහලා ඉස්පිරිතාලේ නවතින එක විලාසිතාවක් වෙලා. ඡන්දේ දුන් අයටයි ගහන්න ඕනේ.(නදී)

:       0       0

ප්‍රසාද් Monday, 15 July 2013 01:49 PM

ලංකාවේ දැන් තිබෙන අති භයානකම වචන දෙක. ප්‍රාදේශීය සභා පළාත් සභා.(නදී)

:       0       0

අශාන් Monday, 15 July 2013 01:50 PM

සුළුවෙන් බෙර ගත්තේ නැත්නම් වැඩ වැරදි

:       0       0

ප්‍රියාන් Monday, 15 July 2013 01:55 PM

එයාලට සේරම දේවල් කරන්න පුළුවන්. මිනි මරන්න, කාන්තාවන් දුෂණය කරන්න, බාල අපරාද කරන්න. හැබැයි මෙයාලගෙන් වෙන්නේ නැත්තේ මහජන සේවය විතරයි. (නදී)

:       0       0

ලුම්බිණි Monday, 15 July 2013 01:55 PM

මට ඌ ගහනවා ඌ මට ගහනවා. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 15 July 2013 02:09 PM

එක කුස උපන් නංගිට මෙහෙම ගැහුවා නම් පිට එකෙක් ගැන හිතාගන්න පුළුවන් නේද ? මේ මුළු පළාත් සභා ක්‍රමයම අතුගාලා දාන්න ඕනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 254 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 357 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 229 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 877 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 1507 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 4260 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37542 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24737 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 254 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site