ලොව පුරා මුස්ලිම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති. නබි නායකතුමන් ඉස්ලාම් ධර්මය ලොවට හඳුන්වා දුන් දිනය අනුස්මරණය කිරීම මේ උළෙලේ අරමුණයි.
හජ් යන අරාබි වචනයේ තේරුම වන්දනාවයි.
සෞදි අරාබියේ මක්කම වන්දනාවේ යෑම ඉතා උතුම් කාර්යයක් සේ සැලකේ.
නබි නායකතුමාගේ පරිත්‍යාගශීලිත්වය සැමරීමට අමතරව සියලු ජාතීන් අතර සමානාත්මතාව හා සරල ගති පැවතුම් අවධාරණය කිරීමේ මේ හජ් වන්දනාවේ තවත් අරමුණකි.
අම්පාරේ ඉරක්කාමම් සේගු ඉසදීක් ක්‍රීඩාංගනයට රැස්වූ ඉස්ලාම් බැතිමත්හු අද හජ් වන්දනාවේ යෙදුනාහ.
(ඡායාරූප වසන්ත චන්ද්‍රපාල)
අකුරණ අස්හර් ජාතික පාසැල් ක්‍රීඩාංගණයේදී යාඥා මෙහෙය (ඡායාරූප මොහොමඩ් ආසික්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එසේම වේවා ඔබ සැමට ...!!! ජෝන්ටත් (ස)
අපේ සිංහල සහෝදරයන් වැඩි පිරිසකගේ හොඳ ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි. (ස)
වැරදි දෙයට වැරදියි කියන්න ඕනෑ. ආගමේ නාමයෙන් බිලිපුජා තබන එක වැරදියි. (නි)
මිනිසුන්ගෙන් දෙවියෝ බලාපොරොත්තු වෙන්නේ මෙය නොවෙයි. (නි)
අනුන්ගේ ජීවිත බිලිගෙන සමරන උත්සවයකට සුබ පැතීම පාප ක්‍රියාවකි. ජීවිත පුදදුන් සියලු සතුන්ට අපගේ ප්‍රණාමය.දෙවියනි මිනිසුන්ගේ ඇස් පැදීමට ඔබ නැවත පැමිනෙත්වා..(නදී)
මම මෙය දකින්නේ විසාල අවමංගල උත්සවයක් ලෙසයි . මේ උත්සවය වෙනුවෙන් ජීවිත දුන් සතුනට නිවන් සුව ලැබෙවා!.(නදී)
සතුන් මරා දිව්‍ය ලෝකෝ යන්න බැහැ , යන්නේ අපායට, දිව්‍ය ලෝකේ ඉන්න හැමෝම ගොඩක් කුසල දර්ම කර ගිය අය . මෙය තේරෙන්නේ මරණින් මතු පමණයි. .(නදී)
සතුන් නොමරා , හජ් සැමරුවා නම් හොදයි (නි)
අපේ සිංහල සහෝදරයන් වැඩි පිරිසකගේ හොද ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි. (නි)
මාත් මුස්ලිම් ආගමට ගරු කරනවා.සුභ හජ්ජි මංගල්‍යයක් වේවා !!!! (ස)
වෙලාවට ප්‍රභා මල්ලි නැත්තේ, නැත්නම් පෙන්වනවා තරම. (ස)
සුබ හජ්ජ් මංගල්‍යක් වේවා..(කුර්බාන් නැති) (ස)
අපොයි දෙයියනේ! දැන්වත් අපේ සිංහලයන්ගේ ඇස් කන් පෙනේවා! (නි)
හජ් සමරන්නේ ඒබ්‍රහම් නබිතුමාගේ පරිත්‍යාග සිහිකිරීම වෙනුවෙන් නේද? (නි)
අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ මම බෞද්දයක් වුණාට මුස්ලෙම් ආගමට ගරුකරනවා ..(අ)
තව ටික දවසකින් කියන්න වෙන්නේ ශ්‍රී ලංකාව නබි තුමාගේ දේශයයි කියලයි. අපොයි දෙයියනේ දැන්වත් අපේ සිංහලයන්ගේ ඇස් කන් පෙනේවා. ඔය ඔක්කොම සාම කතා ලංකාවේ බහුතරය එයාො වෙනකම් විතරයි. ඊට පස්සේ අපේ මෝඩයන්ට වෙන්නේ එයාල දාන සෙල්ලම් බලාගෙන ඉන්න විතරයි. (ස)
සියලුම මුස්ලිම් සහෝදර සහෝදරියන්ට ප්‍රීතිමත් හජ්ජි මංගල්ලයක් වේවා, (ඉනාඩ් ආලයිකුම් ) (ස)
'මෙකා' උතුම් ස්ථානය සිත් ගන්න.. ලක්දිව දස දිගින් විත් එක්වී ඉන්න.. හජ්ජි උළ්‍ලෙ බැතියෙන් යුතු සමරන්න.. බැතිමත් සැමට දෙවි සරණය ලැබ දෙන්න.. (ස)
ලංකාව සෞදි වෙලා. (ස)
ලංකාදීපෙට ස්තූතියි. අපිට සුභ පතපු හැම සහෝදර සහෝදරියකටම ස්තූතියි. ශ්‍රී ලංකාවෙ සිටින සෑම සහෝදර සහෝදරියකටම සාමය හා සෞභාග්‍ය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. (ස)
මුලින්ම කියන්නම් සුබ හජ්ජි මංගල්‍යක් වේවා! මුස්ලිම් හිතවතුනි අප ඔබලාට තේරුම් කර දීමට යන්නේ සතුන් මරන්න එපා යනුවෙනි........ අල්ලාහ දෙවියන් කියා තිබේ ද සතුන් මරන්න කියලා ......... අපේ ජාති භේදයක් නෑ මොකද දන්නවද ? අපේ ආගමේ විදියට සියලු දෙය අනිත්‍යයි. ඔයාලත් හැදෙන්න මෙය කාරුණික ඉල්ලීමක්. (ස)
අපේ සිංහල සහෝදරවරුන්ට ස්තුතියි. (ස)
හැබැයි අහිංසක සත්තු මරණ එක වහාම නවතන්න ඕනේ. දානේ දෙන්න වෙන ක්‍රම තියනවා. මොකද අල්ලාහ් මස් වැද්දෙක් නෙමෙයි නේ! (ස)
මචෝ ඉරංග, අදවත් ඔය ජාති වාදෙ නවත්වන්න කරුණකර. (ස)
මොකක්ද ඉරංග ඔයා දාලා තියෙන අදහස? හජ්ජි උත්සවයට ජාතියක් විදියට අපි සුභ පතමු.මුස්ලිම් සහෝදරවරුනි ඔබලාට සුභ හජ්ජි මංගල්‍යයක් වේවා !!! (ස)
ලෝකෙට සාමේ ආගම කියල එකක් බිහිවුන දවසලු... බලන්නකො මේ ආගම තියෙන්නෙ කොහේද එහේ සාමේ... හපොයි මාලු.... “මට නං නිකං පිස්සු වගේ අයියා“ (ස)
අප සියලු ජාතින් අතර සමාදානයත් ආශීර්වාදයත් අපට ලැබේවා... (ස)
අහිංහක සතුන්ගේ ජිවිත අවසාන වන දවසක්. (ස)
බොහොම ප්‍රීතිමත් හජ් මංගල්‍යයක් වේවා! හැබැයි කුර්බාන් එපා! එපා!! එපා!!! (ස)
මුස්ලිම් ජනතාවට සුබ හජ්ජි මංගල්ලයක් වේවා . [ ඊද් මුබාරක් ] (ස)
සියලුම මුස්ලිම් බැතිමතුන්ට ප්‍රීතිමත් හජ්ජි මංගල්‍යක් වේවා !!!!! (ස)