IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


නොගැළපෙන කොල්ලා කරන් ජෝහාර්...

2017-01-13-ent-01

ඔහු සම්මානනීය අධ්‍යක්ෂවරයෙකි. නිෂ්පාදකවරයෙකි. දක්ෂ තිර රචකයෙකි. නළුවෙකි. රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙකි. රියැලිටි වැඩ සටහන්වල විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකි. එහෙත් කොතැනක හෝ කුමක් හෝ වැරදීමක් සිදුව තිබේ. නොගැලපෙන කොල්ලෙක් ලෙසින් ඔහු තමාවම හඳුන්වා ගන්නේ එම නිසාය.

2017-01-13-ent-03කරන් ජෝහාර් නම් වූ මෙම අසාමාන්‍ය මිනිසා සිය ජීවිත කතාව ලියමින් ග‍්‍රන්ථ කතුවරයෙකු ලෙසද දොරට වඩින්නේය. ඔහු මෙම පොත නම් කර ඇත්තේ ඇන් අන්සූටබල් බෝයි යනුවෙනි. මෙහි සහාය කර්තෘ පුනාම් සැක්සේනාය.

කරන් ජෝහාර් උපත ලද්දේ 1972 මැයි 25 දාය. ධර්ම ප්‍රොඩක්ෂන්ස් නිර්මාතෘ යාෂ් ජෝහාර් ඔහුගේ පියාය. මව හිරා ජෝහාර්ය. ඔහු ඉගෙනුම ලැබුවේ ග‍්‍රීන්ලෝන්ස් උසස් විද්‍යාලයේය. එච්.ආර්. විශ්වවිද්‍යාලයෙන් වාණිජ සහ ආර්ථික විද්‍යා උපාධියක් ලැබුවේය.

ඔහු අධ්‍යක්ෂවරයෙකු ලෙස දොරට වැඩියේ කුච් කුච් හෝතාහේ චිත‍්‍රපටයෙන් 1988 දීය. ඉනික්බිති කභි කුෂි කභි ගම්, කභි අල්විදා නා කැහැනා, මයි නේම් ඊස් බොන්, ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්, කල් හෝ නාහෝ ඇතුළු චිත‍්‍රපටි රැුසක් නිර්මාණය කළේය. මේවායින් අලූත් නළු නිළියන් රැුසක් බිහි වූ අතර සමහර චිත‍්‍රපටි ඉන්දියාවේ පමණක් නොව ලෝකයේ නොයෙක් රටවල ආදායම් වාර්තා තබමින් ප‍්‍රදර්ශනය වූයේය. රොමන්ටික් චිත‍්‍රපටි රජු ලෙසද ඔහු විරුදාවලි ලැබුවේය.

දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ චිත‍්‍රපටියේ ෂාරුක් ඛාන් ගේ මිතුරෙකු ගේ චරිතය රඟපාමින් ඔහු නළුවෙකු බවට පත් වූයේය. ඕම් ශාන්ති ඕම්, ෆැෂන්, ලක් බයි චාන්ස් චිත‍්‍රපටිවල සුළු චරිත රඟපෑවත් බොම්බේ වෙල්වට් චිත‍්‍රපටියේ ප‍්‍රධාන විරුද්ධවාදියාගේ චරිතය රඟපෑවේය.

සිනමාවට සම්බන්ධ සියලූ දෙනාටම සහභාගී විය හැකි ජනප‍්‍රිය රූපවාහිනී වැඩ සටහනක් වන කොෆීවිත් කරන් ඔහු ඉදිරිපත් කරන්නේ ඔහුටම ආවේණික ශෛලියකටය.

කෙසේ වුවත් කරන් ගැන පැතිර ඇති ජනප‍්‍රිය කටකතාව නිසා බොහෝ දෙනෙක් ඔහු දෙස වපරැුසින් බලති.

කරන් ජෝහාර් සමලිංගිකයෙක්... ෂාරුක් ඛාන් එක්කත් සම්බන්ධයක් තිබ්බා.

විදුලි වේගයෙන් පැතිර ගිය ඒ කටකතාව විසින් තමා අපහසුවටත් වේදනාවටත් පත් කරන ලද බැව් කරන් පවසයි.

‘‘ඇත්තටම ෂාරුක් ඛාන් කියන්නෙ මට වැඩිමල් සහෝදරයෙක් වගේ. ඔහු තුළින් පළවෙන්නේ තාත්තා කෙනෙකුගෙ ප‍්‍රතිරූපයක්. ඉතින් ඒ වගේ කෙනෙක් සම්බන්ධ කරලා කටකතා හැදුණාම කාටද ඉවසන්න පුළුවන්. දවසක් වැඩ සටහනකදී නිවේදකයා මගෙන් මේ ගැන ඇහුව්වා. ඔහු වචන හසුරුවපු විලාසය මාව හොඳටම කෝපයට පත් කෙරුවා.’’

‘‘ඔයා ඔයාගෙ අයියත් එක්ක නිදා ගන්නවද කියල මං ඇහැව්වොත් ඔයාට කොහොමද දැනෙන්නේ....?’’

මං එහෙම අහනකොට නිවේදකයා හොඳටම කලබල වුණා.

ඔයා මොනවද මේ කියන්නේ... ඔයා කොහොමද මගෙන් ඔය වගේ ප‍්‍රශ්නයක් අහන්නේ...? ඔහු මගෙන් ඇහැව්වේ තරහින්. එතකොට ඔයා කොහොමද මගෙන් ඒ ප‍්‍රශ්නෙ ඇහැව්වේ....? මං අහනකොට ඔහු නිහඬ වුණා....

කරන් ජෝහාර් ඔහුගේ ජීවිත කතාවේ එසේ සඳහන් කර තිබේ.

ඔහු සමලිංගිකයෙකුද නැද්දැයි හැමදෙනාම නගන ප‍්‍රශ්නයට පිළිතුරු ඇත්තේ මේ පොතේ බවත් ඔහු පවසයි.

මගේ ලිංගික හැඩගැස්ම මොන වගේද කියලා හැම දෙනාම දන්නවා. මට ඒක කෑ ගහල කියන්න වුවමනාවක් නෑ. එහෙම වුවමනාවක් තිබ්බත් මම ඒක නොකරන්නෙ වෙන කිසිම හේතුවක් හින්දා නොවෙයි. මම ජීවත්වෙන්නෙ ඒ වගේ දෙයක් හෙළිදරව් කළොත් මාව බන්ධනාගාරයට නියම කරන විදියෙ රටක හින්දා විතරමයි.

කරන්ගේ එම එඩිතර ප‍්‍රකාශය සියලූ දෙනාගේම ඇස්බැමි පුදුමයෙන් ඉහළ නංවන්නට සමත් වී ඇත.

මාව එහෙම පිටින්ම විනාශ කළේ ට්විටර් වෙබ් අඩවිය. අශෝභන, හිත රිද්දන පණිවිඩ 200 ක් වත් නැති දවසකට හිරු උදාවුණොත් ඒක ලෝක පුදුමයක්. ඇත්තටම මේ රටේ සමලිංගිකත්වය හඳුන්වන පෝස්ටර් පින්තූරයක් ගණනට මාව වැටිලා. ඒත් මිනිස්සු කරන කියන දේවල් මම ප‍්‍රශ්නයක් කර ගන්නේ නෑ. බුද්ධියක්, අධ්‍යාපනයක් නැති මෝඩ මිනිස්සු කියන දේවල්වලට ප‍්‍රතිචාර දක්වලා උසාවියේ ලගින්න යනවට වැඩිය කරන්න හුඟාක් වැඩ මට තියෙනවා.

දිනක් කරන් ජෝහාර් හීත්‍රෝ ගුවන් තොටුපළේ සිටියදී එක් මිනිසෙක් ඔහු වෙත ආවේ බිරිඳ හා දරුවාද සමගිනි.

ඇත්තද ඔයා සමලිංගිකයෙක් කියන්නේ.?

ඔහු අවඥාසහගතව ඇසුවේ කරන් අපහසුවටත් කෝපයටත් පත් කරවමිනි.

ඔව්. මම එහෙම තමයි... මොකද කියන්නේ.....? කැමතිද මට..?

කරන් විමසද්දී මිනිසා අන්දමන්දව වටපිට බැලීය.

ඒයි.... මොනවද...? මොනවද....? මිනිසාට එතැනින් එහාට කතා කරගත නොහැකි වූයේය. ඔහුට ගල් ගැසී සිටින්නට ඉඩ හැර කරන් එතැනින් ඉවත් වී ගියේය.

මෙබඳු අවස්ථා රැුසකට කරන් මුහුණ දී තිබේ.

ෂාරුක්ට හා ඔහුට මොන තරම් කටකතා හැදුණත් ෂාරුක් ඒවාට ප‍්‍රතිචාර දක්වන්නේත් විනෝදකාමී ලෙසටය.

දවසක උදේ කරන් ජෝහාර් වෙලා නැඟිටින්න වුණොත් මොකද කරන්නේ....

කොෆි විත් කරන් වැඩ සටහනකදී ෂාරුක් ගෙන් විමසනු ලැබිණි.

මම නැගිටින්නේ කරන් ජෝහාර් වෙලා නෙමෙයි... කරන් ජෝහාර් එක්ක....

ෂාරුක් සිනාසෙමින් කීවේය. එය ඕපා¥ප පතුරවන්නන්ට හොඳ අතුල් පහරක් විණි.

ලිංගික සම්බන්ධයක් යනු අතිශයින් සමීප මෙන්ම අතිශයින් පෞද්ගලික දෙයක් බැව් කරන් ඔහුගේ ජීවිත කතා පොතේ සඳහන් කර ඇත. එහෙත් ඔහු ඒ ගැන කතා කරන්නේ ඉතා විවෘතවය.

සාමාන්‍යයෙන් එක්තරා වයසකදී ළමයි ලිංගික කාරණා ගැන උනන්දු වෙනවා... ඒත් ඒ වයසෙදී මම සම්පූර්ණයෙන්ම පසුගාමී කෙනෙක්... යාළුවෝ කතා කරන සමහර දේවල් මම අහගෙන හිටියෙ පුදුමයෙන්’’

ඔහු කියයි.

ඔහු කුමර බඹසර බිඳ ගත්තේ අවුරුදු 26 දී ඇමරිකාවේදීය. එහෙත් එය ආඩම්බරයට හේතුවක් නොවන බව ඔහුගේ අදහසය.

ඒ වෙනකොටත් මට ලිංගික කරුණු පිළිබඳ කිසිම අත්දැකීමක් තිබුණෙ නෑ. එහෙම අත්දැකීම් ලබා ගන්නවට වැඩිය දාහක් දේවල් මගේ ඔළුවෙ තිබුණා. කුච් කුච් හෝතාහේ. දිල්වාලේ දුල්හානියා ලේ ජායෙංගේ චිත‍්‍රපටි නිර්මාණය කරපු කාලෙ මම දැවැන්ත සිරුරකට හිමිකම් කිව්ව කෙනෙක්.

ප‍්‍රිය මනාප පෙනුමක් තිබුණෙම නෑ. ඊට පස්සේ තමයි මම මගේ පෙනුම ගැන සැලකිළිමත් වෙන්න පටන් ගත්තේ. ඊට පස්සෙ මගෙ හිතේ මං ගැන විශ්වාසයක් ඇතිවුණා. කුච් කුච් හෝතා හේ තිරගත වෙලා ටික දවසකට පස්සේ පිටරටක දී තමයි මම පළමුවෙනි ලිංගික අත්දැකීම ලැබුවේ... ඔහු කියයි.

මිනිසුන් අසන බොහෝ ප‍්‍රශ්නවලට ඔහු දී තිබෙන්නේ විවාදයට තුඩු දෙන ආකාරයේ පිළිතුරුය. ඒ සියල්ල ඇන් අන්සූටබල් බෝයි පොතෙන් කියවා බැලීමට පුළුවන.

මම හුඟාක්ම ආදරේ කරන්නේ මගේ අම්මට. මට හැදෙන කටකතා අම්මගෙ හිත රිද්දනවා කියලා මං දන්නවා. ඒත් මං කියන්නෙ ඒවා අහලා හිනාවෙලා අමතක කරන්න කියලා විතරයි.

 

චන්දි කොඩිකාර

 

2017-01-13-ent-02



අදහස් (0)

නොගැළපෙන කොල්ලා කරන් ජෝහාර්...

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 210 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1892 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3518 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 568 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1595 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 11005 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site