අනුරාධපුර, නාච්චාදූව මොහිදීන් ජුම්මා මුස්ලිම් පල්ලියේ කාරක සභාව නාච්චාදූවේ පන්සල් දහයක වැඩ සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලා ජුම්මා පල්ලියට වැඩම කර දහවල් දානය පිරිනැමීය.
පහළොස් දෙනෙකුගෙන් සමන්විත මොහොමඩ් ජුම්මා පල්ලියේ කාරක සභාවේ නියෝජිතයෝ අලුයම සිටම ඔවුන්ගේ අතින්ම දානය සකස් කිරීමෙන් අනතුරුව පෙරවරු එකොළහ පමණ වනවිට වියන් බැඳ මහා සංඝරත්නය ඉස්ලාම් බැතිමතුන් විසින්ම ජුම්මා පල්ලිය වෙත වැඩම කරවනු ලැබුහ.
ඉඹුල්මල්ගම සෝමානන්ද හිමියෝ බෞද්ධ ආගමික වතාවත් ද ෆයිරූස් මව්ලවිතුමා මුස්ලිම් ආගමික වතාවත් ද ඉටු කළහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම අගය කලයුතු කාලෝචිත ක්‍රියාවක්. මව්බිමේ ඒකීය භාවය වෙනුවෙන් ආගමික භේද පසෙකලා එක්සේසත් වීම අපි ඉහළින් අගය කරමු. (දිල්)
චේතනාව හොඳ නම් ගොඩක් උතුම් වැඩක්. (නි)
අගය කළ යුතු වැඩක් (නි)
ජාතින් අතර සංහිඳියාව දියුණු කරන මෙවැනි උතුම් කටයුතු අගය කළ යුතුය (නි)
මරුනේ (දී)
මේ වගේ ඉන්න බැරි ඇයි (දී)
අපේ කට්ටියගේ අදහස් අගය කරනවා (නි)
මෙන්න මේකටයි ආගමික සහජීවනය කියන්නේ (නි)
ජාතික සමගියට හොඳ අත්වැලක් (නි)
මෙවන් දේවල් තව තවත් දකින්න ලැබේවා! (නි)
මෙහෙම දේවල් දකින්න දෑස් පින් කර තිබෙනවා (නි)
දකිනකොටත් ආසයි (නි)
ඇයි හැමදාම මෙහෙම ඉන්න බැරි අපිට? (නි)
හරිම සතුටුයි අපිට (නි)
හොඳ වැඩක් රටටම ආදර්ශයක් (නදී)
ඉතාම ආදර්ශමත් ක්‍රියාවක්. ආගමික සහජීවනය අවංකවම අගය කරනවා. තමන්ගේ ආගමට වගේම අන්‍යාගමිකයන්ටත් ගරු බුහුමන් දැක්වීම කොච්චර වටිනවද (නදී)
හිතට එන වචන කියල නිමකරන්න බෑ. මෙයයි සිදු විය යුත්තේ. (නදී)
ගොඩක් අගය කරන්න ඕන උතුම් කටයුත්තක්. (නදී)
ඇත්තටම වෙන්න ඕනා මේකම තමයි. මේ පුංචි රටට ආගම් භේදයක් වැඩක් නැහැ (නදී)
මේ වගේ වැඩ හොදයි (දිල්)
මා ලාංකිකයෙක් වශයෙන් දකින ඉති දුර්ලභ අප රටට අත්‍යාවශයෙන්ම වැදගත් කාලෝචිත උතුම් කට යුත්තක්. අපට රටක් වසයෙන් නැගී සිටින්නට ඔබ සමග මේ ගන්න උත්සාහය සදා කල් වැජබේවා (නදී)
පොලිසියේ මහත්වරු තොප්පිය ගලවාගෙන නියම විදියට ඉන්නවා. එත් දානය බෙදන අය තොප්පි ගෙන බෙදනවා. තව ටික දවසකින් මේ පුරුද්ද සිංහල බෞද්දයන්ටත් බෝවෙයි. එම නිසා මේ වෙලාවේ දානෙට අපු දැනුම් තේරුම් තියෙන කෙනෙක් කියල දුන්නා නම් හොදයි හාමුදුරුවෝ කෙනෙක් ඉස්සරහ හිස් වැසුම් පලදින්නේ නැ කියලා. (නදී)
පෙරලා යහපත් ප්‍රතිචාර දැක්වීමද ඉතා වැදගත්. එලෙස අපට සැමදාම මේ සබැඳියාව තබා ගැනීමට පුළුවනි. අන්ත වාදය අතහැර අප සියලු ආගම වලට ගරු කල විට එය පෙරලා ලැබේ. (නදී)
අන්න වැඩ (දී)
සුභපැතුම් (දී)
එක පාරටම මොකද මේ (දී)
බොහොම සතුටුයි (නි)
ඉතාමත් කාලෝචිත උතුම් කාර්යයක් (නි)
ජයවේවා! (නි)
මේක තමයි වෙන්න ඕනේ (දී)
සුභපැතුම් (දී)
ඇති යන්තන් එම ප්‍රශ්නෙත් එවරයි .....දැන් අපි අතර ආගම් බේද නැහැ (දී)
මෙහෙම යමුකෝ එකමුතුව ඉදිරියට (දි්ල්)
මොනතරම් අලංකාරද, මෙය හැමෝටම ආදර්ශයක් වේවා.(දිල්)
අගය කළයුතු ක්‍රියාවක්. (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
ඉතා යහපත් උසස් කාර්යයක් (නි)
මෙවැනි දේවල් දිගින් දිගටම අපිට දකින්න ලැබේවා! (නි)
යහපතක්ම වේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)
හැමදාම මෙහෙම නම් අපි ඔක්කොම සතුටින් (නි)
ඇත්තටම කියන්න වචන නැහැ.කරනවා නම් ඔන්න වැඩ. ඔබ සැමට තෙරුවන් සරණයි! (නි)
අපි හැමදාම මේ වගේ එක පවුලේ සහෝදරයින් ලෙස ජීවත්වෙමු. මට ශ්‍රී ලාංකිකයෙක් විදිහට හරිම සතුටුයි (නි)
මට බොහොම සතුටුයි (නි)
අර බල සේනාව හොඳට ඇස ඇර බලනු (අ)
බලසේනාවට අහු උනානම් ඉවරයි (අ)
එකම රටක එකම ජාතියක් ආගම වෙනුවෙන් භේද බින්න නොවී එකමුතු වෙන එක කොච්චර ලස්සනද? මුතු වලින් වටිනාම මුතු එකමුතු කියනවා වගේම ඒ එකමුතු කම නැත්නම් කම්මුතු වෙනවලු! ඉතාමත් ආදර්ශමත් දෙයක්! මෙය සංවිධානය කළ අයටත් සහභාගී වූ අයටත් ඔවුන්ගේ මතු පරපුරටත් වසනාවක්ම වේවා!(අ)
ඔහොම යං. (අ)
මේ වගේ එකමුතුව ඉන්න බැරිද . බලන්න කොච්චර හොදද (අ)
අගය කල යුතු ක්‍රියාවක් හැබැයි හැම මුස්ලිම් එකම එක වගේ නැ (අ)
මේ වගේ වැඩ වලට ඉරිසිය කරන අයත් ඉන්න පුළුවන් දැන් මේ දානයට වැඩම කරපු හාමුදුරු වරුන්ට අපහස කරන්නත් පුළුවන් (අ)
ඔබ හැම දෙනාටම ගොඩක් පින්... නිදුක් නිරෝගී වෙන්න ඕන.සැම දෙනාම මේ පින්කමට ඇත හිත දුන්..(w)
මෙය අනිත් පැත්තටත් සිදු වෙන්වා නම් තමි හොඳා. ඇයි පන්සලකින් මුස්ලිම් පල්ලියට දානයක් හරි ආධාරයක් හරි නොකරෙන්නේ? (අ)
මෙය හැමෝටම ආදර්ශයක් වේවා (අ)
ඉතා අගයකළ යුතු ක්‍රියාවක් (අ)
රටේ සමගිය වෙනුවෙන් අපි කවුරුත් එකාමෙන් වැඩ කලයුතුයි (අ)
චේතනාව අවන්කනම් හරිම අගෙයි ! (අ)
කචල් නැතුව ඔන්න ඔහොම යමුකෝ. (අ)
අන්න ඔහොම තමයි අපි ඉන්න ඕනේ (අ)
මරික්කාර්,අපිව බෙදන්න හදන්නේ දේසපාලුවොයි,මුස්ළිම් අන්තවාදී ත්‍රස්ත සංවිධානයි.අපි සියළුදෙනා කල්පනාකාරිව කටයුතු කලොත් හැමදාම සමගිය තමයි. (අ)
දානය සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කල සැමට යහපතක්ම වේවා. ! (අ)
මේකේ අදහස් දාල තියෙන සහජීවන කට්ටිය දැක්කහම දුක හිතෙනවා. අමතක කරන්න එපා යෝජිත ඉස්ලාම් රජයට ලංකාවත් අයත් බව.(අ)
ඉතාමත් හොඳ ක්‍රියාවක් (නි)
අගය කල යුතු ක්‍රියාවක් (අ)
ආගමික සහජීවනයට හොඳ රුකුලක්. (අ)
මේ ස්වර්ණමය මොහොත හැමදාම රැකගෙන අපි යමු ඉදිරියටම, (අ)
පින්තුර දැකල මේකට හොඳයි කියන උදවිය ගැන තමයි මට තියෙන බය. මීට ඉස්සරවෙලා මේ ගොල්ලන්ට කරන්න තියෙන්නේ බෞද්ධ සිද්ධස්ථාන බලෙන් අල්ලා ගෙන ඉන්න අහිංසකයින් කියා ගන්න මුස්ලිම් පවුල් ඒ තැන වලින් ඉවත් කරන්න උදව් කරන එක.(අ)
ඉතාම හොඳ ක්‍රියාවක් !(අ)
මේවා තමයි සිදුවිය යුත්තේ (නි)
මොනතරම් උතුම් කාර්යයක්ද? (නි)
හිතට ලොකු සතුටක් දැනෙන කතාවක් (නි)
මේක බොහොම හොඳ දෙයක්. මේක සමගියට හොඳ ආදර්ශයක් හැටියට දකින්න බැරි මිනිසුන්ට අවශ්‍ය මොකක්ද? (නි)
බොහොම අගය කරනවා (නි)
අපි ඔක්කොම මේ විදියට හැමදාම සිටිමු. කොච්චර ලස්සනද? ලංකාව ඉතාම පුංචි රටක් (නි)
මොනතරම් හොඳ වැඩක්ද? ඒත් මේකෙත් ඇද කුද දකින මිනිස්සුත් ඉන්නවනේ? (නි)
මෙහෙම තමයි වෙන්න ඕනෑ (නි)
සමහරු හිතාගෙන ඉන්නේ තමන් අමරණීයයි කියලා. මහා ලොකුවට දානය තරම් කුසල කර්මයක් නැහැ කියා කියනවා. දැන් එහෙම දෙයක් කෙරුනාම ඒකේ ඇද කුද හොයනවා. (නි)
හදවතින්ම අගය කරමි (නි)
සද් භාවයෙන් කළා නම් ඉතා අනර්ඝයි (නදී)
කාන්තාවෝ ඉදිරියේදී මැදපෙරදිග යවන්න ඕනෑ නැහැ. මෙහෙදීම රැකියා හොයාගන්න පුළුවන්. (නි)
නියම වැඩක් (දී)
අගය කළ යුතු දෙයක් සත් ක්‍රියාවෙන් සිදුකලා නම්. ඇදයක් දකිනවා නෙවෙයි. ඒත් මුස්ලිම් පල්ලියකට පිටස්තර ආගම් කිසිවෙකුට ඇතුළුවිය නොහැකියි. ඇතැම් පල්ලි (බෝරා) වෙනත් ඉස්ලාම් බැතිමත්කු ආවත් පල්ලිය සෝදනවා. මෙය කිසියම් සහොදරත්වයක් සඳහා වූ වෙනසක්ද නැත්නම් වෙන එකක්ද යන්න සලකා බැලිය යුතුයි. (නදී)
මම මෙම ක්‍රියාව බොහොම අගය කරමි. මේවගේ බුද්ධ කාලයේදීත් සිද්ධ වුනා. වෙන එකක් තියා බුදුහිමියන් පවා අන්‍ය ආගමිකයන් වෙත වැඩම කර සතුටු සාමිචියේ යෙදුනු අවස්ථාත් තිබුනා. නමුත් අද මේ රටේ ව්‍යාප්ත අන්තවාදී කල්ලි විසින් කරන ක්‍රියා නිසා අප අතර තිබෙන සුහදත්වය පලුදු වෙලා තිබෙන්නේ. ඔබලා මෙවැනි දේවල් කරනවා වගේම අන්න ඒවටත් විරුද්දව කටයුතු කරන්න. ප්‍රශ්න මුලදීම ඇති නොවන ලෙස කටයුතු කරන්න. අන්න එදාට ලස්සන රටක් ලස්සන ලොවක් අපට අපේක්ෂා කරන්න පුළුවන් වේවි. සිංහලයාගේ ඉවසීම දඩමීම කරගෙන වනසන්න ආවොත් එ්ක දෙගොල්ලන්ගේම විනාශයට හේතු වන බව අවබෝද කරගන්න. යමෙක් මර්දනය කරන්න ගියොත් අන්න එතන තමයි කලබල ඇති වෙන හේතුව. මේ රට තුලට අන්තවාදී කණ්ඩායම් එන්නට ඉඩ නොදෙන්න. තෙරුවන් සරණයි. (නදී)
ඉතා හොද වැඩක්. ඔයා හරි ලාල්. (නදී)
අගය කළයුතුයි (නි)
මේ වගේ සහයෝගයෙන් ජීවත් වෙන එක ලෝකවාසීන්ට ආදර්ශයක්. (දී)
ඉතා හොඳයි (නි)
ස්තුතියි (දී)
මෙම පින්කමට දායකවූ වූ සියලු දෙනාටම මග ප්‍රණාමය ....පුදකර සිටිමි...! ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනයාගේ පරම්පරා 3-4 කට එහා බොහෝ මෑණිවරුන් වන්නේ බෞද්ධ කාන්තාවන්ය. (දී)
නියමයි (දී)
ඉතාම සතුටින් ලියමි සියලු දෙනාම මෙය ආදර්ශයට ගමු (දී)
හැමෝටම ස්තුතියි (දී)
දානය දුන් සැමට අල්ලාහ් දෙවියන්ගේ පිහිටත් තෙරුවන් සරණත් ලැබේවා(දිල්)
අගයනවා (දී)
සමගිය (දී)
සන්තෝෂයට කරුණක් (දී)
අගය කරනවා අයියෝ සල්ලි (දී)
හොද වැඩක් (දී)
මමත් මුස්ලිම් ජාතිකයෙක්. මම ගොඩක් යාලුයි සිංහල අය සමඟ. මම ඔවුන්ට හරිම ආදරය දක්වනවා. (නි)
මම හෝඩියේ ඉඳල ඉගෙන ගත්තේ සිංහල ඉස්කෝලේ . සිංහලයා තරම් උතුම් මිනිස්සු මම දැන් වැඩ කරන මැද පෙරදිග දැක්කේ නැහැ. අපට සැමදා එකමුතුව ජීවත් වීමට ලැබේවා. (නදී)
මෙයල දැනගත්ත පටන් ගත්තා කල් වැඩියි කියලා එ්කයි දැන් සාමය. (නදී)
ජාති බේදයක් නැතිව මේ කරපු උතුම් ක්‍රියාවට සිංහල ජාතිකයෝ වශයෙන් අපි හෙමෝම සතුටු විය යුතු අතර ජාතිය සමගිය ඇති කිරීමට මේ උතුම් ක්‍රියාව ආදර්ශයක් වේවි. (අ)
සත්‍යයා, ඔය කියන දේ හරියට හරි.. අලුත්ගම සිද්දියේ වැරදි වහගන්න මෙයාල දැන් නොකරන දෙයක් නෑ. අපිට ඔච්චරම ආදරේ නම් ආගමික සහජිවනේ ඔය කියන තරම වටිනවානම් පොතුවිල් මුහුදු මහා විහාරයේ , කුරගල, බලෙන් අල්ලාගෙන ඉන්න ඉඩම් ටික දෙන්න කියන්නකෝ... අනේ මෙතන මේකට හොද කියල අදහස් දාපු ය හොදට මතක තියාගන්න මොනවා කිව්වත් කලත් මෙයාලගේ අවසන් ප්‍රාර්ථනය ශ්‍රී ලංකාව මුස්ලිම් රටක් බවට පත් කිරීමයි (අ)
කසුන් මහතා ඔබ වැරදියි. හැමෝම ඔයා කියන විධිය නෙමෙයි. (ස)
වැඩේ නම් විශිෂ්ටයි (නි)
විශිෂ්ටයි! (නි)