(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

​නිට්ටඹුව  පිහිටි විදුලි උපකරණ විකිණීම හා කුලියට ලබා දෙන වෙළදසලක අද (23) දින සන්ධ්‍යාවේ හටගත් හදිසි ගින්නක් ඊට හානි සිදුව ඇති බව නිට්ටඹුව පොලිසිය කියයි.

විදුලිය විසන්ධි වී තිබූ අවස්ථාවේ, වෙළඳසලේ හිමිකරු වෙළඳසල වසා දමා නිවසට ගොස් ඇති අතර රාත්‍රී හතට පමණ විදුලිය ලැබී ටික වේලාවකට පසු වෙළදසලේ ඉහළ කොටසේ හටගත් විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය සැක කරයි.

ගිනි නිවන ඒකකය  දැඩි පරිශ්‍රමයක් යොදා ගින්න මැඩපවත්වමින් පවතී. ගින්නෙන් සිදුවූ සමස්ත දේපල හානියේ නිශ්චිත අගය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.