IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


නොටින්හැම් ශාන්ති විහාරයේ වස් පිංකම

උතුරු එංගලන්තයේ නොටින්හැම් නුවර අලුතින් ආරම්භ කෙරුණ ශාන්ති බෞද්ධ විහාරස්ථානයේ ප්‍රාරම්භක කඨින පිංකම පසුගියදා පැවැවැත්විණී.

ලන්ඩන් නුවරින් කිලෝමීටර් 200ක් පමණ උතුරු දෙසට පිහිටි නොටින්හැම්  නගරයේ සහ ඒ අවට පදිංචිව ඉන්නා  ශ්‍රී ලාංකිකයින්ගේ ආරාධනයෙන් මෙම විහාරස්ථානය ආරම්භ කෙරුණේ තෙල්දෙණියේ අමිත හිමියන්ගේ මුලිකත්වයෙනි.

දවසේ සියලුම වැඩ කටයුතු සඳහා විහාරස්ථ දායක කාරකාදීන්ගේ සහ අනෙකුත් හිත මිත්‍රාදීන්ගේ පුර්ණ සහයෝගය ලැබුන බව පුජ්‍ය අමිත හිමියෝ පැවසුහ.

පිංකම අරම්භ වුයේ කඨින වස්ත්‍රය සහ අනෙකුත් පුජා භාණ්ඩ අලංකාර පෙරහරකින් ශාලාව වෙත වැඩම කරවිමෙනි.

මේ සඳහා ශ්‍රී ලාංකික පවුල්වල දරුදැරියන් ඉමහත් උනන්දුවකින් සහභාගිවී සිටියහ.

පිංකම සඳහා ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති  කඹුරාවල රේවත නාහිමි, මැන්චෙස්ටර් නුවර කේතුමතී බෞද්ධ විහාරස්ථානාධිපති පිදිවිල්ලේ පියතිස්ස නා හිමි, ලේච්වර්ත් බෞද්ධ විහාරාධිපති දෙදියවෙල විමල හිමි,  ලන්ඩන් හිත්රෝ අතුල දස්සන විහාරාධිපති  වඳුරඹ කස්සප හිමි ඇතුළු බර්මින් මහා විහාරය, බර්මින්හැම් ජේතවන විහාරය සහ ලන්ඩන් නුවර එඩ්මන්ටන් සමාධි භාවනා මධ්‍යස්ථානය නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේ 14 නමක් වැඩම කර සිටියහ.

මේ සෑම විහාරස්ථානයකම සති අන්තයේදී ධර්මදේශනා, දාන සහ අනෙකුත් පිංකම් පවතින නිසාම බ්‍රිතාන්‍යය වැනි යුරෝපිය රටක පිංකමක් සඳහා එතරම්  භික්ෂුන් වහන්සේ සංඛ්‍යාවක් වැඩමකර සිටීම සුවිශේෂී සිදුවීමකි.

වැඩමකළ මහා සංඝ රත්නය සඳහා දහවල දානය පිරිනැමූ අතර සියලුම ගිහි සැදැහැවතුන් වෙතද ආහාරපාන සපයනු ලැබිය.

කඨින පිංකමේ වැදගත්කම  පිළීබඳව ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා පැවැත්වුණු අතර මෙවර කඨින චිවරය පුජාකරනු ලැබුවේ ශාන්ති විහාරාධිපති  තෙල්දෙණියේ අමිත හිමියන් වෙතය.

නොටින්හැම් ශාන්ති විහාරස්ථානයේ ප්‍රථම කඨින පිංකම වැඩකටයුතු සාර්ථකව සංවිධානය කිරීමෙහිලා අනේක විධ ආකාරයෙන් උදව් උපකාර කල සහ පිංකමට සහභාගිවූ මහා සංඝරත්නයටත් සියලුම සදහවතුන්ටත් පුණ්‍යානුමෝදනා පිරිනමමින් අමිත හිමියන් විසින් අනුශාසනාව පවත්වනු ලැබිය. 

කඨින පින්කමෙහි ප්‍රධාන දායකත්වය දරන ලද්දේ රවී සංජීව සහ පවුලේ සාමාජිකයින් විසිනි. 

 

 



අදහස් (0)

නොටින්හැම් ශාන්ති විහාරයේ වස් පිංකම

ධම්ම Wednesday, 13 November 2013 01:27 PM

සංඝයා වහන්සේලා ආහාර වළඳන අතරතුර අඩුපාඩු පිළිගැන්වීමේ පිළිවෙල පිළිබඳව මගේ නම් සතුටක් නැහැ. එය උන්වහන්සේලාට නිදහසේ වළඳන්නට ඉඩ නොදෙන බාධාවක්. කෑම මේසයට ආහාර පිළිගන්වන්නට තරම් අප නවීකරණය වී ඇති මේ කාලයේ මෙයටත් විකල්පයක් සොයාගත යුතුයැයි මගේ හැගීම. (ස)

:       0       0

අමිල Wednesday, 13 November 2013 07:04 PM

මම මගේ හදවතින්ම සතුටුවෙමි (නි)

:       0       0

හේමාලංකාර Wednesday, 13 November 2013 08:42 PM

සංඝ ගේ අදහසට මම විරුද්ධයි.සුදුසු වෙලාව බලා පිළිගන්වන්න. (නි)

:       0       0

ජයන්ත-ඉතාලිය Wednesday, 13 November 2013 04:24 PM

සාදු.සාදු.සාදු.! මේවා අට මහා කුසල් වේ.යම් අයකු වසර 100 තුල කරන පූජාවකට වැඩිය එක කඨින පින්කමක් වැදගත් වේ. (නි)

:       0       0

සංඝ Wednesday, 13 November 2013 04:54 PM

ධම්ම, අහල නැතිද පිලිගැන්වීමත් කුසලයක් කියලා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 66 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 52 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 95 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 808 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1020 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 73 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14606 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 201 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site