IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


නඩේ ගුරා චන්ද්‍රිකා උපකරණ වන්දනාවේ

විදුලි  සංදේශ නියාමන කොමිසමේ අවසරය නොමැතිව මෙරටට රැගෙන ඒමට උත්සහ කළ චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ  335  සහ දුරස්ථ පාලක 81 ක් සමග  දඹදිව වන්දනා නඩයක නඩේ ගුරෙක් බව කියන පුද්ගලයෙකු   කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී  අද  රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු  වරකාපොල ප්‍රදේශයේ දඹදිව වන්දනා චාරිකා සංවිධානය කරන්නෙකි.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ දඹදිව වන්දනාවේ යන බැතිමතුන්ගේ පහසුව  හා  ඔවුන්ට කරන ගෞරවයක්  ලෙස සාමාන්‍යයෙන්  ඔවුන්ගේ ගමන් මළු රේගුව විසින් පරීක්ෂා නොකරණ බවයි.

නමුත් දඹදිව වන්දනාවේ යන බැතිමතුන්ව අනිසි ලෙස යොදාගනිමින් කරනු ලබන චන්ද්‍රකා සන්නවේදන උපකරණ මෙරටට ගෙන ඒමේ ජාවාරමක් පිළිබඳ රේගුවට තොරුතුරු ලැබී  තිබුන බැවින් මෙම වැටලීම සිදු කල බවයි.

චන්ද්‍රකා සන්නිවේදන උපකරණ මෙරටට ආනයනය කිරීමේදී විදුලි සංදේශ නියාමන කොමිසමේ අවසරය මෙන්ම ආනයන පාලන දෙපාර්තමේන්තුවේ බලපත්‍රය   තිබිය යුතු බවත් ඔහු කීවේය.  

සැකකරු  තම නඩයද සමග ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 122 දරන ගුවන්යානයෙන් ඊයේ දහවල් මෙරටට පැමිණ ඇත. ඔහු සමග බැතිමතුන් 80 ක් පමණ මෙරටට පැමිණ සිටි බව රේගුව කියයි.

නඩයේ සාමාජිකයින් අත තිබු  එකම වර්ගයේ ගමන් මළු කිහිපයක් පිළිබඳ ඇති වු සැකයක් මත එම ගමන් මළු ස්කෑන් යන්ත්‍රය තුළට දමා පරීක්ෂා කරද්දී මෙම උපකරණ අඩංගු පෙට්ටි 11 ක් සොයා ගත් බව රේගුව කියයි.

පසුව කරන ලද විමර්ශණ වලදී හෙළිවී ඇත්තේ නඩේ ගුරා විසින් අදාල උපකරණ සහිත ගමන් මළු බැතිමතුන් කිහිපදෙනෙකුට චෙන්නායි වලදී ලබා දී ඇති බවයි.

වන්දනා නඩ සඳහා දී ඇති සහනය අනිසි ලෙස යොදාගනිමින් විවිද ජාවාරම් කරන බවට  රේගුවට පැමිණිලි ලැබී ඇති බැවින්  අනුන්ගේ භාණ්ඩ හෝ ගමන් මළු තමා සන්තනකෙයේ තබා නොගන්නා ලෙස රේගුව අවධාරණය කරයි.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ මෙහෙයවීමෙන්    රේගු අධිකාරීවරුන් වන නිමල් තිලක, එච්.පී.එස් නුගවෙල සහ කේ.පියතිස්ස යන නිලධාරීහු සිදුකරති.

 



අදහස් (0)

නඩේ ගුරා චන්ද්‍රිකා උපකරණ වන්දනාවේ

සමන්ති Monday, 02 March 2015 01:31 PM

සත්‍යපාල මේ උපකරණ දැක්කද ? මේවා රුපවාහිනි බලන "ධිකොධර" ද දන්නේ නැහැ ? අර ට්‍රැක්ටර (ගියර් නැති) ගෙන්වපු බව සත්‍යපාල දන්නවාද දන්නේ නැහැ . මේවගේ හොරබඩු ගෙන්වන අයගේ ගමන් බලපත්‍ර තහනම් කල යුතුයි . හොරකම් කරන අයට පාටක් නැහැ. (නදී)

:       0       0

දුමින්ද Monday, 02 March 2015 04:02 AM

දමුළු ගිහින් තලගොයොත් ගෙනල්ලා වගෙයි (නදී)

:       0       0

සත්‍යපාල Monday, 02 March 2015 04:50 AM

කවදාවත් නැවත සිදු නොවෙයි කියලා හිතපු දේවල් නැවත සිදුවෙමින් පවතිනවා.නැවත පඹයෝ ගිනි තියමින්,රටට එරෙහිව බෙදුම්වාදී යෝජනා සම්මත කරමින් ත්‍රස්තවාදීන් නැවත පණ ලබමින් අළු ගසා නැගිටින සියලුම ලකුණු පහළවෙමින් පවතිනවා."නිවට අම්බැට්ටයට එළුවාත් නිකට පානවා" කියන පැරණි කියමන මතක්වෙනවා.(දිල් )

:       0       0

දුමින්ද Monday, 02 March 2015 05:14 AM

සත්‍යපාල දකින්නේ නරක පැත්ත විතරමයි (දිල්)

:       0       0

රිචි බාලසුරිය Monday, 02 March 2015 08:28 AM

නම සත්‍යපාල උනාට දිනපතා බේගල් හලන කෙනෙකු වාගේ (නදී)

:       0       0

නදීක Monday, 02 March 2015 09:38 AM

සත්‍යපාල කියන දේවල් ඉතාම නිවැරදියි. ඔහුට හොඳ දුර දැක්මේ ගුණාංගයක් තිබේ. ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ කියන්නේ ඕකට. කුහක නොවී ඇත්ත කතා කරන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 44 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 442 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 243 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 355 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1101 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2889 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site