ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට එරෙහිව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ කොමිසමට අධිකරණ බලයක් නැතැයි ඔහුගේ නීතීඥ සාලිය පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද කුරුණු දැක්වීය.
ද ෆිනෑන්ස් සමාගමේ කොටස් නීති විරෝධී ලෙස මිලට ගැනීම සඳහා රුපියල් කෝටි 39ක් වැය කිරිමෙන් රජයට පාඩු කළැයි කාරියවසම්ට එරෙහිව නඩු පවරා ඇත.
උසාවිය ආරම්භයේදීම කොමිසම තුන්වැනි සංශෝධිත චෝදනා පත්‍රය ද ඉදිරිපත් කළේය.
සාලිය පීරිස් මහතා ඊට විරෝධය දැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදකරන්න බලපෑම් කල උදවිය යෙහෙන් වැජඹෙනවා.(නදී)
බලය නැතිවුනත් බලය මවලා හරි නඩු දාවි. එකට හිටිය වගේ තමා තරහා උනාමත්. අන්තිමට වැලිකඩ පැත්තෙන් ඉරණම විසදේවි වගේ?(නදී)
අනේ දෙයියනේ! (දී)
නීතියත් හොරුන්ගෙ පැත්තේ.(නදී)
දැන් හොරුන්ට විරුද්ධවත් නඩු දාන්න බැරිද?(නදී)
ඇත්තටම , ආයුබෝවන් කාටද එහෙනම් පුළුවන් නඩු දාන්න ? (දී)
මෙයා හිටපු අගවිනිසුරුවරියගේ හස්බන්ඩ් නිසා වෙන්න ඇති.(නදී)
පිටබෙද්දර ජයා පෙරකදෝරුවන්ට නඩුදාන්න පුලුවන්.(නදී)
නියම හොරා කොහෙද ඉන්නේ.(නදී)
ඔහොම ප්‍රශ්න එන කොට අස්මි මා ට වගේ පොලිසියෙන් පැනලා දුවන්න සැලැස්සුවා නම් හරි.(නදී)
මොහු සල්ලි වලට නඩුව කණපිට පෙරලන්න හැදුවට කර තිබෙන්නේ මහා වංචාවක්. යමක් කමක් ඉගෙනගන ඉහල පුටුවලට යන හුඟක් පුද්ගලයයෝ නිතර බලන්නේ ඒ ඉගෙනගත් මොලේ යොදවලා කොහොම හරි වංචාවක් කරලා මඩිය තර කරගන්න තමා.(නදී)
ළමයිනේ ඔවා පෙරකදෝරුවන්ගේ කතා , උසාවියේ ඔහොම කතා නිතර ඇහෙනවා , අපි කලබල වෙන්න නරකයි . නඩුකාර හාමුදුරුවෝ ඒ ගැන බලාගනියි.(නදී)
මොකද මේකට අදහස් අඩු? (නි)