IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


නඩත්තු නොගෙවු පී සී උසාවියට

බහු විවාහයක් කරගත් බව කියන පොලිස් කොස්තාපල්වරයකු  බිරියකට නඩත්තු නොගෙවීයැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔහු කොටුව පොලීසියේ  කොස්තාපල්වරයෙකි.

 

 



අදහස් (0)

නඩත්තු නොගෙවු පී සී උසාවියට

සත්‍යයා Thursday, 28 November 2013 01:07 PM

පොලිස් රාලහාමි කියන්නෙත් මේ මහා පොලවේ අඩිය ගහල ඉන්න තවත් එක් දිළින්දෙක්. කන්න නැති උනත් කම් සැපේ හරි විඳලා මැරෙන්න ඕනේ කියන නිගමනය ට බොහෝ ශ්‍රී ලාංකික අඩු ආදායම් ලාභීන් පෙළඹී සිටිනවා. තමන්ට වඩා ඉහල නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය සභාවල සිට මැතිසබය දක්වා වූ දේශපාලකයන් ද හොර අඹුවන් පිලිබඳ දෙන ආදර්ශය ට අනුවත් පොලිස් රාලහාමි කෙනෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද? (නදී)

:       0       0

නිර්මාල් Friday, 29 November 2013 07:09 AM

කුමාරි,මට හිතෙන විදියට කුලීවැඩක් කරලා හරි නඩත්තුවක් ගෙවලා ඉවත් වෙන එක, කලින් ගැහැනු කෙනාත් එක්ක ජීවිතේ ගත කරලා ජීවිතේම අපායක් කරගෙන වෙන විදල්ලට වඩා දහස් වරක් හොදයි කියලා රාළහාමිට හිතෙන්න ඇති (නි)

:       0       0

සත්‍යපාල Friday, 29 November 2013 07:19 AM

උපාලිට තරමක් හෝ එකඟ විය හැකි නමුත් කම් සැප සඳහා බහු භාර්යා සේවනයක් නැතැයි කියා සම්පත් කියන දෙයෙහි හරයාක් නැත. රජවරු අන්තඃපුර තබාගෙන ඉන්නෙත් සම්පත්ගේ න්‍යායට අනුව ඒ ස්ත්‍රීන්ගේ දුප්පත්කම නැති කිරීමට විය යුතුය. මේ පොලිස් රාළහාමි මුහුණ දී ඇත්තෙත් එවැනි අර්බුදයකට බවයි මා පැවසුවේ. (නි)

:       0       0

සම්පත් Friday, 29 November 2013 07:28 AM

මම කිව්වේ මේ සිද්ධිය හා අද කාලේ ගැන මිසක් රජකාලේ ගැන නෙමෙයි සත්‍ය හෝ සත්‍යපාල. (නි)

:       0       0

සත්‍යයා Thursday, 28 November 2013 08:21 PM

දයා අලහකෝන් මහතාණනි! ඔබගේ ඇගයීම තුල කාලීන සත්‍යය ක් සැඟවී ඇත. අන්ධකාරයේ නිමග්නවී ආලෝකය ගැන වහසි බස් දොඩන අයට ඔබගේ වචන තියුණු සැතක්. ඔබ ට ස්තුතියි! (අ)

:       0       0

දයා අලහාකෝන් Thursday, 28 November 2013 01:26 PM

සත්‍යයා ඔබේ කතාවට කටේ මසුරන් දානවා ලගක හිටියා නම්. කුමාරිට ඇයි බැද ගත්තේ කියලා අහන ප්‍රශ්ණයට මනා පිළිතුරක් මෙතන තියෙනවා. දෙතුන් වරක්වත් කියවන්න. එතකොට තේරෙයි.(නදී)

:       0       0

රෆීක් Thursday, 28 November 2013 01:38 PM

ඔය පැංචි අනිත් ආගම වල කරන දේවල් කරන්න කියන්න හොඳ නැහැ. ඔය කෙල්ලෙක් නම් මන් කැමති ඔයාට. (ස)

:       0       0

පැංචි Thursday, 28 November 2013 08:58 PM

මන් හිතන්නේ රෆීක් කියන්නේ කෙල්ලෙක්ම තමයි... (නදී)

:       0       0

උපාලි Friday, 29 November 2013 09:12 AM

සත්‍යපාල, ඔන්න බලල මල්ලෙන් පැන්න. 'සත්‍යපාල' නමින් (මීට පෙර දිනක (ඔබ) දමා තිබු තිබුණු අදහසකට 'සත්‍යයා' නමින් කෙනෙක් මහා වර්ණනාවක් කරලා අදහස් දාල තිබුන. මගේ හිතේ සැකයක් තිබුන. දෙන්නම එක්කෙනා බව. ඔන්න දැන් හරියටම තහවුරු වුනා. ඒ කොහොම වෙතත්, සම්පත් කියනවා වගේ, කම් සැප සඳහා අද කාලේ "බහු විවාහ" කරගන්න මෝඩයෝ ඉන්නවා කියල ඔබ හිතනවද? විශේෂයෙන් එක්කෙනෙක් නඩත්තු කරන්න බැරි තරමේ දිළිඳු අය? එච්චර උවමනා නම් එවැනි අය කරන්නේ අනියම් සම්බන්ධකම් තබා ගැනීම හෝ...(දන්නවනේ ඉතුරු හරිය). කිරි වීදුරුවක් බොන්න එළදෙනක් සල්ලිවලට ගන්න අය නැහැ, සත්‍යපාල. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 28 November 2013 10:19 AM

අවේ ඉතින් ගෑනු දෙන්නෙකුට ගෙවන්න තරම් ලොකු පඩියක් තියෙනවද මේ උත්තමයන්ට ? (ස)

:       0       0

උපාලි Thursday, 28 November 2013 10:21 AM

ඇයි රාලහාමි දුරදිග බැලුවේ නැත්තේ? දෙන්නටම කන්න අඳින්න දීගෙන ආව නම් සද්ද නැතුව අගේට ඉන්නවනේ ප්‍රශ්නයක් නැතුව. (නදී)

:       0       0

කුමාරි Thursday, 28 November 2013 10:26 AM

ගෙවන්න බැරිනම් ඇයි බැද ගත්තේ? දකින දකින ගෑනුන්ට හිත යවනවට හොද පාඩම්.(නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 28 November 2013 10:34 AM

කැහැ, නැහැ ඕකට කෑ ගහන්න එපා. රාලහාමිගේ අවශ්‍යතාවයක්නේ මෙතන වෙලා තියෙන්නේ. ලැබෙන දෙයින් දෙන්නටම සලකන්න තිබුනේ රාලහාමිටත්.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 28 November 2013 10:35 AM

අනේ කුමාරි , ඔයත් හරියට කිසි දෙයක් නොදන්න ගානටනේ කතා කරන්නේ (නදී)

:       0       0

උපාලි Friday, 29 November 2013 03:23 AM

සත්‍යයා, 'මැරෙන්න පෙර කම් සැප විඳලා මැරෙන්න ඕනෑ' කියන දර්ශනය තියෙන්නේ දිළින්දන් අතර නෙමෙයි, සල්ලිකාරයින් අතරයි. දිළින්දන්ට දරුවන් වැඩිය ඉන්නේ වෙන ආකාරයක 'සැප' භුක්ති විඳීමට වත්කම් නැති නිසා අත ළඟම තිබෙන පහසු දේට යොමු වීම නිසයි. එහෙම නැත්නම් මත්පැන් වලටයි ඔවුන් යොමුවෙන්නේ. අනික, කම් සැප ඕනෑ කියලා මිනිස්සු බහු විවාහ කර ගන්නේ නැහැ. ඒක වෙනම හේතු සාධක මත බොහෝවිට සිදුවෙන්නේ. මේ රාළහාමි කම් සැප පතාගෙනම බහු විවාහයක් කරගත්තා කියන එක ඔහුට කරන අපහාසයක්. (නි)

:       0       0

කැලුම් Thursday, 28 November 2013 11:17 AM

පාරේ යන මෝටර් බයිසිකල් දෙක තුනකට අත දැම්මනම් නඩත්තු ගෙවන්න තිබුන නේ.(දිල්)

:       0       0

පැංචි Thursday, 28 November 2013 12:52 PM

මෙයා අර ආගමට ගිහින්ලු ..තව කීපයක්ම පුලුවනිලු. (ස)

:       0       0

සම්පත් Friday, 29 November 2013 06:56 AM

සත්‍යා හැමදාම එයාගේ හිතේ තිබෙන දේ ඔළුවෙ තියාගෙන මතුපිටින් බලලා දොස් කියන්නේ මිනිස්සුන්ට. උපාලිගෙ විග්‍රහයට මාත් එකඟයි. කම්සැපට වෙනත් විවාහ කරගන්නා අය අඩුයි. හිතට එකඟව දෙදෙනෙක් එක්ක ඉන්න බැරි අවංක පිරිමියෙක් තමයි දික්කසාද කරලා නඩත්තු හරි වන්දියක් හරි ගෙවලා අයින් වෙලා දෙවනුව හරි තමන්ට ඉන්න පුළුවන් කෙනෙක් හොයාගන්නේ. නඩත්තු නඩු වල ස්වභාවය ඕක තමයි. එක් දිනක් හෝ උසාවි නොගියොත් වරෙන්තු නිකුත් කළහැකියි. එක දිනක් හෝ ගෙවීමට නොහැකි වුවහොත් රිමාන්ඩ් කළ හැකියි. එයත් ඉතිං කලින් බිරිඳගේ වුවමනාව මත තමයි තීරණය වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 839 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 747 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 157 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1019 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 203 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1207 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site