වංචා හා දූෂණ සොයන කොමිසම තමාට එරෙහිව ගෙන යන පරීක්ෂණ වලට එරෙහිව හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ඉදිරියේ ලිඛිත විරෝධතා ගොනු කළේය.
ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඔහු වෙනුවෙන් කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා වැරදි බවයි.
ලංගම උප සභාපතිවරයකු ලෙස එල්.ඒ.වික්‍රමසිංහ පත් කිරීම සම්බන්ධයෙන් ද නීති විරෝධී ලෙස පත්කළ උප සභාපතිට රුපියල් ලක්ෂ 32ක් ඔහුට වැටුප් හා වෙනත් දීමනා ගෙවීමෙන් සංගමයට පාඩු සිදුකළැයි තවත් චෝදනාවකි.
මෙම විරෝධතාවයට එරෙහිව කරුණු ඇත්නම් අගෝස්තු 22 වැනිදාට පෙර ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ලට නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වංචා දුෂණයට එරෙව නඩු ඒමට තියෙද්දී කොහොමද? මෙතුමා ගේ නඩුව නවත්වන්න කට ඇරලා කියන්න උසාවි යන්නේ (බ)
දේශපාලුවන් හොරකම හඳුන්වන්නේ ජනතා සේවය හැටියටයි! (හේ)