IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


නැති ප්‍රශ්නයක් ඇදගෙන දඹුලු පාරේ නිදති

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර දඹුලු ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අවසන් එක්දින තරඟය බැලීමට ටිකට් නැතැයි කියමින් පිරිසක් කුරුනෑගල - කොළඹ පාර හරස් කරගෙන විරෝධතාවක් ආරම්භ කළහ.

දඹුලු ක්‍රීඩාංගනයේ ආසන විසි දහස සඳහා ටිකට් විකිණී අවසන් බව පෙර දින රාත්‍රී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කෙළ්ය. මීට පෙර පැවැති තරඟය බැලීමට ද මහ පිරිස් ඇතුළු වීම නිසා ක්‍රීඩාංගනයේ ප්‍රශ්න ඇති විය.

ගියවර තරඟයට පිරිසක් බලෙන් ගේට්ටුවලින් ඇතුළු වූ බවත්, හතලිස් දහසක් පමණ සෙනඟ එහි සිටි බවත් වාර්තා වේ.

පාරේ විරෝධය පාන පිරිස කියා සිටිනුයේ තරගය නැරඹීමට ඇතුළට යෑමට ඉඩ දෙන තෙක් නොනැගිටින බවයි.

මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.

0-02-01-29a0b0f2a13a17f5f66efaa663978ec7bf8317cd9a1d34e56da51dbd5604cc0a_full 0-02-01-b88e2fea56e629b1232dd22de0a692491182568e5d850d6b97e242617761a87a_full 0-02-01-cd640165fe23e38a9c8f8f24bc92321dddd0cdc3b27686031ab818964ec6ba08_full 0-02-01-eee2cc9884ef5f336187b9497f218e14925391968035eba21dbe45698ab7f8d3_full



අදහස් (0)

නැති ප්‍රශ්නයක් ඇදගෙන දඹුලු පාරේ නිදති

සංකල්ප Thursday, 01 September 2016 05:17 AM

ජාතික කොඩිය බිම දමා ඒ මත සැතපීම අගෞරවනීය දෙයක්. ජාතික කොඩියට ගෞරව කළයුතු ආකාරය රූපවාහිනී වලින් හෝ පෙන්වාදිය යුතුයි. (නි)

:       0       0

විජේපාල Wednesday, 31 August 2016 05:00 PM

මෙතන අදහස් දාලා තියෙන හැම කෙනාම එකම පැත්තක් විතරයි බලලා තියෙන්නේ. හොඳට හිතලා බලන්න දඹුල්ල වගේ පළාතක ඉන්න ක්‍රීඩාලෝලීන්ට ක්‍රිකට් බලන්න කොළඹ එන්න බැහැනේ. ඉතින් මෙතැනදී ඔක්කොම ටිකට් අන්තර්ජාලයෙන් විකුණුවම දඹුල්ලේ ඉන්න සාමාන්‍ය මිනිසුන්ට කොහෙන්ද ටිකට්. ඒ අහිංසක මිනිසුන්ට අන්තර්ජාලයෙන් ටිකට් ගන්න බැහැ. අඩුම ගණනේ ඇයි ටිකට් වලින් බාගයක්වත් ගේට්ටුවේදී විකුණන්න ඉතුරු කරගත්තේ නැත්තේ. එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් ඔක්කොම විකුණන්නේ නැතුව බාගයක් හරි දින කීපයකට කලින්හරි දඹුල්ලේම තියාගෙන විකුණන්න තිබුනා නේද. එහෙම වුණා නම් තත්වය ටිකක් හරි හොඳවෙනවා නේද. (නි)

:       0       0

චන්දන Thursday, 01 September 2016 08:01 AM

බොරු වැඩ කරන්න එපා.(හේ)

:       0       0

දේව් Wednesday, 31 August 2016 10:38 PM

තමන්ගේ යථා ස්වරූපය විදෙස් රටවලට ප්‍රදර්ශනය කළ තවත් අවස්ථාවක්. වැදගත් ක්‍රීඩාලෝලීන් මෙහෙම හැසිරෙන්නේ නැහැ. (නි)

:       0       0

අනුල Thursday, 01 September 2016 01:40 AM

යන්නකෝ කිලිනොච්චියට, බොරු දේවල් වලට උද්ඝෝෂණ කරන්නේ නැතුව. (නි)

:       0       0

අමිල Wednesday, 31 August 2016 11:21 AM

ඔන්න ඔය වගේ වෙලාවකට තමයි පොලිසියට අලුතින් ගෙනාපු බැටන්පොලු ,කඳුළු ගෑස් හොඳද කියල පරීක්ෂා කරලා බලන්න ඕනේ (බ)

:       0       0

මොහාන් Wednesday, 31 August 2016 11:45 AM

රටේ නම කන මෝඩයෝ ටිකක්. (බ)

:       0       0

ශාන් Wednesday, 31 August 2016 11:56 AM

පිස්සු යක්කු බලපියව්කෝ ගිහිල්ල ටීවී එකෙන් වදයක් නොවී (බ)

:       0       0

පුෂ්ප Wednesday, 31 August 2016 12:19 PM

උපාධි ලබන රටක දියුණුයි කියන පුද්ගලයින් කරන්නේ මෙවැනි වැඩ නම්, ඊට පහළ අධ්‍යාපනයක් සහිත පිරිස් මෙවැනි වැඩ කිරීම පුදුමයක් නොවෙයි. නීතියක් නැති රටකට කිසි දිනෙක අධාත්මික හෝ සමාජීය දිවුනුවක් ඇත කර ගැනීමට නොහැක. මෙය මුළු මහත් සමාජයේම කඩා වැටීම පිළිබිඹු කරන්නක් මිස මෙතන පවතින වැරද්දක් නොවේ. (බ)

:       0       0

රංජග Wednesday, 31 August 2016 12:21 PM

ඉන්දියාවේ ජරා පුරුදු මෙහෙ ගෙන්න එපා.(අ)

:       0       0

වි. ජයපාල Wednesday, 31 August 2016 12:43 PM

ටිකට් දුන්නා නම් හරි ඔක්කොටොම දවස් 2-3 කට පස්සේ ගෙදර යනකොට කපාගන්න (බ)

:       0       0

නුවන් Wednesday, 31 August 2016 01:14 PM

ඉස්කෝලයකට වැස්සකටවත් නොගිය පිරිසකගේ නොමනා හැසිරීමක් (බ)

:       0       0

ධම්ම Wednesday, 31 August 2016 01:37 PM

මාරාන්තික උපවාසයක් කරන්න ඕන වැඩක්නේ.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 160 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2337 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 882 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2576 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1549 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2820 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39327 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25642 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site