ශ්‍රී ලංකාවේ ගෘහස්ත අලි ලියාපදිංචි කිරීමේ ලේඛනයේ අද (26) සවස වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතී අංශයේ කාර්යාල අල්මාරියකින් හමු වු බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
මෙම ලේඛනය නැති වු බව පසුගිය 12 වැනිදා සොයාගෙන තිබිණි.
ලේඛනයේ අස්ථාන ගත වීම සම්බන්ධයෙන් නීති අංශය බාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරියගේ වැඩ පසුගිය 13 වැනි දින සිට තහනම් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු වන අපි කොන්ඩේ බැදපු චීන්නු කියලා හිතල ද මේවා කියන්නේ? (නි)
තෝම්බුව පරිස්සම් කරගන්න බැරි එකේ අලි ගැන කවර කතාද ..... (අ)
අලි ඩයරිය පරිගණකගත කලානම් ඉවරනේ?අනෙක වනජීවී එකේ ඉන්න කොලයක් පොතක්වත් පරිස්සමෙන් බලාගන්න බැරි අය එලවලා දමලා ආරක්ෂක නියාමකයන් වැඩි කලානම් සත්තු සහ පරිසරය දෙකටම හොඳ නේද ? (දී)
ෆොටෝ කොපියක් ගහල තියා ගන්නකෝ දැන්වත්. ආසියාවේ අස්චාර්ය.. (දී)
මුලින් තෝම්බුව පස්සේ අලි ටික වේඩේ නරකම නැහැ (දී)
මේ රට එකම කෝලම් මඩුවක් වෙලාද කියලා බයත් හිතෙනවා. ඒ ගොල්ලො කියනවා අපි අහනවා.හැමදාම වෙන්නේ ඕක තමා. (ස) .
ඕකේ අර අහවල් අසපු වලට දුන්න අලින්ගේ විස්තර පිටුව තියෙනවද ? (නි)
හම්බුනා කියන්නේ නැති වෙලා තිබ්බාද (දී)
අලියෙකුගේ වටිනාකම ලක්ෂ තිහක් විතර වෙනවලු. තෝම්බුව කෝටි හතළිහක් පනහක් වටිනවා ඇති. නැත්නම් කීයටවත් අලි අත ඇරලා තෝම්බුව උස්සයිද? (නි)
වැඩේ නෝන්ඩි උනා අන්තිමේට ඇතුලෙම තිබ්බ විදිහට අගවන්න වෙන කබඩ් එකකට ශේප් එකේ ගෙනල්ල දාන්න ඇති ගත්තු මිනිහ අපි නොදන්න මොනරතැන්න.(නදී)
ඕකේ හොඳ අලින්ගේ නම් කපලාද බලන්න (නි)
මට හිතෙන්නේ නම් මේ පොත අතුරුදහන් වෙලා දැන් ආපහු ඇවිත්. නමුත් ඒ අතුරුදහන්ව පවතින කාලය තුල මේකේ පිටපත් අවශ්‍ය අය ලබාගෙන ඇති. දළ දිග ඇත් රජවරුන් ගැන මට නම් බයයි. (නි)
ඔන්න මමනම් නෙමේ ගත්තේ හරිය ?(අ)
කෙනත් කලබල වෙන්න එපා. රජයේ නිලධාරීන්ගේ ගමන් වියදම් ඉල්ලුම් පත්තර වල තවමත් එක තීරුවක් තියෙනවා අශ්වයා පිටේ ගමන් කිරීම වෙනුවෙන් ඉල්ලුම් කරන්න. පිටරටවල මහාචාර්යවරු පැය විසිහතරම දඟලන්නේ අලුත් දේවල් හොයන්න. අලුත් දේවල් ඉගෙනගන්න. අනේ ඉතින් අලි පොත මොකක්ද! (නි)
ග්රැහැම් බෙල් දුරකථනය සොයා ගත්තට වැඩිය හොද සොයාගැනීමක්!(අ)
මේ දත්ත කාටත් බලාගන්න හැකිවන පරිදි අන්තර්ජාලයට එක්කරන්න. (නදී)
අර වයඹ වයන්න බැරි ගයන අලියගේ වටිනාකමත් සදහන් වෙලා තියෙනවද?(නදී)
මොකද මේ අවේලාවේ (දී)
අනේ අම්මේ.......! මෙහෙමත් රටක්!!!!!!, විසි එක වෙනි සතවර්ෂයේ කොම්පුටර් දත්ත ගබඩා කිරීම ගැන වගක් වත් දන්නේ නැති රාජ්‍ය ආයතන එක්ක කොහොමද අප්පා ආසියාවේ ආශ්චර්ය වෙන්නේ...?!!!! මේක දාන්න හොද දෙය්යෝ සාක්කි තීරයට (දී)
අලි තෝම්බුව පරිස්සම් කර ගන්න එක නම් හොදයි (දී)
අලියෙක් ගන්න පුලුවන්ද අපිට දැන් (දී)
ඔන්න වැඩිපුර කොළ ටිකකුත් නොමිලේම දුන්නා. සමහර විට අලි ටිකකුත් වැඩියෙන් දාල ඇති. වරදක් නෙමෙයිනේ.(නදී)
අලි ලියාපදිංචි කිරීමේ ලේඛනය ලැබුනත් පැනපු අලි නම් කවදාවත් ආයේ ලැබෙන එකක් නැහැ. (දී)
මේවා හරියට අපි පොඩි කාලේ හොරා සෙල්ලම් කළ වගේ.(නදී)