කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ රුපියල් කෝටි තුන හමාරකට තමා ඉල්ලු සුදු කැස්බෑවා මධ්‍යස්ථාන හිමිකරු චන්ද්‍රසිරි තාබෘගේ දියණියක් වන චාමලී ගේ නිවසේ සිටිතියි ගායක අමල් පෙරේරා කියයි.
ඔහු එහි ගියේ පොලීස සමඟය.මුලදී ඔහුට එහි යන්නට ඉඩ නොලැබුණත් පසුව ඉඩ ලැබිණි.
කැස්බෑහිමිකරු හා ඔහුගේ දියණිය පොලීසියට පැවසුයේ අමල් සිල්වා ඉල්ලු කැස්බෑවා එහි නොමැති බවයි.එහි සුදු කැස්බෑවෝ තිදෙනෙක් සිටිති.
ඔවුන් පැවසුයේ තමන් සතුව සුදු කැස්බෑවන් පස් දෙනකු සිටි බවයි.
සුනාමියේදී එක් සතකු නැති වු බවත්.තවත් කැස්බෑවකු පසුගිය 16 වැනිදා සොරාගත් බවත් ඔවුහු කීහ.
මාධ්‍යවේදීන්ට කැස්බෑවා බැලීමට යාමට එහි හිමිකරුවෝ ඉඩ නොදුන්හ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පරීක්ෂණ මෙහෙයවයි.
නැති වු බව කියන ඇලි කැස්බෑවා
දැනට සිටින ඇලි කැස්බෑවෝ
ඡායාරූප ජනත් ද සිල්වා ,කමල් ශ්‍රී ලියනගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමල් මල්ලි මොකද්ද මේ කැස්බෑ ප්‍රශ්නය (දී)
කවුද දැන් හොරු ,? මෙම මධ්‍යස්ථානයේ හිමි කරුද ඔහුගේ දුවද ?(දිල්)
සුදු කැස්බෑවෝ කෙසේවතත් ගල් ආන්දෝ නම් ඉන්න හැඩයි.(නධී)
අමල්ට හැමෝම බැන්න එයා හොරා කියලා. පව්.(නදී)
අමල් ඔයාට කල අපහාසෙට...ඔය මිනිහට නීතියෙන් දඩුවම් ලබන්නම ඕන ...............(අ)
අමල් ඔයා අව් කණ්නාඩිය ගලවලයි බලන්න තිබුනේ. දන්නවනේ එහෙම වුනාම අමු කෙසෙල් ගෙඩි ඉදුනු වගෙයි පේන්නේ.(නදී)
අමල්ටත් තියෙන්නේ මේ සිද්දියගැන දැන්මම සින්දුවක් හදන්න. නැත්නම් ඇන්ටන් අද හෙටම මේක ගැන සින්දුවක් කියාවි.(නදී)
දැන් කළ යුත්තේ කවුරු හරි ද කවුරු වැරදි ද කියන එක නෙවෙයි. නඩු ගියොත් කැස්බෑවාට සාධාරණය ඉටු වෙයිද කියන්න බැහැ. ඒ නිසා මෙවැනි පුද්ගලික ස්ථාන රජයේ භාරයට ගැනීමට හැකි වන සේ නීති සකස් කිරීම වැදගත් යයි සිතමි. (නදී)
එකපාරටම කැස්බෑවට මොකද උනේ (දී)
කැස්බෑවෙක් ගිය දුර (දී)
ඒ අහිංසක සතා ජීවිතෙන් වන්දි ගෙවලා ඇති (දී)
කැස්බා සංරක්ෂණ මුවාවෙන් මෙයාල ඔක්කොම කරන්නේ බිස්නස් එකක් බවයි පෙනෙන්නේ. අනික් අයට තියා ගන්න බැරි කස්බාවෝ මෙයාල යහතින් ගෙවල් වල තියා ගන්නේ කොහොමද? (දී)
කැස්බෑවට බුදුසරණයි (දී)
අමල් ගේ තවත් බොරුවක්... (දී)
තව පොඩ්ඩෙන් අමල් පෙරේරා අමාරුවේ වැයටනවා (දිල්)
මට පේන්නේ අමල් පෙරේරා මෙතනට ඇවිත් එයා හොරකම් කලා කියලා චෝදනා කරපු කැස්බැවා ඉන්නවා කියලා කියන වනම් එතන මොකක් හරි රහසක් තියනවා. මොකද ඔහුට මේ සම්බන්ධයෙන් කටඋත්තරයක් දීමට සිදු උනා මිසක් ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරලා නැහැනේ. හොරාට ඉස්සෙල්ල කෙහෙල් කැන පැන්නවත්ද? (දී)
මේකේ අයිතිකරුටත් ජිනීවා මානව හිමිකම් කොමිසමට යන්න වෙයිද (දී)
කැස්බෑවියෙක් කස්බැවව ගිල්ලද නැහැ (දී)
නිලූ විදානගේ සෞදිඅරබිය ..ඔයාට අපි ලස්සන සුදු කැසබෑවෙකුගේ පොටෝටිකක් එවන්න පුළුවන් ..අර (පහන් මඩුගල්ල) මහත්තයාගේ ඊ මේල් එකට පොඩ්ඩක් ලියන්නකෝ ..."සර්ච් " කරලා හොයා ගන්න ...?? බුදුසරණයි ..!! (දී)
කැස්බෑවට වඩා අමල් වටිනවා දැන්. (දී)
අයියෝ කැස්බෑවෙක්ට ගිය කලක් (අ)
කැස්බෑවෙක් කරපු හරියක්.(නදී)
මෙතන කුමක් හෝ නොපෙනෙන රහසක් තියෙනවා (දී)
අපේ ගමේ සුදු ගල් ඉබ්බෙක් ඉන්නවා. කවුද ගන්න කැමති? (දිල්)
හැම දේටම කලින් ඔය මනුස්සයාව කැස්බා මධ්‍යස්තානයෙන් අයින් කරන්න ඕනේ.(නදී)
ඔව් ඔව් එයාලග ඉන්නවා. චන්ද්‍රසිරි තාබෘගේ ලග දැන් ඉන්නේ නැති උනේ නැති එවුන් ටික. (නදී)
මටත් දැන්නම් පන බයයි. අපේ නෝනා මට කතාකරන්නේ සුදු මහත්තයා කියලා.(නදී)
හොර බඩුවක් මිලට ගැනීමට ඉල්ලා සිටීමත් නීතියෙන් වරදක්. (දිල්)
මටත් කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයක් දාන්න ඕනා. ආරක්ෂිත සත්වයන් මේ විදිහට පෞද්ගලික අයට තියාගන්න පුලුවන්ද? (නදී)
ඔය කැස්බෑ පර්යේෂණ කියලා නම දැම්මට ඇත්තටම ඔතන වෙන්නෙ තනිකරම වෙළදාමක්.දවසකට ගොඩාක් සංචාරකයන් ඔතනට එනවා.මෙයට දුන්න ප්‍රසිද්ධිය වැඩි වගේ (දිල්)
ඇත්ත හංගන්න අමරුයිනේ කොහොමත්.දිය යට හැංගු රබර් බොලේ වගේ කොයි මොහොතේ හරි ඇත්ත එළියට එනවා.(දිල්)
ප්‍රසිද්ද කෙනෙකුට කරපු මේ අපහාසයට මෙයා හිරේ අරින්න.(නදී)
එයාලට ඔතන මොකක් හරි සැකයක් ඇති. අපි බලමුකෝ පරීක්ෂන වලින් මොනවද වෙන්නේ කියලා.(නදී)
ඒ අයට පුලුවන් නම් මට බැරි මොකද කැස්බෑවෝ ඇති කරන්න. මමත් කැස්බෑ පර්යේෂණ ආයතනයක් දානවා. බිත්තර එකතුකරනවා රක්කනවා ටිකක් මුහුදට දානව ඉතිරිටික විකුණනවා. කවුද මේ අයට අවසර දීල තියෙන්නේ? (නදී)
සුදු කැස්බෑවො තුනක් තව ඉන්නවා නම් උන් ඔච්චර වටින්නේ නෑ. ඒ දුර්ලභ නැති නිසා. එකෙක් ලක්ෂයක්වත් නොවටී. (නදී)
වනජීවි පනතට අනුව කැස්බෑවන් මෙහෙම් තියාගෙන ඉන්න එක නීති විරෝදියි. වෙන අයට කැස්බෑ බිත්තරයක් තියාගත්තත් දඩ ගහල හිරේ දානවා. මේ අය කරල තියෙන්නෙත් වැරදි වැඩැක්. මහත්වරුනේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.(නදී)
ලංකාවේ නීතියට අනුව කැස්බෑවෝ නිවෙස් වල ඇතිකරන්න බැහැ නේද? එහෙනම් මේ කැස්බෑවෝ 3 දෙනක් නිවෙසක ඇතිකරපු අයට නඩු දාන්න.(නදී)
සේරම කැස්බැවෝ ටික ගිහින් මුහුදට දාන්න. කැස්බැවෝ ඉන්න ඕනේ මුහුදේ ගෙවල් වල නොවේයි. මේ සත්තුන්ට තමන්ගේ පාඩුවේ ඉන්න දෙන්න ඔය කැමරා දාගෙන පොටෝ අරන් ඔය සත්තූ බයවෙලා බිත්තර දාන්නෙත් නැහැ. නිදහසේ සතුන්ට ඉන්න දෙන්න.(නදී)
මේක ලොකු ප්‍රචාරකයක්. දැන් බිස්නස් අඩු ඇති අනික ඔය වගේ උන් මුහුදේ ඕන තරම් හම්බවෙනවා.(නදී)
මෙන්ඩිස්, ඇති හැබැයි වෙන කොහේ හරි. මේක අමල්ට මඩ ගැසිමක්ද? (නදී)
මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නැතුව ඉන්නේ. මේ කැස්බෑ ප්‍රශ්නේ හැර වෙන ප්‍රශ්න නැද්ද? (නදී)
අපිට විහිලු. වැඩ නැතුවට වැඩ.(නදී)
ඒ සුදු කැස්බෑවත් මේ සුදු කැස්බෑවොත් හැර වෙනත් සුදු කැස්බෑවෝ සිටිත්ද?(දිල්)
ගල් පිට ගල් වැදුන අමල්ට ඉදිරියට මල් පිට මල් මාවතේ යන්න පුළුවන් වගේ.(නදී)
අපේ ගෙදර කැස්බෑ පිහාටු 2ක් තියෙනවා කවුද ගන්න කැමති.(නදී)
මා ගාව සුදු කස්බැවෝ 4 ක් ඉන්නවා. එකෙක් කෝටී 100,යි.(නදී)
මනුස්සයෙක් නැතිවුනොත් මේ තරම් හොයන්නේ නැහැ.(නදී)
සුදු කැස්බාවෝ මෙපමණ වටිනවද ? (නදී)
කැස්බෑව මැරිල කියල පුවතක් තියෙනවා නේද? එතකොට කවුද බොරු කියන්නෙ.?(නදී)
හැමදාම දැන් ඔහොම තමයි.(නදී).
අර පහු ගිය කාලේ අතුරුදහන් වුණා කියන ජනමාධ්‍යවේදීන් මේ විදියටම හොයනවනම් කොච්චර එකක්ද . ඒ කියන්නේ අපේ මිනිස්සුන් ට වඩා කැස්බෑවෝ වටිනවා. නැද්ද මන් අහන්නේ (දිල්)
සුදු කැසබෑ ලකුණින් ඡන්ද ඉල්ලුවොත් මේ පාර එකාබද්ධ විපක්ෂයම ගොඞ(දිල්)
කැස්බෑ පැටුන්ව සුප් සදහා විදේශිකයන්ට විකුණනවද කියල සොයා බලන්න (දිල්)
එක කාලයක් නයි නළඟනගේ කතාව දැන් මේ ලඟදි ඉඳලා සුදු කැස්බෑ කතාවක් පටන් අරන් (දිල්)
අමල්ට මඩ ගහන්න ගොතපු බොරුවක් බව පේනවා .(දිල්)