( රොමේෂ් මධුෂංඛ)
තලෙයිමන්නාරම, යාපනය හා ත්‍රිකුණාමලය මුහුදු තීරයන්හි නීතිවිරෝධීව මසුන් ඇල්ලූ ශ්‍රී ලංකාවේ ධීවරයින් 35 දෙනෙකු හා ධීවර යාත්‍රා 11 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති බවට නාවික හමුදාව පවසයි.
උතුරු , උතුරුමැද හා නැගෙනහිර නාවික විධානයන්ට අයත් නාවික සෙබලුන් විසින් තලෙයිමන්නාරම් ජැටිය, මණ්ඩතිව්, මන්දගල් ආරු , ඉලුප්පකඩවායි, බෝල්ඩර් තුඩුව, එලිසබෙත් යන මුහුදු තීරයන්හි සිදු කල සෝදිසි මෙහෙයුම් වලදී අදාල ධීවරයින් 34 දෙනෙකු පසුගිය දින තුනක කාලය තුලදී නාවික හමුදා භාරයට ගෙන ඇත.
එහිදී තහනම් දැල් භාවිතාකර අල්ලන ලද මාලු කිලෝ 165 ක්, නීතිවිරෝධී මුහුදු කූඩැල්ලන්, 370 ක්, ජීවිතාරක්ෂක උපකරණ තොගයක්, හා තහනම් දැල් තොගයක් අත්අඩංගුවට ගනු ලැබීය.
ඊට අමතරව යාපනය නගරයේ නාවික හමුදාව විසින් සිදු කල සෝදිසි මෙහෙයුමකදී තහනම්දැල් කිලෝ 121 ක ප්‍රමාණයක් සමඟද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස් යාපනය , මන්නාරම, ත්‍රීකුණාමලය ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර එම පිරිස් හා උපකරණ තොගයන් වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය, මන්නාරම හා ත්‍රීකුණාමල සහකාර ධීවර පරික්ෂක කාර්යාලයන් වෙතට බාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නීතී විරෝධිව මසුන් ඇල්ලූ ධීවරයින් 35 ක්- යාත්‍රා 11 නාවික හමුදා බාරයට