ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාට ජීවිත තර්ජන නැතැයි බුද්ධි අංශ වාර්තා මගින් තහවුරු වන නිසා පොලිස් නිලධාරීන් දෙදෙනකු පෞද්ගලික ආරක්ෂාවට දීමේ අවශ්‍යතාවක් නැති බවට නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි, පොලිස්පතිට දැන්වීයැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.
පොලිස් ජංගම රථ යෙදවීම ඇතුළු දැනට දී තිබෙන ආරක්ෂාව එලෙසම පවත්වාගෙන යන බවත්, ජයසූරිය මහතාගේ ආරක්ෂාව ගැන සම්පූර්ණ වගකීම තමා භාර ගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පති මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ ප්‍රකාශ කළේය.
ජයසූරිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගුණරත්න වන්නි නායක මහතා කීවේ කොළඹ පාතාල නායනයකුටත් පොලිස් නිලධාරීන් හය දෙනකුගේ ආරක්ෂාව ලබා දී තිබිය දී නීතීඥ සංගම් සභාපතිට නොදීම ගැන ශ්‍රී ලංකා පොලිසිය ගැන කනගාටු වන බවයි.
කුමරන් පද්මනාදන්ට හෝ එම පාතාල නායකයාට ආරක්ෂාව දෙද්දී බුද්ධි වාර්තා සැලකිල්ලට ගත්තාදැයි වන්නිනායක මහතා ප්‍රශ්න කළේය.
පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කර ඔක්තෝබර 20 වැනි දා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පෙනෙන හැටියට මෙතුමා කරලා තියෙන්නේ බැරෑරුම් ප්‍රකාශයක් (නි)
ඒ වුණාට එහෙම කියන්න එපා මහත්තයෝ. හේතුවක් නැතුව කවුරුවත් ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන්නෙ නැහැනේ (නි)
නැතුව, නැතුව, හනේද කියන්නේ. (දී)
ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෘත්තීය සමිතියක් නේද? (නි)
කව්ද අප්පේ ඔය වාසනාවන්ත පාතාල නායකයා. (නදී0
එහෙම තර්ජන නැහැ කිවුවේ කොහොමද මහත්තයෝ? (නි)
මේ වගේ පොලිස් නිලධාරියෙක් යමක් කියන්නේ හොඳින් හිතලා බලලයි. (නි)
මට පිස්සු (දී)
කව්ද අනේ ඔය ගිනි කන අයට මොනවත් කරන්නේ. (අ)
මේකේ අදහස් දමා ඇති සමහර ළිං මැඩියෝ දන්නේ ළිඳේ දිග පළල විතරයි. (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
පොලිසිය මෙතෙක් කල් ආරක්ෂාව දුන්නෙත් දෙන්නෙත් කාටද කියලා මහජනතාව දන්නවා. (නි)
මට මේ මොකුත් තේරෙන්නේ නැහැ (දී)
මේ වගේ වටිනා මිනිස්සුන් ඇයි ආරකෂා නොකරන්නේ.......ආන්ඩුපතෂ හේන්චයියන් නොවන නිසාද...(නදී)
අද අපේ රටේ උගත් උසස් නිල දරන කොන්ද පන තියන වැරද්දක් දැක්කම ඒ ගැන කෙලින් කතා කරන ..හැම දෙනාගේම ජිවිත අනතුරේ නේද ..ඒ ගැන අපේ සමාජය උනත් හරි වැටහීමක් නැති එක ගැන කණගාටුවක් .....අද බලන්න උෟවේ ඡන්දෙ .......මොකද වෙලා තියෙන්නේ කියල ...තාමත් මැර බලය නේද (නදී)
එක නේන්නම්. මොකද මේ පොලිසියේ මහත්තුරු බොරුකියනව නෙමෙයිනේ.(දී)