නවකවද සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින කැලණිය සරසවියේ සිසුන් අට දෙනාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ ගම්පහ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ඇප ඉල්ලීම සලකා බැලීම අගෝස්තු පළමු වැනිදාට කල් තැබුවාය.
රජයේ නීතීඥවරිය අධිකරණයට නොපැමිණීම ඊට හේතුවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට "යාපනය මහා ශිෂ්‍ය සංගම් සභාපතිට ඇප" ලැබිලනේ. මේ අයගෙන් කාට හෝ බරපතල තුවාල තියනවද? සිසුවනේ, දැන්වත් යථාර්ථය තේරුම් ගනිල්ලා (නි)
සුළු ,අහිංසක, විනෝද විය හැකි නවක වදයක් දීල අලුත් කට්ටිය අඳුර ගත්තාට වරදක් කියන්න බැහැ. අවසන් අවුරුදු වලට ආවහම ඒවා මතක් කරන කොටත් විනොදයි. නමුත් දෙන දැන් නවකවදය ඉතා දරුණු විදිහට , ලිංගිකවත් කෙලෙසන විදිහට දීම නම් නැවැත්විය යුතුයි. හේතුව ඉරිසියාව හා හීනමානය!(ම)
කැලණියට එක නීතියක්. යාපනයට තවත් නීතියක්. චන්ද්‍රිකාගෙ සහජීවනය, ද්‍රවිඩ ජනයාට සිදුවූ අසාධාරණය, රනිල්ගෙ සම්මුතිවාදය රැකගන්න මීටවඩා දේවල් සිංහලයන්ට කැපකරන්න සිදු වේවි. රාජපක්ෂ රෙජිමය මේවායින් තව තවත් ශක්තිමත් වේවි. (නි)
සුසිල්, දුෂ්කර පළාත් වලින් විභාග සමත්වන අය වැඩි දෙනෙක් සති අන්තයේදී ඔය කියන ‘හොර ටියුෂන්කාරයන්ගේ‘ පන්ති වලට එනවා. (නි)
නිමේෂ්ගේ කතාව හරියටම හරි. මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ. නවක වදය දෙන අති බහුතරය දුෂ්කර පළාත් වලින් යන්තම් පාස්වෙලා ආ දුප්පත් පවුල් වල අය. (නි)
අබේසිංහ, යූඑස් වල මම දන්නා තරමින් නම් එහෙම එකක් නැහැ. මොකද මෙහෙ ඕවා කර කර ඉන්න තරම් වෙලාවක් නැහැ. ඒ අය ඉගෙනගත්තේ නැත්නම් ගොඩ එන්න බැහැ. ලෝකය දැන් නිතරම අලුත් වෙන බව ඒ අය දන්නවා අපේ අය නොදැනගත්තට. හොඳට ඉගෙනගත්තොත් එළියට එනකොටම ජොබ් එක දෙන්න ආයතන පොරකනවා. (නි)
නිමේෂ් කියන හීනමානය තියෙන්නෙත් එයාටමයි. ඒක එයාගේ කතාවේම තියනවා. මේ නවක වදයට මුල්වෙන්නේ එක්තරා කට්ටියක්. එයාලා හැමදාම විශ්ව විද්‍යාලවල හිටියා. නමුත් දැන් මේ තියන සමාජ පරිහානියත් එක්ක එ්කේ මුහුණුවරත් තිරිසන් වෙලා. කටුක ඇත්ත ඒකයි. මේ වගේ තිරිසන් ගති ලක්ෂණ තියන අයට නිසි දඬුවම් දෙන්න ඕනෑ එකේ තර්කයක් නැහැ. නමුත් විශ්ව විද්‍යාල වල ඉන්න ඔක්කොම "නරක කළු" චරිත නෙමෙයි (නි)
යහපාලනයට නම් ඇප. ඒත් කැලණියට නම් ඇප නැහැ (නි)
හුඟක් නඩු කල්යන්නේ කළුකබා අයගෙ අඩුපාඩු සහ නොසැළකිල්ල නිසා (නි)
තමන්ගේ රාජකාරිය හරියට කරන්න ඕනෑ මොනවා නැතත් (නි)
අබේසිංහ, යූඑස් වලත් නවකවදය තියනවා. මේවා පටන්ගත්තේ ඔයවගේ රටවල්. එ්ත් අපේ මෝඩ රැළ ඒවා දිගටම කරගෙන යනවා (නි)
නිමේෂ්, දුප්පත්කම හීනමානයක් නෙමෙයි. ඔයා සරසවියට තේරුනේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. මම මොරටුව සරසවියේ. කොළඹ ඉපදුනේ. ඔයාලා වගේ දුප්පත්කමට ගරහන අය තව ඇතිවුණොත් ලංකාවම ඉවරයි (නි)
මෙයාලට නම් ඇප නැතිවෙන තරමට මම සතුටුයි (නි)
අයේෂ්, දුෂ්කර පළාත් වල ළමයි හරි අමාරුවෙන් ඉගෙනගන්නේ. කොළඹ පැතිවල ඉන්න හොර ටියුෂන්කාරයෝ වගේ විභාගයට කලින් ප්‍රශ්න ටික දෙන්නේ නැහැ ඔවුන්ට. (නි)
නවක වදය කියන එකෙන්ම පැහැදිලියි නේද එ්ක වදයක් බව. ඇයි ඕක බෙර ගහලා නටල කරන්න බැරිද? ඔය උත්තමයෝ තනතුරු ගත්තහමත් ඔහොම තමා. එතකොට හිනමානය නොවෙයි උච්චමානය එනවා ඔලුවට. දියුණු රටවල් වල නම් ඔය මොන නාඩගමක්වත් නැහැ. (නි)
ඒකට යාපනේ ගහපු අයට කලින්ම ඇප දෙනවනේ. (හේ)
නිමේෂ් හරි. මේ ආණ්ඩුව කළා නම් කරේ මේක විතරයි හරි දෙයක්. මගේ ප්‍රණාමය. (අ)
කොළඹ පාසැල් ගිය අපට විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදි වෙනකොට අපිට වඩා අඩු ලකුණු ගත්ත ගමේ කබ්බෝ විශ්වවිද්‍යාලයට ගියා ඒකයි ඇත්ත දිනේෂ් (බ)
ඔය නවක වදය කියන දහජරාව තියෙන්නේ ලංකාව ඉන්දියාව වැනි තුන්වෙනි ලෝකයේ රටවල පමණි. ඕකේ ඇති එකම සංස්කෘතිය හීනමානය. (බ)
විශ්ව විද්‍යාල සංස්කෘතිය කියල ලංකාවේ ... දිනේෂ් ගොන්කතා කියන්න එපා. මේක මානසික ලෙඩක්. (අ)
දිනේෂ් ඔබලා වගේ අය නියම කුහකයන් (අ)
දිනෙෂ්, යන්තම් පාස් වෙලා විශ්ව විද්‍යාලයට ආව ගමේ කබ්බෝ තමයි නවක වදය දෙන තරමක් දෙන්නේ. මොකද ඔවුන් ඉන්නේ දුප්පත්කම ඉංග්‍රීසි බැරිකම වැනි දෙවල් නිසා හීනමානයෙන්. (අ)
මතුවට නවකවදය නවැත්විමට මෙය ඉතාමත් හොද දඩුවමකී. 8 දෙනෙක්ට නීතියේ නවකවදය , දහසක්ට උණ ගැනෙන්න. (අ)
අනුන්ට රැග් කරන අයට නියම රැග් එක. මානසික වෛද්‍ය වරයෙකුට පෙන්වා, පුනරුත්ථාපනය කල යුතු පිරිසක් තමයි මේ.(හේ)
එ්ක නම් සාදාරන නැහැ. (හේ)
ඉගෙන ගන්න ගියාම ඉගෙන ගන්න ඕනි .මේවා දුප්පත් මිනිසුන්ගේ සල්ලි . (අ)
මේ රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම ගැන සොයා බල්ලනේ කවුද?(හේ)
දැන් තේරෙනවා ඇති නවක වදේ හැටි (හේ)
බොහොම හොඳයි! ඔය වගේ සමාජ පිළල ඇතුලෙම තමයි තියන්න ඕනා.(හේ)