IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


නත්තල් තෑග්ගට ලැබුණේ ඉබි පැටියෙක්

20151223-news-02-10

20151223-news-02-08

මෙයාට දැන් වැඩි දෙනෙක් කතා කරන්නෙ ‘රෝසා’ කියලයි. එච්.ආර්. ජෝතිපාල ශූරීන් ගැයූ ‘ගෙදර හිටිය රෝස කැකුල රෝසා’ ගීතය සිරස සුපර් ස්ටාර් සයවැනි අදියරේ තරගකාරියක ලෙස ඇය ගායනා කිරීම ඊට හේතුවයි. ඉන්පසුව ටෙහානි සහභාගී වූ සෑම ප‍්‍රසංගයකදීම වාගේ හැමෝම ඇයට ආරාධනා කළේ එම ගීතය ගැයීමටයි. ‘ටෙහානි ඉමාරා’ රෝසා වූණේ අන්න ඒ විදිහටයි. සිරස සුපර් ස්ටාර් 6 වැනි අදියරේ අවසානයේදී තුන්වැනි ස්ථානය දිනාගත් ඇය ගැන අද වැඩිදෙනා කතා වන්නේ දැන් පැවැත්වෙන සිරස සුපර් ස්ටාර් තරගය මනුරංග සමඟ එක්වී නිවේදනයෙන් මෙහෙයවන නිසයි. මේ ටෙහානි උපන්නේ කොහේදීද කියලා ඔබ දන්නවාද? අතීත නත්තල් සැමරුම් සමඟ ටෙහානි අපට ඒ ගැන කියන්නෙ මේ විදිහටයි.

 

0101 ටෙහානි, මේ දිනවල මොනම විදියකින්වත් ෆෝන් එකට ආන්සර් කරන්නේ නැහැලූ. ඇයි ඒ?
20151223-news-02-03මගේ උසස් අධ්‍යාපන කටයුතුවල නියැලෙනවා. අලෙවි කළමනාකරණ අංශයෙන් උපාධිය සඳහා නියැලී සිටින නිසා, ෆෝන් එක එක්ක සෙල්ලම් කරxකර ඉන්න වෙලා නැහැ.


0101 සිරස සුපර් ස්ටාර් තරග නිවේදන කටයුතු කිරීමට කාලය තිබෙනවද?

ඇත්තටම ඒක හරියට හීනයක් ඉටුවීමක් වගෙයි. කවදාහරි මියුසිකල් වැඩ සටහනක් නිවේදනය කිරීමේ අදහස තිබුණා. නමුත් ලොකුම ප‍්‍රශ්නය වුණේ සිංහල භාෂාව හරියට කතා කරන්න බැරිවීමයි. ඒත් මගේ අම්මා, මනුරංග සහ නිෂ්පාදන කණ්ඩායම මට ගොඩාක් උදව් කළා. ඒ නිසා ඒ අභියෝගය බාර ගන්න පුළුවන් වුණා.


0101 නත්තලට ගීතයකුත් ගායනා කළා නේද?

ටෙහාන් පෙරේරා සහ සංගීත් ඉද්දමල්ගොඩ එක්ක ‘නත්තල් ගී’ දෙකක් නිර්මාණය කළා. ඊට අමතරව මගේම ගී නිර්මාණයක් එළිදැක්වීම සඳහා සූදානම් වෙනවා. ප‍්‍රසංගවලදී බිලි ප‍්‍රනාන්දු ගායනා කළ චූටි නමැති ගීතය සැපයීමට එයා මට අවසර දුන්නා. ඒ නිසා දැන් හැමෝම මට කියන්නේ චූටි කියලයි. ඒ වගේම ජෝතිපාල මහත්මයාගේ රෝසා ගීතය ගැයීම නිසා සමහරු රෝසා කියලත් මට කතා කරනවා.


0101 නත්තල් දින මුල්ම මතකය ගැන සිහිපත් කළොත්?

කුඩා කාලයේදී නත්තල් සීයා, නත්තල් පප්පා කියන්නේ අපේ අම්මාට සහ තාත්තාට කියලයි මම හිතාගෙන හිටියේ සවුදියේදී එච්චර ජයට නත්තල් සැමරීමේ අවකාශය තිබුණෙත් නැහැ. කොහොම වුණත් එක් නත්තල් දිනයකදී අම්මායි තාත්තායි මට පුංචි ඉබි පැටියෙක් ගෙනැත් දුන්නා. එච්චරටම මම සතුන්ට ආදරෙයි. ඒ නිසා තමයි ඉබි පැටියෙක් මට ගෙනැත් දුන්නේ. හැබැයි මගේ පොත්ගොඩ ඉබි පැටියා උඩට වැටිලා එයා මැරුණා. ඒ අවස්ථාව මට දරාගන්න බැරි වුණා. එච්චරටම දුකයි. මම අදටත් ඒ ගැන දුක්වෙනවා.


0101 ඉන්පසු කලෙක ඔබට ලැබුණු අමතකම නොවන නත්තල් තෑග්ග මොකක්ද?

මීට අවුරුදු දොළහකට විතර පෙරදී, අපේ අම්මායිxතාත්තයි මට ගිටාර් එකක් ගෙනැත් දුන්නා. ඒ තෑග්ග මගේ ජීවිතයේ වෙනසක් කළ බව කියන්න පුළුවනි. එතැන් සිට ගිටාර් වාදනය ප‍්‍රගුණ කරන්න පටන් ගත්තා. ඒක ඇත්තටම මට අමතකම නොවෙන නත්තල් තෑග්ගක්. 


හැබැයි මම සවුදියේ උපත ලබා ලංකාවට ආවේ අවුරුදු 12 සම්පූර්ණ වූ පසුවයි. එවිට නැන්දලා, මාමලා, සීයාxආච්චි හැමෝම එක්ක නත්තල සමරන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව මට ගෙන දුන්නේ ලොකු සතුටක්. ඇත්තටම ලංකාවට ආවාම මට ඇතිවුණේ ලොකු සතුටක්. සිංහල භාෂාව බැරිකම මුල්කාලයේදී ලොකු අපහසුතාවක් වුණා. ඒත් දැන් ඔක්කොම හරි.


0101 මොනවද ඔබ කැමති නත්තල තේමා කරගත් ගීත.

සයිලන්ට් නයිට් ගීතයට හරිම කැමතියි. ඒ වගේම මාරියා කේරී ගයන ,්කක ෂ අ්බඑ දෙර ක්‍යරසිඑප්ි සි හදම, ගීතයටත් ගොඩාක්ම ආසයි. මෙරට බිලී ප‍්‍රනාන්දු ගායනා කළ ‘සීතල සුළඟ හමයි’ ගීතයටත් හරිම ආසයි. 


0101 නත්තල් දා මුහුණදුන් අමතක නොවන තවත් සිදුවීම් තියෙනවාද?

සංගීත ප‍්‍රසංගයකට දායකවීම සඳහා ප‍්‍රථම විදෙස් සංචාරයකට ආරාධනා ලැබුණේ නත්තල් දිනයකදීයි. ඩුබායි බලා ගිය ඒ මොහොතත් කවදාවත් මට අමතක කරන්න බැහැ.


0101 ඔබ නත්තල මොන විදියට ද සමරන්නේ?

දෙසැම්බර් 24දා රාත‍්‍රී 11.30 වෙද්දී ගෙදර අය එක්ක පල්ලියට යනවා. ගිහින් පූජාවලට සහභාගී වී, තාත්තාගේ මහගෙදර යනවා. ගිහින් වැඩිහිටියන් එක්ක තෑගි බෙදා ගන්නවා. 25 වැනිදා දිවා අහාරයට අපේ ගෙදරට නැන්දලා මාමලා සහ හිතවත් අය ඔක්කොම එකතු වෙනවා. හැබැයි මේ සියල්ල අතරේ දානxදීම සහ දුප්පත්ම මිනිසුන්ට සංග‍්‍රහ කරන්නත් උපකාර කිරීමටත් අමතක කරන්නෙ නැහැ. අනිවාර්යෙන්  ඒවා කරනවාමයි.


 - පසුතලය - Hayleys Cafe Fixel - 

 

20151223-news-02-01

20151223-news-02-02  

20151223-news-02-04

20151223-news-02-05

20151223-news-02-06

 



අදහස් (0)

නත්තල් තෑග්ගට ලැබුණේ ඉබි පැටියෙක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 998 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 64 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1114 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 188 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2021 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32260 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23824 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site