ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොල්ලුපිටිය පිත්තල හංදියේදී 2006/12/01 වැනිදා බෝම්බ පුපුරවා ඝාතනය කිරීමට ගත් උත්සාහය පිළිබඳ පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් තවම ලැබී නැතැයි පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද දැන්වීය.
ධර්මලිංගම් ධර්මදරන්, රාසයියා කන්නන්, සිවලිංගම් අරුනන්, ලතී මොහොමඩ් හා පොන්නසාමි කාර්තිගේසු සැකකරුවෝය.
මේ ප්‍රහාරයේදී ලුතිනන් කර්නල්වරුන් වන පැස්කුවෙල් ප්‍රියන්ත විජේරත්න හා එම් කේ පියසිරි මරණයට පත්වූහ.
හමුදවේ දස දෙනෙක් ද, සාමාන්‍ය වැසියෝ පස් දෙනෙක් ද තුවාල ලැබූහ. ආරක්ෂක ලේකම් ගමන් කළ රිය ඇතුළු වාහන 11කට අලාභ හානි සිදුවිය.
නඩුව ලබන 27 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හත් අවුරුද්දක් ගිහිල්ලත් ඔය වාර්තාව හදාගන්න බැරි වුනේ මොකද කියලා නම් හොයලා බලන්නම වටිනවා. (නි)
2006 ඉඳලා... ඇයි එච්චර පරක්කු වුණේ? (නි)
තවත් කොච්චර කල් යාවිද දන්නෙ නැහැ (නි)
මේ ප්‍රහාරයේදී මියගිය මහතුන්ට නිවන් සුව අත්වේවා! මේවාගේ උදාර දරුවන් බිහිකළ දෙමව්පියන්ට ජාතිය සදා ණයගැතියි. (නි)