IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


නීතිපතිගේ තීන්දුවෙන් පොලිසියට පාඩමක්

පාස්කු ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි රියාජ් බදියුදීන් නමැත්තා මුදාහැරීමට රහස් පොලිසිය ගත් තීරණය යුක්ති සහගත නොවන බව නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අවධාරණය කර ඇති බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් රහස් පොලීසිය නිසියාකාර විමර්ශනයක් කොට නොමැති බව හෙළිවීම නිසා නීතිපතිවරයා දුන් විශේෂ ලිඛිත උපදෙස්වලට අනුව විමර්ශන සිදුකොට මාසයක කාලයක් ඇතුළත එහි ප්‍රගතිය වාර්තා කරන ලෙස නීතිපතිවරයා රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු එහි උසස් නිලධාරීන්ට අවධාරණය කළ බව ද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

ලෝකයේ හැමදාමත් පන්ති දෙකක් තිබුණේය. ඒ බලය ඇති පන්තිය හා බලය නැති පන්තිය ලෙසය. බලය ඇති පන්තිය සාතිශය සුළුතරයකි. බලය නැති පන්තිය සාතිශය බහුතරයකි. එහෙත් බලය ඇති සුළුතරය බොහෝවිට නීතිය තමන්ට අවශ්‍ය පරිදි හැසිරවූයේය. කවර සාපරාධයක් කළද තම ගැලවුම පිණිස නීතිය යොදා ගත්තේය.

සමාජ යුක්ති ධර්මයට මුළුමනින්ම පටහැණි වුවද යථාර්ථය පෙර දැක් වූ දේය. එම නිසාම සමාජයේ පතුල බිඳගෙන ප්‍රකාශයට පත් වූයේ සියල්ලන්ටම නීතිය සමාන විය යුතු බවය. අලුත් ආණ්ඩුවේ සටන් පාඨයක් වූයේද එක රටක් එක නීතියක් යන්නයි. එයට මෙරට බහුතර ජනයාගේ ප්‍රසාදයත් අනුමැතියත් හිමි විය. එහෙත් නීතිපතිවරයා පවසන්නේ රියාජ් බදියුදීන් මුදාහැරීමේ රහස් පොලිස් තීරණය සාධාරණ නොවන බවය.

පුද්ගලයකු ආවාට ගියාට අත්අඩංගුවට ගත නොහැකිය. එයට සාධාරණ පදනමක් තිබිය යුතුය. යුක්තිගරුක සාධක තිබිය යුතුය.

පොලිසියට බලය ඇත්තේ එබන්දකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පමණි. අදාළ පුද්ගලයාට දඬුවම් නියම කරන්නේද නැද්ද තීරණය කරනු ලබන්නේ අධිකරණය මගිනි. පැමිණිලි පාර්ශ්වයටත් විත්ති පාර්ශ්වයටත් ඇහුම්කන් දී සාධාරණ නිගමනයට අධිකරණය එළැඹේ. එය විනිවිදභාවයෙන් යුතු ක්‍රියාවලියකි. අධිකරණයෙන් ඔප්පු වනතුරු ඕනෑම අයකු සැකකරුවකු පමණි. අධිකරණ ක්‍රියාවලිය දියත් වන්නේ එබඳු සාධාරණ පදනමකින්ය. එහෙත් නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ප්‍රකාශ කරන්නේ රියාජ් බදියුදීන් නමැත්තා මුදාහැරීමේ රහස් පොලිස් තීරණය සාධාරණ නොවන බවය.

රියාජ් බදියුදීන් නමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැක කටයුතු පුද්ගලයකු ලෙසය. ඔහු තවම වරදකරුවකු වශයෙන් ගණන් ගැනීමටද නොහැක. පාස්කු ප්‍රහාරය ඉතිහාසයට එක්වන්නේ මානව සංහතියේ කුරිරුතම සිදුවීමක් ලෙසය. ආගමික අන්තවාදයෙන් උමතුව එල්ල කළ එම කුරිරු ත්‍රස්ත ප්‍රහාරය මානව හිතවාදී මුළු මහත් ලෝකයම බලවත් පිළිකුලෙන් යුතුව හෙළා දුටුවේය.
මානව වංශ කතාවට කළු පැල්ලමක් හා කළු කුහරයක් විවර කළ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියල්ලන්ට ඉහළම දඬුවම් ලබා දිය යුතුය. මහා මනුෂ්‍ය ඝාතනයක හවුල්කරුවන්ට නිදැල්ලේ සිටීමට ඉඩ දීම යුක්තිගරුක මානව අධ්‍යාත්මය දරා නොඉවසන්නෙකි.

රියාජ් බදියුදීන් නමැත්තා අත්අඩංගුවට ගත් මොහොතේ සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්ත මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පිළිගත හැකි සාක්‍ෂි මත පදනම්ව බවය. ඉන් මාස පහ හමාරකට පසුව රියාජ් බදියුදීන් නමැත්තා මුදාහැර තිබිණි. ඒ අවස්ථාවේදී ද හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ ඔහුට නඩු පැවරීමට තරම් හේතු නොවන බවය.

සාධාරණ හේතු නොමැතිව අත්අඩංගුවට ගැනීම, මාස පහ හමාරක් වැනි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම කිසිසේත්ම සාධාරණ නැත. එය වරදකි. එමෙන්ම නීතිපතිවරයා පවසන ආකාරයට පොලිසිය මෙහිදී නියමාකාර විමර්ශනයක් කර නැත.
ඔහු ජංගම දුරකථන 16ක් භාවිත කළ බවට හෙළි වී ඇතත් ඉන් ජංගම දුරකථන 12ක්ම රහස් පොලිසිය සොයාගෙන නොමැත. එමෙන්ම මෙම සිදු කළ විමර්ශනවලදී රියාජ් බදියුදීන් නමැත්තා මුදල් විශුද්ධිකරණය කර ඇද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කර නොමැති බවද නීතිපතිවරයා අවධාරණය කර ඇත.

රියාද් බදියුදීන් නමැත්තාගේ සහෝදරයා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ය. දේශපාලන ලෝකය යනු ඩීල්වලින් පිරුණ තැනකි. ඒ අනුව එබදු ඩීල් එකක් නිසා රියාද් මුදාහරින ලදැයි සමාජයේ සාකච්ඡාවට ලක්විය. කුමන හේතුවක් මත වුවද අනීතික ක්‍රියා මෙරට ජනයා නොඉවසන බව අවධාරණය කළ යුතුය.

(***)



අදහස් (15)

නීතිපතිගේ තීන්දුවෙන් පොලිසියට පාඩමක්

safran Thursday, 15 October 2020 07:25 AM

රියාජ් බදියුදීන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ පිළිගත හැකි සාක්‍ෂි මත පදනම්ව නම් මාස 5ක් හිරේ තියාගන්නේ නැතුව එක්වරක් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට ඉඩ තබ්බා.. අත්අඩංගුවට ගනු ලැබුවේත් දේශපාලන ඩීල් එකකින් මුදාහැරියේත් දේශපාලන ඩීල් එකකින්.. රටේ ජනතාවට ඕනේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඬුවම් ලබා දීම නොවේ. රිෂාඩ් බදියුදීන්‍ව රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම.. 2015ට කලින් රිෂාඩ් බදියුදීන්‍ ගෙන් කවුරුත් ලොකුවට කථාකලේ නැහැ. 2015ට පස්සේ පොහොට්ටුව එමෙන්ම සමහර මාධ්‍ය ජනයා මත මතයක් ගොඩනැගුවා අන්තවාදියෙක් කියලා 2019 ඡන්දය ඉලක්ක කරගනිමින් කියලා සිය බුද්ධියෙන් හිතුවොත් තේරුම් ගන්න පුළුවන්...

:       23       40

Raveendra Thursday, 15 October 2020 07:47 AM

මහජනතාව ඉදිරියේ රඟ දක්වන "නවතම නරි නාටකයක් නොවන ඌරු නාටකය" පිළිබඳව කතෘතුමාගේ සමබර විග්‍රහය අප අගය කරන්නෙමු. අපට තේරෙන වයසේ සිටම අපගේම බදුමුදල් වලින් නඩත්තු වන අපගේම පොලිසිය තාමත් පාසැල් යමින් පාඩම් ඉගෙන ගැනීමයි. එක අතකින් ඉගෙනීමට වයස අදාළ නොවෙන තර්කය අපගේ පොලීසියට මනා ලෙස ගැලපෙන බවක්ද කිවයුතුයි. එය හරියට බුද්ධියෙන් අඩු හෝ බුද්ධියෙන් හීනවූ දරුවකුට නොහොත් මන්දබුද්ධික දරුවෙකුට කාල තරණය පිළිබඳව හෝ සාපෙක්ෂවාදය පිළිබඳව ඉගැන්වීමට උත්සාහ කිරීමක් වැනිය. කෙසේවෙතත් අපගේ දුප්පත් අහිංසක පුරවැසියන්ගේ බදුමුදල් වලින් නඩත්තුවන පොලිසිය සැමදාම විභාග අසමත්වී සිටීම නම් අහිංසක පුරවැසියන්ට තව තවත් දරාගැනීමට නොහැකි වෙනු ඇත.

:       4       26

Punyasoma Thursday, 15 October 2020 09:58 AM

චොකා මල්ලිට පාර්ලිමේන්තු යන්න බැහැ කියලත් කිව්වේ මේ නීතිපතිතුමාම තමයි. අන්තිමට මොකක්ද වුනේ? චොකා මල්ලි පාර්ලිමේන්තුවට ගිහිල්ලා දිවුරුම් දුන්නා. දේශපාලනයට නීතිය යටයි. ඔක්කොම වාසියට විතරයි...

:       1       27

නෙවිල් Thursday, 15 October 2020 10:57 AM

කොච්චර පාඩම් දුන්නත් තාම රිසාද් ඇල්ලුවේ නැහැනේ...

:       2       10

Mr Don Thursday, 15 October 2020 11:27 AM

කොහොමත් මහජාතියේ සමහර පුද්ගලයන් ජාතිවාදියි..

:       4       6

Srilankan Thursday, 15 October 2020 12:19 PM

ජාලිය සේනාරත්ත මහත්තයාට කිව්වා කියන්න කියලා ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පිළිගත හැකි සාක්‍ෂි මත පදනම්ව බව... අත්අඩංගුවට ගත්තා මාස පහ හමාරකට පසුව. රියාජ් බදියුදීන් නමැත්තාව මුදාහරින්න කිව්වා. මුදාහැර ජාලිය සේනාරත්ත මහත්තයා කිව්වා නඩු පැවරීමට තරම් හේතු නොවන බව... ඕක තමයි ඇත්ත කතාව..​

:       0       11

දැහැමි Thursday, 15 October 2020 04:32 PM

කියන්න කියන දේ කියන්නයි කරන්න කියන දේ කරන්නයි විතරයි පොලිසියට පුලුවන්. නීතිපතිලාටත් ඒ ටිකම තමයි. තමන්ගේ ධුර කාලය ඉවරවෙද්දි ලැබෙන ප්‍රතිලාභ වැඩි වෙන්න නම් බලයේ තියෙන ආණ්ඩුවට ඕනෑ විදියට කටයුතු කරන්න වෙනවා. ඉතින් හැම දෙයක් එක්කම බලය වෙනුවෙන් ප්‍රභාකරන් එක්කත් ඩීල් දාපු දේශපාලුවන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අදටත් පාර්ලිමේන්තුවේ ඉන්න වෙලාවක මීට වැඩිය සාධාරණ විදියට නීතියක් ක්‍රියාත්මක වෙයි කියලා බලාපොරොත්තුවක් තියා ගන්න බෑ.. හැබැයි මහා හයියෙන්ම රට ජාතිය ගැන කියලා රිෂාඩ්ලාව සාෆිලව එල්ලනවා කියලා බලය අර ගත්ත අයම මෙච්චර ඉක්මනට වෙනස් වෙයි කියලා නම් මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්න නැතුවම ඇති...

:       0       16

Amal Friday, 16 October 2020 06:36 AM

මට නම් ගැටළුවක් වුනේ ආරක්ෂක ලේකම්ගේ වෙස්පෙරලිය. මහා ලොකු කථා කිව්වට දැන් කාඩ්බෝඩ් වීරයා සද්ද නැහැ. හොඳ ඩීල් එකක් ගහලා මිනිහා හැංගිලා.

:       0       7

Wca Friday, 16 October 2020 06:47 AM

උපදෙස්, අවවාද, දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා වගේ වචන දැන් දැන් මාධ්‍ය සංදර්ශන වගේ තමයි පේන්නේ..

:       0       5

Kamal Gamage Friday, 16 October 2020 07:54 AM

පළමුව ඔවුන් උදාහරණයක් පෙන්විය යුතුයි.

:       0       2

Deepal Nirosh Friday, 16 October 2020 08:58 AM

මට පේන විදියට රිෂාද්, රියාද්, පොලිස්පති, හමුදාපති, නීතිපති විතරක් නොවෙයි. මහින්ද, ගෝඨා බලසේනාව ඇතුළු අපි හැමෝම බැසිලිකා නාටකයේ රංග දායකයින් විතරයි.

:       0       4

විජේ Saturday, 17 October 2020 12:31 AM

මෙතුමාට කොන්ඩේ කපාගන්න, පීරගන්නවත් බැරි තරමටම වැඩ මගෙ හිතේ...

:       0       1

kawidu Saturday, 17 October 2020 12:25 PM

නීතිපතිතුමනි, ඔබතුමාගේ වගකීම නම් නොකියවා ලිපි අත්සන් කළ ජනාධිපති ගැන නීතිමය පියවරක් ගන්න.

:       1       0

දර්ශන Monday, 19 October 2020 06:55 AM

"කුමන හේතුවක් මත වුවද අනීතික ක්‍රියා මෙරට ජනයා නොඉවසන බව අවධාරණය කළ යුතුයි." මේ කතාව හරිම කියලත් පිළිගන්න බැහැ නේද..?

:       0       0

Bandara Monday, 19 October 2020 09:58 AM

පූජිත් ඔබ මාව ඩිරෙක්ට් ASP ඉන්ටර්වීව් එකෙන් කැපුවා. සුදුසුකම් තියෙද්දී කැපුවාට... හෙණ ගහන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 28 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 184 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 170 0

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


සිරි දළදා වන්දනාවට රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයෝ මහනුවරට
2025 අප්‍රේල් මස 18 544 0

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක


දළදා වන්දනාව lankadeepa.lk වෙබ් අඩවියෙන් සජීවීව
2025 අප්‍රේල් මස 18 559 0

සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.


පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොවේ
2025 අප්‍රේල් මස 18 1295 8

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 205 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1127 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site