පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව සඳහා මෙරටට පැමිණෙන බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමාරුගේ ප්‍රධානත්වයෙන් එංගලන්තයේ ‘ලැන්තෂෙයාර්‘ විශ්ව විද්‍යාලයයට අනුබද්ධ මීරිගම ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට මුල් ගල් නොතබන බව ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයය කියයි.
විශ්ව විද්‍යාලයය ඉදිකිරීමට විරෝධය පාමින් එක්සත් සමාජවාදී ශිෂ්‍ය සංගමය විශේෂ විරෝධතා පෙත්සමක් මරෙට මහාබ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයයට භාර දුන්නේ ය.
එහි ජාතික සංවිධායක වෛද්‍ය නලීන් ජයතිස්ස මහතා විසින් එම පෙත්සම බ්‍රිතන්‍ය මහ කොමසාරිස් කාර්යාලයයේ ප්‍රධාන ලේකම් මයිකල් හල්ෆික් මහතාට භාර දෙන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අපි සල්ලි දීල ඉගෙන ගන්න තත්වෙට පත් කර ගන්නේ, ලංකාවේ නිදහස් අධ්‍යායාපනය නිකන්ම නැති වෙනවා අපේ මිනිස්සුන්ගේ දැනුවත් කම මදි (දිල්)
ගජබා, ඔබගේ කතාව සම්පුර්ණ ඇත්ත. ඔය වගේ කිහිප දෙනෙක් ගැන මමත් දන්නවා. කරුණාකර ඔය සමාජ විරෝදීන්ට අහු වෙලා අධ්‍යාපනය කඩාකප්පල් කරගන්න එපා. කරන දේශපාලනයක් විශ්ව විද්‍යාල වලින් පිටතදී කරගන්න (නි)
මම මොරටුව සරසවියේ ඉන්න කාලේ ඔය සමාජවාදී ශිෂ්‍ය සංගමයේ හිටියේ මුළු කැම්පස් එකෙන්ම දහ දෙනයි. කරපු එකම දේ විරෝධතා සහ පෝස්ටර් ගැසීම පමණයි..උන්ගෙන් සමහර කට්ටිය දැන් බටහිර රටවල පුරවැසි භාවය අරගෙන එහෙට වෙලා ඉන්නවා...මෙහෙ ඉන්න අය ලංකාවේ ඉන්න අයට සල්ලි දීල ඉගෙන ගන්න තියෙන අවස්ථාව නැති කරන්න හදනවා... (නදී)
පාර්ලි මෙන්තුවේ ප්‍රකාශ කලානේ මුල් ගල තියනවා කියලා .කවුද බොරු කියන්නේ .(නදී)
නිකන් දෙන දේ නැති කරනවා කියල කොහෙවත් ලියලත් නැහැ කියවෙලා වත් නැහැ. මේක මේ අයම හදා ගත්ත තර්කයක්. නිකන් කන්න ලෑස්ති වෙනවට වැඩිය තම තමන් උපයාගෙන කෑමෙන් ඒකේ වටිනා කම වැඩියි. රජයේ මුදල් වලින් ඉගෙනගෙන දෙන පත්වීම් සහ රජයට වියදම් වූ මුදලවත් නොගෙවා වෛද්‍යවරු රට හැර යති. (නදී)
ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල ගෙනෙන එක හොදයි. මෙය ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
අළුතෙන් පත්කළ අධ්‍යාපන ඇමතිත් සමග දැන් ලංකාවෙ අධ්‍යාපන ඇමතිලම 17ක් ඉන්නවා. මින් එක් අයෙක් ඉවත්කළා නම් රජයේ විශ්වවිද්‍යාලයක් හදන්න තිබුණා. (නි)
"ඇයි අපි සල්ලි දීලා ඉගෙනගන්න තත්ත්වයට පත් කර ගන්නේ' ඇයි අපි පිනට ඉගෙනගන්න තත්ත්වයට පත්වන්නේ? (නි)
"සමහරු හදන්නේ සල්ලි තිබෙන අයට පමණක් ඉගෙන ගන්න පුළුවන් තැනකට ලංකාව ගෙනෙන්න" ඉතින් නිකන් ඉගෙන ගන්න දෙන්නේ නැහැ කියනවයැ? (නි)
"මේගොල්ලෝ නිකන් ඉගෙන ගන්නෙත් නෑ. සල්ලි දීල ඉගෙන ගන්න දෙන්නෙත් නෑ" බල්ලෝ පිදුරු කන්නෙත් නැහැ කන ගොන්නුන්ට දෙන්නෙත් නැහැ (නි)
නවක වදය නැතුව,උද්ගෝෂණ,පෙළපාලි,විරෝධතා රජයේ විශ්ව විද්‍යාලවල කෙරෙන්නේ නැත්නම් හැම දෙමව්පියෙක්ම තම දරුවන් විශ්ව විද්‍යාලවලට එවාවි. (නි)
රටේ තව තවත් විශ්ව විද්‍යල ඇති කිරීමෙන් අපේ තරුණ තරුණයින් රටේ ඉහළ තැන් වලට ලෝකයේ ඉහළ තැන් වලට යන එක කොයිතරම් හොඳ දෙයක්ද? ඇයි මේක තේරුම් ගන්න බැරි.ඒ වගේම අපේ නිදහස් අධ්‍යාපනයත් තිබිය යුතුයි. (නි)
සමහරු හදන්නේ සල්ලි තිබෙන අයට පමණක් ඉගෙන ගන්න පුළුවන් තැනකට ලංකාව ගෙනෙන්න (නි)
අයියෝ අපරාදේ! (නි)
ප්‍රදීප් ලසන්ත, ඔය විශ්ව විද්‍යාල වල සමජවාදය ගැන කිය කියා පන්ති වර්ජන කරවපු ශිෂ්‍ය නායකයෝ අද පාර්ලිමේන්තුවට ඇවිත් යන්නේ බෙන්ස් එකේ ඉදිරියට සහ පසුපසට පරිවාරක රථ සමඟ, ඉන්නේ මාලිගාවල, විනොදෙට කැසිනෝ සෙල්ලම් කරන්නෙ ඉස්සර සමාජවාදය ගැන දේශනා තිබ්බට දැන් කියන්නේ හිත සන්තෝස කරගන්න හවසට කැසිනෝ එකකට ගිහින් ලක්ෂ 5 -10 ඔට්ටු අල්ලන එක සාමාන්‍ය දෙයක් කියලා. මේක තමයි සත්‍ය තත්වය (ස)
මේ කට්ටිය වැරදිලා කට්ටිය බඩු. අපායට යන ගමන් මෙහෙට වැටිලා. (ස)
ලංකාවෙ ඉන්න වැඩි පිරිසක් ඉගෙන ගත්තෙ නිදහස් අධ්‍යාපනයෙන්. ඒ නිදහස් අධ්‍යාපනය අපේ පරම්පරාවට ඉතුරු කරල දෙන්න දහස් ගණනින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජීවිත පරිත්‍යාග කලා කියල නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ගත්ත කුහකයින්ට මතක නැහැ. මේ ඉටු කරන්නෙ වර්තමාන පරපුරේ යුතුකම.. ඔබලාගේ කැපකිරීම් නිවැරදි බව ඉතිහාසය ඔප්පුකර පෙන්වා තිබෙනවා. අපි ඉගෙනගත්තෙ, ඒ අතීත විරුවන්ගේ පරිත්‍යාගයෙන්.. සමාජවාදී ශිෂ්‍ය සංගමයට ජය... (ස)
නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට මොන තරම් බලවේග ක්‍රියාත්මක වෙනවා පේනවා නේද ? (ස)
බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නිවේදනය කියවල සත්‍ය තේරුම් ගන්න.චාල්ස් කුමාරයා මෙහෙම දෙයක් දන්නෙත් නැති බව එම නිවේදනයේ කියල තියෙනවා.මුන් වගේ බොරුකාරයෝ ටිකක්. බොරුව එළිවෙන කොට කාට හරි වරද පටවනවා. (ස)
සල්ලි දීල හරි යමක් ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් ඉගෙන ගත්තම මේ ගොල්ලන්ට මොකද? (ස)
මොවුන්ගේ හිතේ ලංකාවේ ඉගෙන ගත හැක්කේ මොවුන්ට විතරයි කියලා. මේ අය ඉගෙන ගන්නෙත් අපේ සල්ලි වලින්. සල්ලි දීලා ඉගෙන ගන්න මිනිස්සු ඉන්නවා නම් මොවුන්ට මොන අමාරුවක්ද? (ස)
රට කන හරක්. (ස)
නොමිලයේ උගන්වන එකේ වරද තමයි මේ ? ඉගෙනගන්න මිනිස්සුන්ටවත් ඉගෙන ගන්න දෙන්නේ නැහැ. හැමදාම එක එක විකාර, ජර්මනියේත් අධ්‍යාපනය නොමිලයේ, පෞද්ගලික විශ්ව විද්‍යාලත් තිබෙනවා. නමුත් මෙහෙම ප්‍රශ්න නැහැ. මෙහෙ දේසපාලන පක්ෂ පාසල්, විශ්වවිද්‍යාල තුළ දේසපාලනය කරන්නේ නැහැ. (ස)
මේගොල්ලෝ නිකන් ඉගෙන ගන්නෙත් නෑ. සල්ලි දීල ඉගෙන ගන්න දෙන්නෙත් නෑ. (ස)
ඔව් ඉතින් නිකන් ඉගෙන ගන්න බැනේ, ඒකයි. (ස)