IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


නිත්‍යනගර් අනිත්‍ය නගරයක් වෙයි

යුද්ධය නිම වී වසර හතක් ගත වී ඇතත් වව්නියා දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් අවතැන් වු පවුල් 12000 කට නිවාස නොමැති බව වව්නියා දිසාපති රෝහණ පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කරයි.

එකවර සියලු දෙනාට නිවාස ලබා දීමට නොහැකි බවත් එය අවුරුද්දෙන් අවුරුද්ද ක්‍රමයෙන් සිදු කරන බවත් මෙම වසරේ නිවාස 1000 ක් සඳහා මුදල් ප්‍රතිපාදන ලැබී ඇති බවත් ඔහු  ප්‍රකාශ කළේය.

පුනරුත්තාපන හා නැවත පදිංචිකිරීම් අමාත්‍ය ටී.එම්. ස්වාමිනාදන් ප්‍රකාශ කළේ

“ අපි නිවාස නැති අයට නිවාස ලබා දෙන්න වැඩ පිළිවෙළක් හැදුවා. පත්තරේ අයදුම්පතක් දානවා. නිවාස නැති අයට අයදුම් කරන්න පුළුවන් ” යනුවෙනි.

යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර නිවාස 155000 ක් පමණ විනාශ වී ඇති බව එක්සත් ජාතීන්ගේ ගණනය කිරීමකින් හෙළි වී ඇත. වව්නියාවේ නිත්‍යනගර් මේ අර්බුධයෙන් දැඩි ලෙස බැට කයි.

“ අපිට කන්නත් නෑ, බොන්නත් නෑ, ඉන්නත් නෑ ඒමදිවට අලිත් ගහනවා ”

යැයි නිත්‍යනගර් හී නවදීශ්වරී (33) පැවසුවාය. ඇය පවසන්නේ යුද්ධයෙන් අසරණ වූ තත්වයේම තවමත් ඔවුන් පසුවන බවයි.

ඔවුන්ගේ මූලික අවශ්‍යතා පවා ලැබී නොමැති බව ඔවුන්ගේ නිවෙස් දෙස බලන විට පෙනී යයි. මේවන විට ප්‍රවාහන, පානීය ජලය ගැටළු මෙන්ම වල් අලි ගැටළුව ද ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න කිහිපයකි.විවිධ ආකාරයෙන් රජයට තම දුක කීවද ඒවා සඳහා කිසිඳු පිළියමක් ලැබී නොමැති බව නිත්‍යනගර් වැසියෝ පැවසූහ.

IMG_9324

IMG_9367-2

\IMG_9399 IMG_9403 IMG_9416 IMG_9435

IMG_9430



අදහස් (0)

නිත්‍යනගර් අනිත්‍ය නගරයක් වෙයි

නුවන් නවසීලන්තය Saturday, 19 March 2016 12:01 AM

සුනාමි ආධාර ගසාකෑ, දුප්පත් මිනිසුන්ගේ බදු මුදල් ගසාකෑ අය ලබන ආත්මේ උපදින්න ඕනෑ කොහෙද කියලා හිතාගන්න බැහැ මේවා පෙනෙනකොට (නි)

:       0       0

චන්න බුවනක Friday, 18 March 2016 08:36 AM

ලැබුන ආධාර ගසා කාපු උන්ට මේ ආත්මයේදීම ඕව පලදෙයි. (බ)

:       0       0

මහින්ද Saturday, 19 March 2016 01:57 AM

නුවන් දිස්නිලන්තේද ඉන්නේ? යුද්ධයට පස්සේ මිනිසුන්ට අවැසි හැමදේම ටිකින්ටික ලබාදෙන්න සුදානමින් වැඩ කරගෙන යන අතරේ පෙඩරල්වාදී ගමනකට එම පෙදෙස් වල මිනිස්සු සුදානම් කරන උදවිය ඒවා කඩාකප්පල් කළා. එ් මිනිසුන්ගෙ ඔලුවලට විස පොවපු කෙනා නන්දිකඩාල් කලපුවේ ඉවර වුණා. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 19 March 2016 02:07 AM

ලැබුන ආධාර ගැන නම් තොරතුරු ගොඩක් තියනවා. සාම කතා කාලේ අරගෙන ගිය ඒවා, එවපු කට්ටිය ගැන රජයත් නිහඬවෙලා. දැන් උපදෙස් දෙන්නත් එනවා. කොපමණ කළත් කෙරුවා කියලා කියන්නේ නැහැ. (නි)

:       0       0

ලොයිඩ් Friday, 18 March 2016 03:17 PM

මාධ්‍යවේදීන්ගේ යුතුකම තමයි මේ වගේ දේවල් නිතරම පළකිරීම එතකොට තමයි මිනිසුන්ගේ ඇස් ඇරෙන්නේ (අ)

:       0       0

රුවන් කොටුවෙල්ලේ Friday, 18 March 2016 03:30 PM

කිසිම ආණ්ඩුවක් මිනිස්සුන්ට දෙයක් කරනවා කියා කියන්නේ කොහොමද .විශේෂයන් මේ ජනතාව අපට වෛර නොකර අරීද ? කෝ අපේ බෞද්ධ කම . කෝ අපේ මනුස්සකම . බොරුව ඇති. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1103 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 751 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1149 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 837 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 507 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 918 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site