ජාත්‍යන්තර සිංහ සමාජයේ දිස්ත්‍රික් 306 බී 1 සිංහාධිපති රංජිත් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් දෘශ්‍යාබාධිතයන් 150 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පා ගමනක් සහ වියළි අහාර ද්‍රව්‍ය බෙදාදීමක් වත්තල දී සිදුවිය.
මේ වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 162ක් ලබා සමත් වූ එකම දෘශ්‍යාබාධිත සිසුවා වූ මහනුවර දොඩන්වල අඳ ගොළු බිහිරි පාසලේ පසිදු හිරන්ත ශිෂ්‍යයාට ජා-ඇල සිංහ සමාජයේ ආර්. එල්. රාජ් කුමාර් සහ මේරියන් පෙරේරා විසින් මසකට 5000 බැගින් වසර තුනක් සදහා ශිෂ්‍යත්වයක් පිරිනැමීමද එහිදී සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතු උපදිනා සෑම භවයකම නිරෝගී සම්පුර්ණ මිනිස් අත් භාවයන් ඔබ සැමට ලැබේවා! (නි)
හොද වැඩක්. පින් සිද්ධ වෙනවා හැමදෙනාටම. (නි)
හොද දෙයක් (නි)
හැමෝගෙම ආශිර්වාදය ලැබෙනවා ඔබට. සදා ජය! ජේසු පිහිටයි! (නි)
නිර්මාණශීලී උතුම් සැබෑම සිංහ වැඩක්. ද්‍රවිඩ මහත්මයෙක් සිංහල පුතෙකුට උදව් කරන හැටි බලන්න ලස්සනයි නේද? රාජ් සහ මේරියන් දෙපලට පින්. (නි)
මම හිතන් හිටියේ සිංහ සමාජ කියන්නේ පාර්ටි දන කට්ටියක් කියල බලාගෙන ගියාම නියම වැඩක් කරලා තියෙන්නේ (අ)
නිර්මාණශීලී උතුම් සැබෑම සිංහ වැඩක්. ද්‍රවිඩ මහත්මයෙක් සිංහල පුතෙකුට උදව් කරන හැටි බලන්න ලස්සනයි නේද? රාජ් සහ මේරියන් දෙපලට පින්. සිංහ පොතකිනි.. ප්‍රසිද්දියට වියදම් කරන සල්ලිත් තවත් අයෙක් වෙත ලබාදුන්නොත් තවත් පින. ප්‍රසිද්දිය නොව අප බලාපොරොත්තු විය උතේ,,..නිහඩ..උදාර සේවයි.. (අ)
යහපත් ක්‍රියාවක් පින්සිදුවේවා (අ)
හොඳ වැඩක් හොරෙන් කරනවට වැඩිය හැමෝටම දැනෙන්න කරන්න ඕනෑ. එතකොට අනික් හැමෝටම හොඳ දේ කරන්න ආශාවක් උනන්දුවක් ඇතිවෙනවා. දැන් වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ හොඳ දේට වඩා නරක දේ. ඒ නිසා හොඳ දේ ලංකාදීප පත්තරේ නොමිලයේ දාන එකට පින්. කරන උදාර සේවය රහසින් කරන එකට වඩා හැමෝටම දැනෙන්න කරන්න. ලංකාවේ බොහොමයක් මේවා කරන්නේ ප්‍රතිලාභ බලන්නේ නැතුවයි. ජා-ඇල සිංහ සැමටම නැවතත් තුති. (නි)
මෙම සිංහ සමාජය පසුගියදා විශාල වෛද්‍ය සායනයක් ජාඇල කළා මම දැක්කා. කවදාහරි මෙම සිංහ සමාජය ලංකාවම බබළනවා. ඔවුන්ට දේව ආශිර්වාදය ලැබේවා! (නි)
සිංහ සමාජය ගැන හොඳ සිතුවිල්ලක් ඇති කල ඔබ සැමට ගොඩක් තුති. (නදී)
මම කැමති මෙම සිංඝ සමාජයට බෙදෙන්න මෙම සත් ක්‍රියාව මම ඉතා අගය කොට සලකනවා (අ)