IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


නොදොඩා නොබලා ගම්පහට නම් දෙති

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට නාම යෝජනා බාර දීමට පැමිණි  කණ්ඩායම් කොටස් දෙකකට කැඩී ඇති බවක් දක්නට ලැබිණි.

ගම්පහ දිස්ත්‍රිත් කණ්ඩායම් නායක  ෆීලික්ස් පෙරේරා, සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ, ලසන්ත අලගියවන්න සහ පණ්ඩු බණ්ඩානායක යන අපෙක්ෂකයෝ  වෙනම ආහ. වෙනම ගියහ.

 බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, නිමල් ලංසා සහ සරත් කුමාර ගුණරත්න ඇතුළු පිරිසක් වෙනම කණ්ඩායමක් සේ සිටියහ.

 නාමයෝජනා බාර දීමෙන් පසු ප්‍රසන්න රණතුංග මහතා තමන් දිස්ත්‍රික් ලේකම් කාර්යල භූමියෙන් පිටතට පැමිණ මහ පාරේදී ජනතාව ඉදිරිපිට විශේෂ ප්‍රකාශයක් කරන බව මාධ්‍යවේදීන්ට කීවේය.

ඉන්පසු   ෆීලික්ස් පෙරේරා මහතා දිස්ත්‍රික් ලේකම් කාර්යාල  පරිශ්‍රයේ තරප්පු පෙළ පාමුලට පැමිණියේය.  සුපුරුදු මාධ්‍ය අමතන ස්ථානය එය වන බැවින් ඔහු එතැන සිට මාධ්‍ය ඇමතීමට සුදානම් විය.  එම ස්ථානයට සුදර්ශනී  ප්‍රනාන්දු පුල්ලේ මහත්මියද, ලසන්ත අලගියවන්න මහතාද, පණ්ඩු බණ්ඩානායක මහතාද පැමිණ සිටියද ප්‍රසන්න රණතුංග මහතා පැමිණියේ නැත.

පසුව ෆීලික්ස් පෙරේරා මහතා රණතුංග මහතාට පණිවිඩ කිහිපයක්ම යැවු මුත් එම ස්ථානයට  රණතුංග මහතා   විනාඩි හත අටක් යන තුරුත් පැමිණියේ නැත.    ඔහු එනතුරු බලා සිටි ෆීල්ක්ස් පෙරේරා මහතා පසුව  මාධ්‍ය ඇමතුවේය. සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ද කතාවක් කළාය.

ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිස ඉන් පසු කච්චේරියෙන් එළියට පැමිණ මාධ්‍ය ඇමැතූහ.

10-(1) 12-(2)

 



අදහස් (0)

නොදොඩා නොබලා ගම්පහට නම් දෙති

රනුක Thursday, 16 July 2015 11:01 PM

අපි නම් මේ ගමන දෙන්නේ හොඳට හිතලා බලලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 716 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4614 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2775 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 255 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1364 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1476 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28012 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site