(රංජිත් රාජපක්ෂ)

නුවරඑළිය නානුඔය බ්ලැක්ෆූල් ප්දේශයේ ගාල් කර තිබූ වෑන් රථයක් පැහැර ගනිමින් සිටි සැකකරුවෙකු නානුඔය පොලිසිය විසින් (30) දින රාත්‍රීයේ සැකපිට අතඅඩංගුවයට ගෙන ඇත.

සැකකරු තවත් පිරිසක් සමග පැමිණ නිවසක් අසළ මාර්ගයේ ගාල් කර තිබූ වෑන් රථය පැහැර ගෙන යන බවට වෑන් රථයේ අයිතිකරු විසින් නානුඔය පොලිසිය වෙත කල දැනුම්දිමක් මත වාහා ක්‍රියාත්මක වූ නානුඔය පොලිසියේ නිළධාරින් මෙහෙයුමක් දියත්කර නානුඔය ප්‍රදේශයේදිම වෑන් ථය සහ රියදුරු අත්අඩංගුවටව ගෙන ඇත.

එම වෑන් රථයේ සිටි සෙසු සැකකරුවන් පලා ගිය බවයි නානුඔය පොලිසියේ නිළධාරින් කියා සිටියේ.

වෑන් රථය අයිතිකරු විසින් වෑන් රථය මිලදි ගැනීමට මුදල් ලබා ගෙන ගිවිසුම් ගත වූ පෞද්ගලික මූල්‍ය ආයතනයක වාරික ගෙවිම ප්‍රමාද කල නිසා මූල්‍ය සමාගමේ උපදෙස් මත (සිසර්) සැකකරුවන් විසින් මෙම වැන් රථය පැහැර ගෙන යමින් සිට ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නානුඔය පොලිසියේ නිළධාරින් කියා සිටියේ.

වෑන් රථයේ අයිතිකරුට නොදන්වා පොලිසිය වෙත දැනුම්දිමක් නොකර මුල්‍ය සමාගම් තැරැව්කරුවන්ට මෙසේ වාහන පැහැරගෙන යෑමට නොහැකි බව පොලිිස්පතිවරයා විසින් චක්‍ර ලේඛණයක් නිකුතු කර ඇති බවද එම නිළධාරියා පැවසීය. 

අතඅඩංගුවට ගත සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ෂණ ආරම්භ කරන බවයි නානුඔය පොලිසියේ නිළධාරියා වැඩිදුරටත් පැවසිය.