අඳ කුඹුරක අයිතිය වෙනස් කිරීම සඳහා රුපියල් පන්දහසක අල්ලසක් ගත්තායි අල්ලස් හා දුෂණ විමර්ශන මගින් අත්අඩංගුවට ගත් කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරියකු හෘදයාබාධයකට ලක්වී බන්ධනාගාර රෝහලේදී මිය ගියේය.
අඳ කුඹුරක අයිතිය වෙනස් කිරීම සඳහා රුපියල් පන්දහසක අල්ලසක් ගත්තායි අල්ලස් හා දුෂණ විමර්ශන මගින් අත්අඩංගුවට ගත් කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරියකු හෘදයාබාධයකට ලක්වී බන්ධනාගාර රෝහලේදී මිය ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 5000කට ජීවිතයක් නැති වුණා. අපි කවුරුත් අමරුවෙන් ජීවත් වෙන්නේ. අවංකම කියනවා නම් මම නම් අල්ලස් දෙන්නේම නැහැ. මට මගේ ව්‍යාපාරික කර ගෙන යන්න බැරි තාවයක් ඇවිත් තියන්නවා අල්ලස් නොදීම නිසා. (ස)
මරණය එන වෙලාව අප දන්නේ නැහැ,හැකී පමණ හොදින් ජීවත් විය යුතුය.(දිල්)
අයියෝ! (නි)
එයා ඇත්තටම ගන්න ඇද්ද? (නි)
දැන් ඒ මනුස්සය නැහැ. වීවේචනය නොකර ඉමු. මිනි මරලා, කෝටි ගණන් වංචා කාරයෝ එළියේ යහතින් ඉන්න කොට මේක මොකක්ද ? (නදී)
සමහර විට මොහු නොකළ දෙයකට බන්දනාගාර ගතවීම නිසා සිත් තැවුලට පත්වී මිය යන්න ඇති.මේකෙන් ඔහුගේ යැපෙන්නන් තමා අසරණ වෙන්නේ. (නි)
අනේ පවු! (නි)
ඔය හෙට අනිද්දා පාසල් වලට ළමයි දානකොට අල්ලස් ගන්න අයත් ඔහොම අල්ලයිද දන්නේ නැහැ නේද? (නි)
අත්අඩංගුවට පසු පොලිස් මහත්තුරුන්ගේ ආදරය කරුණාව මත මේ නිලධාරියට සන්තෝෂය වැඩිවෙලාද මියගියේ? (නි)
රු. 5000ක් කියන්නේ එක සැරයක් කඩේට ගියහම දවස් දෙක තුනකට අවශ්‍ය ආහාර පාන ගන්න වියදම් වෙන මුදල. සාමාන්‍ය ලෙඩෙක් නම් දවස් කිහිපයක බෙහෙත් කරල් වලට යන මුදල. ඕක වෙනුවෙන් ආත්මය පුජා කරන්න හිගන්නෙක් වත් සුදානම් නැහැ. රු. මිලියනවලින් පාඩු වූ සිද්ධීන් ගැන අල්ලස් කොමිසම ඇතැම් දේශපාලුවෝ පසුපස එලවන විට රාජ්‍ය කරන අයම ඒවා ඉල්ලා අස්කරගත් යුගයකයි අපට මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ගැන අසන්න ලැබෙන්නේ. කියන්නේ නම් "නීතිය කාටත් සාධාරණයි" කයලා.(නදී)
අනේ පවු! (නි)
අපි දන්නේ නැහැ මේකේ ඇත්ත කතාව.මොනවා වුණත් අද මිනිස්සු ජිවත් වෙන්නේ හරිම අමාරුවෙන්. විශේෂයෙන් මැද පන්තියේ මිනිසුන්.පවුල් බරින් ජිවත් වෙන්න දඟලන මිනිසුන් බඩගෝස්තරේ රැකගන්න මේ වගේ දේවල් වලට යොමු වෙන්නේ වෙන කරන්නම දෙයක් නැති තැනයි.මොනවා වුණත් පවු (නි)
අනේ දෙවියනේ මේක අල්ලස් ගන්න අයට වැළදෙන රෝගයක් වේවා! එතකොටවත් අවසානයක් වෙයි. (නි)
අද අද එයි මරු පින් කර ගන්නේ............ කෙලෙසද හෙට මාරු නේති සිතන්නේ........ ගොනා පිටු පස ඇදෙන කරත්ත රෝදය මෙන් හොඳ නරක අප පසුපස ලුහු බඳී. (ස)