(ගයාන් සූරියආරච්චි)
ජනාධිපතිවරණයට නාමයෝජනා බාරදීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරන විශේෂිත ආරක්ෂක හා රථවාහන සැලැස්මට පොලිස් නිලධාරීන් 1300 කට අධික නිලධාරීන් පිරිසක් යොදවන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පවසයි.
ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාරදීම අනිද්දා (15) මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පෙරවරු 8.00 ත් පස්වරු 11.00 ත් අතර කාලය තුළ සිදුකෙරන අතර එදින පස්වරු 2.00 දක්වා විශේෂ රථවාහන සහ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එදින ක්‍රියාත්මක කෙරන රථවාහන සැලැස්මට අනුව පොල්දූව දෙස සිට නාවල පාරෙන් කොළඹට ඇතුළු වන සියලුම වාහන සාමාන්‍ය පරිදි වැලිකඩ හන්දියට පැමිණ එතැන් සිට ආයුර්වේද හන්දිය දක්වා ගමන් කර සාමාන්‍ය පරිදි කොළඹට ඇතුළු විය හැකිය.
එහිදී වැලිකඩ හංදියත් ආයුර්වේද හන්දියත් අතර කොලඹට ඇතුළු වන සියුලම අතුරු මාර්ගවලින් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයට ඇතුළු වන සියලුම වාහන වමට හරවා බොරැල්ල ආයුර්වේද හන්දිය දෙසට ගම් කළ යුතුය.
බොරැල්ල කොටා පාරෙන් සහ කාසල් වීදිය කොළඹින් පිටවන වාහන ආයුර්වේද හන්දියට පැමිණ ආයුර්වේද හන්දියෙන් පරණ පාර ඔස්සේ වැලිකඩ හන්දිය දක්වා ගමන් කළ හැකිය. එමෙන් ම අතුරු මාර්ගවලින් පරණ පාරට ඇතුළු වන සියලුම වාහන වමට හරවා වැලිකඩ හන්දිය දිසට ගමන් කළ යුතුය.
ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ආයුර්වේද හන්දිය සිට වැලිකඩ දක්වා අනිද්දා (15) උදෑසන 8.00 සිට දහවල් 2.00 දක්වා කොළඹට ඇතුළුවන සහ පිටවන වාහන ගමනය සීමා කෙරේ.
එමෙන්ම තලවතුගොඩ හන්දිය සිට කොළඹ දෙසට ගමන් කරන සියලුම වාහන තලවතුගොඩ හන්දිය, කිඹුලාවල හන්දිය ඔස්සේ පිටකෝට්ටේ හන්දියට පැමිණ නාවල පාර ඔස්සේ නාරාහේන්පිට දෙසට හෝ නුගේගොඩ දෙසට ගමන් කර කොළඹ දෙසට ගමන් කළ හැකිය.
ඔබේසේකරපුර මාර්ගයෙන් පරණ පාට පැමිණෙන වාහන මාදින්නාගොඩ හරහා වැලිකඩ හන්දියට ගමන් කළ යුතු අතර පොල්දූව හන්දියේ සිට බොරැල්ල දෙසට සහ බොරැල්ල සිට පොල්දූව හන්දිය දෙසට කන්ටේනර්, රථ ගල්, වැලි ටිපර් රථවලට ඇතුළුවීම සීමා කෙරෙන බව ද පොලිසිය පවසයි.
එමෙන්ම 176 බස් රථ මාර්ගය නාවල පාරෙන් වැලිකඩ හන්දියට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ඔස්සේ ආයුර්වේද හන්දියට පැමිණ ගමනාන්තය දක්වා ගමන් කළ යුතු අතර මාර්ග අංක 170,171, 175,177 සහ 190 යන මාර්ගවල බස්රථ වැලිකඩ හන්දියට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ඔස්සේ ආයුර්වේද හන්දිය වෙත පැමිණ ගමනාන්තය දක්වා ගමන් කළ යුතු බව පොලිසිය පවසයි.
රාජගිරිය හන්දිය සිට කොටා පාර, ආයුර්වේද හන්දිය, පරණ පාර, බොරැල්ල හන්දිය දක්වා මාර්ගය අතවශ්‍ය කටයුත්තක් සදහා පමණක් භාවිත කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
යම් ජනාධිපති අපේක්ෂකයකු නාමයෝජනා බාරදීම සදහා පැමිණෙන අවස්ථාවේදී රථවාහන තදබදයට අසුවුව හොත් 0718 591741 හෝ 0112 433 333 යන අංකවලට අමතන ලෙස පොලිසිය පවසයි.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.
ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නාම යෝජනා දිනයේ රාජගිරියේ ගමනා ගමනයේ වෙනසක්