IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


නොමනා හැසිරීමක් අතටම අසුවීමෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කැලඹෙයි

මේ දිනවල පැවැත්වෙන එස්. එල්. පී. එල්. තරගාවලියේ සංවිධායක සමාගමක නියෝජිතයකු වන විදේශිකයකු සහ ශී‍්‍ර ලාංකික කාන්තාවක අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී පැවැති නොමනා හැසිරීමක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පහළ මට්ටමේ සේවකයකුගේ අතටම අසුවීම නිසා ඊයේ (16) දහවල් වන විට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මහත් කැලඹීමකට ලක්ව තිබූ බව වාර්තාවේ. මෙම සිදුවීම අදාළ සේවකයා දැක ඇත්තේ එවන් නොමනා කි‍්‍රයා සම්බන්ධයෙන් සෙවිල්ලෙන් සිටින ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඉහළ මට්ටමේ නිලධාරියකු විසින් කරන ලද නියෝගයක් නිසා රාතී‍්‍ර කාලයේදී කි‍්‍රකට් මූලස්ථානයේ කටයුතු පිළිබඳව විමසිල්ලෙන් සිටියදීය. එවන් සිදුවීම් සම්බන්ධ සාක්‍ෂි ගණනාවක්ම පසුගිය සති දෙක තුන තුළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයෙන් සොයා ගන්නා ලද බවත් ඒ අනුව මෙවන් නොමනා දේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙස වෙනත් අංශයක සේවකයන් යොදවූ බවත් ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තා වේ. "මේවා ඉතාමත් පහත් ගණයේ නින්දිත වැඩ, මේ වගේ දේවලට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ස්ථාන යොදා ගැනීම කිසි සේත්ම ඉවසන්න බෑ” යයි අදාළ සිදුවීම ඇසින් දුටු සේවකයා අයත් අංශයේ වෙනත් අයකු සිය අනන්‍යතාව හෙළිදරව් නොකිරීමේ පදනම මත ‘ලංකාදීප’යට ඊයේ පැවසීය. ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එස්. එල්. පී. එල්. තරගාවලියේ සංවිධායක සමාගමේ නිලධාරියකු සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සේවිකාවක් බදාදා රාති‍්‍රය වන තුරුත් කිසියම් කාර්යයක නිරතව සිටි නමුත් නොමනා කිසිවක් සිදුවී නැති බවයි. ඔවුන් සිය කාර්යයෙහි නිරතව සිටියදී පහළ මට්ටමේ සේවකයකු කාමරයට එබිකම් කිරීමක් සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශයේ සටහන් පොතේ ලොග් සටහනක් පවා තබා ඇති අතර තමන්ගේ වරද වසං කිරීම සඳහා පහළ ශ්‍රේණියේ සේවකයා බිල්ලට දීමට සූදානම් වෙමින් ඔහුට විරුද්ධව විනය පරීක්‍ෂණයක් පැවැත්වීමේ සූදානමක් පවතින බවත් දැනගන්නට ඇත. කෙසේ වෙතත් මෙවන් නොමනා හැසිරීම් සම්බන්ධයෙන් සෙවිල්ලෙන් සිටින ලෙස උපදෙස් දුන් නිලධාරියා සිය පහළ මට්ටමේ සේවකයා ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වුවහොත් අවුල් ජාලයක් ඇතිවිය හැකි යයි අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැන සිටින උසස් නිලධාරීහු ඊයේ වන විටත් මහත් සේ චංචල වී සිටියහ. රාතී‍්‍ර 8.00 පසුවන තුරු සේවයේ නිරතව සිටින සේවක සේවිකාවන්ට නිවෙස් බලා යාම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් ප‍්‍රවාහන පහසුකම් සපයන හෙයින් ඇතැම් අය ප‍්‍රවාහන පහසුකම් බලාපොරොත්තුවෙන්ම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කල් මරමින් සිටින බවත් වාර්තා වේ. මේ අතර එස්. එල්. පී. එල්. තරගාවලියේ කණ්ඩායම් තමන් සමග සිටින විදේශීය කී‍්‍රඩකයන් සහ විදේශීය ආධාර කරුවන් සතුටු කිරීම සඳහා කොළඹ තරු පහේ හෝටල වල සාද පවත්වමින් සිටින බවත්, මෙම සාද පැවැත්වෙන අවස්ථාවන්හිදී සහ ඉන් අනතුරුවත් ශී‍්‍ර ලංකාවේ සංස්කෘතියට සහ සදාචාරයට කිසිසේත්ම නොගැළපෙන දේ සිදුවන බවත් දැනගන්නට තිබේ.



අදහස් (0)

නොමනා හැසිරීමක් අතටම අසුවීමෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කැලඹෙයි

ස්ටැල්ක් Friday, 17 August 2012 11:04 AM

"මේවා ඉතාමත් පහත් ගණයේ නින්දිත වැඩ, මේ වගේ දේවලට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ස්ථාන යොදා ගැනීම කිසි සේත්ම ඉවසන්න බෑ" එක ඇත්ත ඔතන කරන්න ඉඩ දිය යුත්තේ හොර සහ වංචා වැඩ පමනයිනේ?? (ස)

:       0       0

සජී Friday, 17 August 2012 11:27 AM

ඕවා දැන් සාමාන්‍ය දේවල්නේ.. (ස)

:       0       0

සිසිර Friday, 17 August 2012 11:38 AM

මෙවැනි දේවල් වල අවසන් ප්‍රතිඵලය කුමක්ද ?? (ස)

:       0       0

බමුණුසිංහ Friday, 17 August 2012 12:43 PM

අපේ රටේ ගැහැණු ඕනැම දේකට ඔට්ටුයි. (නි)

:       0       0

වරුණ Friday, 17 August 2012 01:12 PM

අයියෝ, දැන් මේකත් නයිට් ක්ලබ් එකක් වගේනේ. බුකී කාරයෝ, හොරු, බ්‍රෝකර්ලා වැහි වැහැලා. (නි)

:       0       0

සිල්වා Friday, 17 August 2012 01:17 PM

මෙහෙම දේවල් අහද්දි මට හිතෙනවා අපි 1996 ලෝක කුසලානය පරාද වුණානම් හොදයි කියලා. (නි)

:       0       0

ප්‍රසාද් Friday, 17 August 2012 01:31 PM

කොහොමත් ඉතිං ක්‍රිකට් ආයතනය කියන්නේ දැන් දූෂිත ස්ථානයක්නේ. ඒ නිසා මේවා සාමාන්‍ය දේවල්. (නි)

:       0       0

උදය Saturday, 18 August 2012 06:50 PM

දැං අපි මේ මණ්ඩලයේ නම වෙනස් කලොත් හොදයි..!!(නු)

:       0       0

සනත් Friday, 17 August 2012 02:50 PM

ඔය ආයතනයට රිංගා ගන්න ලේසි පාසු කෙනකුට බැහැ. අපි නොදන්න චෙස් කිව්වලු. (නි)

:       0       0

සිසිර කුමාර Friday, 17 August 2012 03:21 PM

ක්‍රීඩකයනුත් සල්ලි වලට යට වෙද්දි මේවා සාමාන්‍ය දේවල්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1772 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1328 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 373 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 508 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 228 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 149 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40016 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site