පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මින් මද වේලාවකට පෙර කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
ගිය රජය සමයේ ඔහු කළැයි කියන මූල්‍ය අපරාධ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි දැනගන්නට ඇත.
අත්අඩංගුවට ගත් මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාරත්න දිසානායක."දෙමාපියන්ගේ වැරදි නිසයි දරුවන් වැරැදි පාරේ යන්නේ "......."දෙමාපියන් වැරදි පාරේ ගිය නිසයි දරුවන් බියක් ,සැකයක් නැතිවම වැරැදි පාරේ යන්නේ ". (අ)
ජයම්පති හරි (හේ)
දෙමාපියන්ගේ වැරදි නිසයි දරුවන් වැරැදි පාරේ යන්නේ.(හේ)
වරදක් කර ඇත්නම් දඩුවම් ලැබෙයි.(හේ)
මෙයත් ලෙඩ වේවිද දන්නේ නෑ.(හේ)
නාමල්ට ලම්බෝගිනි තියනවා කිව්වා නේද කට්ටිය, එතකොට හම්බන්තොට හෝටල් තියනවා කිව්වා. කෝ හම්බ වුණේ නැද්ද ? එතකොට අර්ජුනට මෙපමණ චෝදනා සාක්කි තිබිලත් මොනවත් පරීක්ෂණ නැහැ . (අ)
රට බෙර ගත්තට දෙන දඩුවම් (ම)
ජනතාව බලාගෙන ඉන්නේ මේ නාටකය ඉවර වෙනකන්. 1977 පස්සේ දැකපු හොඳම පසු මැතිවරණ ප්‍රචණ්ඩත්වය. මැතිවරණ සිතියම හකුලා තිබෙන තුරු කකුළුවා දිය කෙළියි. (ම)
අපි හම්බන්තොට ඔයාලා කාටත් වඩා හොදට අපි නාමල් මහත්තයා ගැන දන්නවා. ඇත්තටම මහින්ද මහත්තයාගේ බලය වැරදි විදියට භාවිතා කරමින් සාමාජීය සහ සංස්කෘතික වශයෙන් විශාල හානියක් හම්බන්තොට දිස්ත්‍රිකයටම කරපු මන්ත්‍රීවරයෙක්. මෙවැනි අයට සෞදි දඩුවම් ලබා දීලත් මදි. ඇත්තටම ජනතාව බුද්ධිමත් විය යුතුයි. නමුත් කිසිම කෙනෙක් ජනතාවගේ දැනුම ආකල්ප වර්ධනයට ව්‍යපෘති කරන්නේ නැහැ. මොකද ජනතාව දැනුමෙන් ස්වයං පෝෂිත වූ දාට මේවගේ දේශපාලකයින් කවදාවත් බලයට එන්නේ නැහැ. ඇත්තටම අපි සැවොම එකතුවෙලා මොවුන් වගේ අය දේශපාලනයෙන් සදහටම ඉවත්කල යුතුමයි. අප හිතනවා මොහුට නිසි දඩුවම් ලබාදෙයි කියලා. මෙයා තමයි හම්බන්තොට ඉන්න දූෂිතම දේශපාලකයා. මොහුට දඩුවම් ලබා නොදෙන්නේ නම් මේ යහපාලනය තවත් අවශ්‍ය නැහැ කියලා අප සිතනවා. ස්තූතියි . (අ)
ජනතා මුදල් අවබාවිතයට නිසි දඩුවම් කල යුතුයි පක්ෂ විපක්ෂ හැමෝම මේක අයිතියක් කරගෙන (අ)
රට වෙනුවෙන් හිරේට ගීයා කියයිද දන්නේ නැහැ.(අ)
පව් මේ කොල්ලා.(හේ)
ජනතාවට දැන් නම් මේවා විහිළු. (අ)
ඩී.රාජපක්ෂලා හොද මිනිස්සු හැටියට රටේ අසරණ මිනිසුන් අතර විරාජ මාන වුනේ ඉස්සර දැන් තරම් මාධ්‍ය සහ අන්තර්ජාලය දියුණුව නොතිබුන නිසයි. නැතිනම් එයාලත් හොදට රටට සේවය කරපු වුදවිය තමයි . (අ)
ඔන්න හොඳ වැඩක්. දැන් හරිනේ (නි)
මිනිස්සුන්ගේ හිතේ තියන කේන්තිය දොරේ යන හැටි. මේ ගහන ගල් වලින් එකක් හරි වදිනවා. එහෙම නැතිවුණොත් ලෝකය කියන්නේ වැරදි මැවීමක් (නි)
අත්අඩංගුවට ගත් අය දිහා බැලුවමනම් පෙනෙන්නේ 2015 ජනවාරි 8 වෙනිදායින් පස්සේ කවුරුවත් හොකම් කරලත් නෑ දුෂණ වංචා කරලත් නෑ කියලයි. (බ)
පහුගිය කාලේ සරත් ෆොන්සේකා මහත්මයා ඇතුළු පවුලේ අයගෙනුත් , ශිරාණි බණ්ඩාරනායක මහත්මියගෙනුත් නිරපරාදේ පළි ගන්න හැටි නරඹමින් සමහරුන් හුරේ දැම්ම හැටි මතක් වුනා. ඕකට තමයි කියන්නේ "කළ කළ දේ පල පල දේ" කියලා. (බ)
දවසකට හෝ හිරේට යාම මා හට නම් ජීවිතයට ලොකු කැළලක් (බ)
නිතරම ප්‍රතිචාර දකින මම තේරුම් ගත් දෙයක් මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමි. නාමල් රාජපක්ෂ මහතාට චෝදනාවක් පැමිණෙන විට අර්ජුන් මහේන්ද්‍රන් මහතා ගැන කතා කිරීමත්, අර්ජුන් මහේන්ද්‍රන් මහතාට පැමිණෙන චෝදනාවකදී නාමල් රාජක්ෂ මහතා ගැන කතා කිරීමටත් අද ජනතාව පමණක් නොව පාර්ලිමේන්තුවේද තත්ත්වය බව කිවහැකිය. ඊට එහා සිතන ජනතාවක් රටේ සිටින්නේ නම් එය ඉතා සුළුය. මේ නිසා කවදත් රජකම උරුම වෙන්නේ හොරුන්ටම බව කිවයුතුය. (අ)
දේශපාලන භූමිය සම්පුර්ණයෙන්ම වෙනස් කළයුතුයි. (නි)
මේ ආණ්ඩුවට ජනතාව ඡන්දෙ දුන්නේ හොරු අල්ලනවා කී නිසා. ඉතින් හොරු අල්ලනකොට මොකද කෑගහන්නේ (නි)
ඇප නියම කරන්න හොඳ නැහැ.දිගටම නඩුව පවත්වාගෙන යා යුතුයි .නිසි දඬුවම් දිය යුතුයි. (ම)
යහපාලනයට වෙන වැඩ නැහැනේ (නි)
සියලු වත්කම් රාජසන්තක කර නිසි දඬුවම් ලබාදිය යුතුයි (බ)
අත්අඩංගුවට ගන්නවා ඇප දෙනවා. හැමදාමත් මේ නාට්ටිය තමයි. අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයාට ඔය මුකුත්ම නෑ..(බ)
නාමල් අයියට දැන් බේරිල්ලක් නෑ උඩ ඉන්න දෙවියෝ මේවා බලාගන්න ඕනේ අනේ (බ)
අනුමානයක් නෑ ඉක්මනින් ඇප ලැබෙයි.....නඩුව අවුරුදු ගානක් ඇදෙන නිසා ඊට කලින් බලයට එනවානේ.... අවුලක් නෑ....(බ)
මහින්ද මහත්තයව නැති කෙරුවේ මෙයා වගේ උදවිය ... මීට කලින් හිරේ ගියා නම් මහින්ද මහත්තයා අදටත් ජනාධිපති (බ)
ඉල්ලගෙන කනවා කියන්නේ ඕවට තමයි..මොහු තමන් ගැන බොහොම අධි තක්සේරුවක හිටියේ..මෙයාගේ පැටිකිරිය දිග හැරියොත් ආයෙත් ඡන්දයකට පැත්ත පලාතටවත් එන්න වෙන්නේ නැහැ. (බ)
එතකොට අර තව දේවල් වලට සම්බන්ධයි කියනවානේ ඒවාට මොකද වෙන්නේ (බ)
මේක අද වෙනබව ඊයේ මාධ්‍ය වල කීවා. න්‍යාය පත්‍රයක් අනුව කළ දෙයක් (බ)
වැරදි කරපු, අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ මුදල් හූරගෙන කාපු, ඉතිහාසය විනාශ කරලා නිදන් හාරපු හැම කෙනකුටම දඩුවම් දෙන්න ඕන. (බ)
දැන් කියයිද දන්නේ නැහැ පළිගන්නවා කියලා (නි)
හවසට ඇප දිලා ගෙදර යවයි බය වෙන්න එපා (ම)
වෛරී පාලනයේ කෙලවර කොතනද? (ම)
මේ අත්අඩංගුවට ගැනීම ගැන රජයේ ඇමතිවරුන් කලින්ම දැනගෙන හිටියේ කොහොමද කියලත් හොයල බලන්න ඕන.(බ)
තවමත් මෙයාලට රාජ උෟෂ්ණය තියෙනවා (නි)
විජේපාල දැක්ක වගේ බොරු කියන්න එපා.. මඩ එපා බොරු එපා වැඩ විතරයි අපිට ඕනි.. පරගැතියන්ගේ සහ ඩයස් පෝරාවේ න්‍යාය පත්‍රයයට රූකඩයක් වගේ නටන මේ ආණ්ඩුවට නැවත වරක් බලයක් ලබා ගැනීම හීනයක් පමණයි.. (බ)
කලින් හිරේ ගියා නම් මහින්ද මහත්තයා අදටත් ජනාධිපති (බ)
හොරු හොරු කියකිය ඉන්නේ නැතුව කෙනෙක් හොරකම් කරලා තියේනම් ඒවා රාජසන්තක කරලා රටේ ණය ගෙවා ජනතාවට සහනයක් දිය යුතුයි. නැත්තම් හැමදාම පුවත් මවලා වැඩක් නෑ. (බ)
මේක වෛරයක් නොවෙයි. කවුරු කළත් වැරැද්දට දඬුවම් දියයුතුමයි (නි)
හොදට කලා බිලා සැපට නිරෝගිව හිටපු කට්ටිය. අද මොකද වුණේ (ම)