අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.
කොළඹ කොටුවේ සුඛෝපභෝගී මහල් නිවාස ඉදි කිරීමට පැමිණි ඉන්දියාවේ ක්‍රිෂ් නමැති සමගාම විසින් 2013 වසරේදී රගර් තරගාවලියක් සංවිධානය සඳහා සැකකරුට ලබා දුන්නැයි කියන රුපියල් මිලියන 70ක මුදලක් අවභාවිතය හා මුදල් විශුද්ධිකරණය යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කැර තිබිණි. ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබිණි.
(ඡායාරූප ඉසංක සුනිමල්)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කලාම කාටත් එකයි පහුගිය කාලේ නීතිය වුණේ විරුද්ධ වාදීන්ට විතරයි. (ම)
මේක නිකන් පොඩි කජ්ජක් විතරයි, තව මේ වගේ සිය ගණනක් විශාල ඒවා තාම යට තියෙන්නේ.(අ)
ඔටුන්න හිමි අහිමි කුමාරා හිරේ ඕක තමා කියන්නේ කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ (අ)
මේක බලාපොරොත්තු වුණේ මීට කලින්. මේවා පළි ගැනීම් බව රටේ ජනතාව දන්නවා. ඒ නිසා ගානක් නැහැ. හැබැයි අර්ජුන් නම් කිසි වැරැද්දක් කරලා නැහැ. ඒ බවත් පැහැදිලියි. (ම)
ඉතින් කොහොමද ඔටුන්න හිමිවෙන්නේ? (නි)
වැට් පෙළපාලි ඉවර වුණාම එළියට එයි (නි)
බුද්ධික, ඔයා මන්දබුද්ධික කතා කියන්න එපා. මේ ආණ්ඩුවත් දෑන් නීතිය ක්‍රියාත්මක කරන්නේ විරුද්ධවාදීන්ට විතරයි. ආණ්ඩුවේ කී දෙනක් ඉන්න්වද හොරු, කුඩු, එතනෝල් ජාවාරම්කාරයෝ. කෝ නීතිය. (නි)
මෙයා කාලයක් සිටියේ පියාගේ ඔටුන්න මෙයාට ලේබුනා වාගේ , කරන කලට පව් මිහිරිය , විඳින කලට ඒවා දුක්බරය (අ)
රාජපක්ෂ පවුලෙ කෙනෙක් අත්අඩංගුවට ගත්ත කිවුවාම සමහරු ඉන්නනවා. එයාලගේ අම්මල, අක්කලා නංගිලා, තමන්ගේ නෝන, දුෂණය කරපු කෙනෙක්ව අත්අඩංගුවට ගත්තවගේ සතුටුවෙන්න. ඇයි සමහර අය ඔච්චරම රාජපක්ෂල එක්ක තරහා. (අ)
දැන් මොන ඉස්පිරිතාලෙද ඇඳක් වෙන් කරන්නේ? මොකක්ද හැදෙන ලෙඩේ? (අ)
මේ ගොල්ලන්ට හිරේ යනවා කියන එක උපාදියක් ලබා වගේ වැඩක්නේ (අ)
යහපලනයේ අයටත් මේක හොඳ පාඩමක්! හොරා කැවොත් කුඩුව තමා. (අ)
අද අත්අඩංගුවට ගන්නා බව ඊයේ ඇමතිවරු ප්‍රකාශ කළේ කෙසේද? පේන බලලද? (නි)
හරියට සිනමා නළුවෙක් වගෙයිනේ (නි)
රුපියල් මිලියන 70ක් කියන්නේ මෙයාගේ පොකට් මනි වෙන්න ඇති. අර ඩුබායි වල තියන සල්ලි ගැන හොයන්නේ කවදද? (නි)
අපි ඕවා පොළියත් එක්ක ගමුකෝ අනාගතයේදී. එතෙක් ඉවසන්න. (නි)
අපි මේ රටවල් වල කඹුරන කැඹිරිල්ල කවදාහරි පත්තුවෙනවා. මේක දෙයියෝ බුදුන් ඉන්න රට (නි)
මිලියන 70ක් නම් මාසෙක වියදමටත් මදි ඇති මෙතුමලාට (නි)
මහා බැංකු ගනුදෙනුවෙන් ලාබ ලැබූ අයත් ඒවාට අනුබල දුන්නු අයත් පරිස්සම් වෙන්න වේවි (බ)
දැන් ඉතින් ආණ්ඩුවට බනින්න පළිගන්නවා කියල ! (බ)
උජාරුවෙන් යන්නෙ වැරදිලා අහිංසකයෙක් මරපු රණ විරුවෙක් වගේනෙ (බ)
වැරදි කළොත් දඬුවම් ලැබිය යුතුමය. එහෙත් තරංග ට පොඩි වැරදීමක් වෙලා. බැඳුම්කර සිද්ධියට මොකද වුනේ. (බ)
රුපියල් මිලියන 70ක මුදලක් ... ඇයි මෙවැනි සුළු මුදලකට කාලය ශ්‍රමය මිඩංගු කරන්නේ.කරුණාකරලා රුපියල් කෝටි 1000 කට වඩා සිද්ද වුන ගනුදෙනු ගැන සොයන්න.ඒ මුදල් රාජ සන්තක කරන්න.වැරදි කරුවන්ට දැඩි දඩුවම් දෙන්න. (බ)
අනේ ඉතින් එදා වේල සොයාගෙන බොහොම අමාරුවෙන් දරු පවුලක් ජිවත් කරවන අසරණ මිනිස්සු මේවා ගැන හාන් කවිසියක්වත් දන්නේ නැහැනේ. (බ)
මේ ක්‍රීස් ගනුදෙනුවේ ෆයිල් හොයන්න නේද මහ රෑ මැරයන් පිරිසක් මන්දනා ස්මයිල් මාධ්‍යවේදිනියගෙ ගෙට පැන්නේ. ඊට පස්සේ එයාගෙ මහත්තය 119 එකට කෝල් එකක් දුන්න.ඒපාර එතැනට ආපු පොලිසියයි අර මැරයන් අතරයි වෙඩි හුවමාරුවුනා.එක්කෙනෙක් මැරුනා. නමුත් මේ සියල්ල යට ගියා. මන්දනා ස්මයිල් මාධ්‍යවේදිනිය එයාගෙ මහත්තයත් එක්ක රට අතහැරල ගියා. දැන් නැවත ඇවිත් ඉන්නේ. (බ)
රුපියල් මිලියන 70ක මුදලක් හොරකම් කරලා හිරේ විලංගුවේ වැටුනත් මොකෝ. මොන තරම් ආඩම්බරයක්ද. (බ)
නාමල්ගේ ඩුබායි රටේ ගිණුම් 9 යක තිබෙන ධනස්කන්ධය ගැන කවදද සොයන්න පටන් ගන්නේ.ඒ මුදල් රාජසන්තක කරලා රටේ අසරණ මිනිසුන්ට සහන දෙන්න. (බ)
නරින්ට කුකුල්ලු බාරදුන්නම ඔහොම. වෙනවා මෙපමණ ලොකු මුදලක් බාර දෙනවිට දැනුම මිනුම බැලුවේ නැතිද .. දැන්නම්. පොත් කියවන්න. වෙලාවක් ලැබුන (බ)
වැඩක් නැහැ තව ටික දවසකින් ඇප දෙයි (බ)
රගර් තරගාවලියක් සඳහා නාමල්ට මුදල් දිලනම්, එ්ක රජයේ මුදලක් නෙවෙයිනේ? රජයට දීපු මුදලක් මෙයා අරන්නම් තමයි වැරැද්ද. මොකද්ද මෙතන තියන වැරැද්ද? (බ)
ඉස්සරහට අපිට ලැබෙන පඩිය අපි වියදම් කරන විදිය අහල, එකත් මුදල් අවභාවිතය කියල හිරේ දන්නා බැරි නෑ මේ ගවපාලනය. ලිපියෙන්ම කියනවනේ මේ මුදල් නාමල්ටයි දීල තියෙන්නේ කියල රගර් තරඟාවලියකට. එක ඉතින් එයාගේ වැඩක්නේ, රජයේ මුදලක් හොරෙන් අරන් නෙවෙයිනේ. ඉන්දියානු සමාගමට ප්‍රශ්නයක් නැතිනම්, මොකක්ද මෙතන තියන අවුල? (අ)
දැන් බඩු මිල අඩු වෙයි නේද (අ)
මේ ආණ්ඩුවට මේවා තමයි කරන්න පුළුවන්. රටේ තියෙන බරපතල ආර්ථික කඩා වැටීම ගැන ගානක් වත් නැහැ.අද මිනිස්සු ප්‍රශ්න ගොඩක් මැද ජීවිතය ගෙනියන්නේ හරිම අමාරුවෙන් .රට කරවන අයට වගක් නැහැ.පලිගන්න එකම විතරි.වෙන මොනවද තවම කරලා තියෙන්නේ.(අ)
ප්‍රතාප් නාලක තාම රාජපක්ෂ පවුලෙ අයට කඩේයනව වගේය්.(අ)
පව් නාමල් නෙවෙයි ඒයාගේ ලෝයර්. (අ)
රාජපක්ෂ පවුල නොවෙන්ට තවමත් කොටි බැට වලින් ලේ ගංගාවේ ගිලිලා තමයි දැන් ඔය උඩ පනින කෙළෙහි ගුණ නොදන්නා නිවට සිංහලයන්ට වෙන්නේ. (බ)
ලෝකේ එකම රට හිරේට යනකොට අත්දෙක වන වනා එන (බ)
සිල්වා, ජනතාව ඡන්දෙ දුන්නේ යුද්දය නැතිකරනවට දුන් පොරොන්දු මත... එහෙම කියල රටට ණය ගෙනත් ඒවා අවභාවිත කිරීමට ජනතාව එකග නැහැ... අනික මෙයාල නායක හාමුදුරුවන් සහ ජනතාවට විරුද්ධව අර දළදා මාලිගාව වටේ රේස් ගිය හැටි අමතකද....(බ)
රජකම් කළත් කළකම් පළදෙනවා කියන්නෙ ඕක තමයි (බ)
වැරදි කළානම් නඩු අහලා හිරේ දාන්න පුළුවන් නේද? ඔය රිමාන්ඩ් කරපු කීදෙනෙක් වැරදි කාරයෝ වෙලා හිරේ ගියාද (බ)
බය වෙන්න දෙයක් නැහැ. (බ)
සිල්වා ඔයා කියන්නේ රට බේර ගත්ත අයට මේ රට හූරගෙන කන්න දෙන්න කියල ද? (බ)
සිල්වා ඔයා හරි ඔය අයට මුල අමතක වෙලා (බ)
රාජපක්ෂ පවුල නොවෙන්ට තවමත් කොටි බැට වලින් ලේ ගංගාවේ ගිලිලා තමයි දැන් ඔය උඩ පනින කෙළෙහි ගුණ නොදන්නා නිවට සිංහලයන්ට වෙන්නේ. (බ)
එතකොට සතොස හොරු, මහාබැංකු හොරුන්ටත් ළඟදීම නීතිය පොදුවෙයිද කියලා බලමුකෝ (නි)
සිල්වා රෝහිනී දෙන්නම එක්කෙනෙක්ද? රට බේරාගන්න එක ජනාධිපතිගේ වගකීම. ඒක හරියට කළා කියලා අවුරුදු 5ක් රට දුන්නා නේද? (නි)
දැන් යහපාලුවන්ට සන්තෝෂ ඇති. දුෂණ ගැන කතාකරනකොට 1977 ඉඳලා හොර අල්ලන්න වෙයි. (නි)
රෝහිනීට දුකද? දුක්වෙන්න එපා. ඉක්මණින් එළියට එයි (නි)
රෝහිනී, ප්‍රතාප්, රාජපක්ෂ පවුල ගැන ගොඩක් දුකයි වගේ. මතක තියාගන්න පහුගිය අවුරුදු 10ක් මේ රටේ සාරය උරාබීලා, මේ රට දැන් තියන තත්වෙට අැදලා දාන්නා මුල් වුණේ ඔය පවුල තමයි (නි)
ජනතාවගේ මුදල් හොරකම් කළා නම් මොනතරම් ලොකු කෙනෙක් වුණත් දඬුවම් දියයුතුය. නමුත් ඒ ක්‍රමවේදය වර්තමාන හොරුන්ටවත් සාධාරන වියයුතුයි. එය එසේ නොවුණොත් ජනතාව විසින් නිසි දඬුවම නියම කාලෙට ලබාදිය යුතුය (නි)
පොඩ්ඩක් ඉන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලනතුරු (නි)
එකත් හොඳයි. යුධ අධිකරණය ගැන සමාජයේ වෙන කතාව මේ සන්දර්ශනයෙන්ම යටයවන්න ඔන්න අවස්ථාව (නි)
අර මහ බැංකුවේ බිල්පත් වලින් රටම උලා කෑ අයට නීතිය ක්‍රියාත්මක නැද්ද? (නි)
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට පත්ව අධිකරණය වෙත ගෙනයද්දී ජනමාධ්‍යයට කියා සිටියේ “යහපාලනය තමයි“ කියාය. එය සත්‍යයකි. ජනවාරි 8 දා යහපාලනය ජය නොගත්තේ නම් නාමල් රාජපක්ෂලා තවමත් මව්බිමේ වටිනා දේපොල විදේශීය සමාගම් වලට විකුණමින් කප්පම් සහ කොමිස් ලෙස කෝටි ගණන් තම ගිණුම් වල දමා ගන්නවා ඇත. (නි)
රෝහිනී, මෝහිනි වෙලා වගේ මට පෙනෙන්නේ (නි)
සිල්වා, රෝහිනී, කුම්බලා මාළු කැවා නම් විඳවපන් බළලෝ කියනවා මිස යහපාලනේ මොනවා කරන්නද නේද? (නි)
අර 28 වෙනිදා තියනවා කිව්ව පාද යාත්‍රාවට කලින් තව කී දෙනෙක් හොරකම් කරලා අහුවෙලා හිරේ යයිද දන්නෙ නැහැ (නි)
ඔන්න දැන් නාමල් බේබි වෙනුවෙන් උද්ඝෝෂණ පෙළපාලි යාවි දිගටහරහට (නි)
රෝහිණී, ඔයාගෙ බුද්ධි මට්ටම හොඳයි. ඔය ගානට තියාගෙනම ඉන්න (නි)
නායකයා හිටගෙන කරන දේ ගෝලයෝ දුව දුව කරනවා කියන්නේ නිකන්ද? (නි)
මෙතන අදහස් ලියන සමහර කට්ටිය නාමල් ගත් මුදලින් යැපෙනවා ඇති. කාටවත් කඩේ යන්නේ නැතුව කොන්ද පන ඇතුව කෙළින් හිටගන්න. (නි)
කිසිම කෙනෙකුට උසාවි අසල කැරලි ගහන්න මීටින් තියන්න ඉඩදෙන්න එපා. වෙනත් රටවල සැකකරුවෙක් උසාවියට අරගෙන එනවිට ලංකාවේ වගේ උසාවිය වටකරගන්න දර්ශන දකින්න නැහැ. ජනතාව එහෙම රාජකාරි වලට බාධා කරන්නෙත් නැහැ. ඒක නිසයි අපි කියන්නේ ලංකාවේ වෙන්නේ ඔක්කොම කණපිට ගිය ක්‍රමයට කියලා (නි)
රෝහිනී, රාජපක්ෂ පවුල රටේ සම්පත් අවභාවිතයට නොගන්න රට එහෙනම් දියුණුවෙලා කියලා ඔබට තේරුම් කරලා දෙන්න කාට හෝ හැකි නම් එය කියා නිමකළ නොහැකි පින්කමක් (නි)
රාජපක්ෂ පවුල නොවෙන්නට තවමත් කොටි බැට වලින් ලේ ගංගාවේ ගිලිලා ඉන්න තමයි දැන් ඔය උඩපනින කෙළෙහිගුණ නොදන්නා නිවටයන්ට වෙන්නේ. (නි)
වැරදි කළොත් දඬුවම් දියයුතුමයි. නමුත් මෙතන තියන ප්රශ්නය රාජපක්ෂට පක්ෂ ඔක්කොම හිරේ යනවා. අනෙක් අය ඇමති මණ්ඩලයට යනවා. අඩුම වශයෙන් පක්ෂ සංවිධායකකමක්වත් ලැබෙනවා. ඔය ඇමති මණ්ඩලයේ ඉන්නේ මහජනයාගේ මුදල් සතයක්වත් නොගත්ත අය කියලා මෙතන අදහස් දාන අයට කියන්න පුලුවන්ද? (නි)
රාජපක්ෂ පවුල් ගහට වතුර දාන පුද්ගලයන් හිතන්නේ නැද්ද රටේ අහිංසක ජනතාව එදා වේල නැතුව දුක් විඳිද්දී මොවුන් රටේ ජනතාවගේ මුදල් කොමිස් වශයෙන් සාක්කුවේ හලාගත් එක අපරාධයක් කියා? (නි)
සිල්වාට ස්තුතියි. අද අපිට උසාවි, පාර්ලිමේන්තු නීතිය කියන දේවල් ඉතුරුවෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය, ෆොන්සේකා, කරන්නාගොඩ, රොහාන් ගුණතිලක ඇතුලු ත්‍රිවිධ හමුදා හින්දයි. මුදල් වංචා සිදුවුණා නම් වැරදි තමයි. එත් රාජපක්ෂලා රට බේරාගත් එක, ඊටවැඩිය දහස් ගුණයක් වටිනා වැඩක්. (නි)
අත් දෙකට මාංචු වැටෙනවා කියන්නේ මිල මුදලට ගන්න පුළුවන් දෙයක්ද? මොනතරම් ගෞරවයක්ද? (නි)
රෝහිනී, ඔය වගේ මෝඩකමින් මුලාවුණ පිරිසක් තවමත් ඉන්නවා. නාමල් මොනවද කළේ රටට? මහින්දට කළගුණ සැළකුවා 2010 දී. එ්ක එයා වැරදි විදියට පාවිච්චි කළා (නි)
තාමත් රාජපක්ෂ පවුලේ වහලුන්ට වහල්බාවයෙන් මිදෙන්න ආසාවක් නැහැ. (නි)
බුදුදහමට අනුව කළ පවු කලකදි පළදීමට පටන්ගන්නවා. ජීවිතයේ සැඳෑ සමයෙදි ඹබට මෙහි ප්‍රතිඵල ලැබෙනු අැත. (නි)
වැලිකඩ හෝටලය හරි සැපයි කියලා ගම්මන්පිල කිවුවේ නැද්ද? (නි)
පාට පක්ෂ කොහොම වෙතත් මේ විදිහට මුදල් අවභාවිතය නොවන්න මේ රට මොනතරම් ලස්සන රටක් වේවිද? (නි)
කොච්චර දැඟලුවත් මොවුන්ට මිනිස්සු ඡන්දය දෙනවා. (නි)
මට හිතෙන විදියට රාජපක්ෂවරුයි, එ්කාබද්ධයේ කට්ටියයි කොළඹ කොටුව පැත්තේ පදිංචිවුණොත් හොඳයි, පහසුයි නේද? (නි)
හොරකම් කළත් කමක් නැහැ ඒගොල්ලෝ රට බේරාගත්තනේ. බේරාගත් රටේ හොරකම් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට ඕනෑම දෙයක් ඕනෑම වෙලාවක ගන්න අයිතිය තියෙන්න ඕනෑ (නි)
අනිල් හරි. මම අල්ලපු ගෙදරින් සල්ලි හොරකම් කළාට මාව හිරේ දාන්න පුළුවන්කමක් නැහැ. මොකද ඒවා රජයේ සල්ලි නෙමෙයිනේ. මේක හරි වැරදියි මට නම් හිතෙන හැටියට. (නි)
මුල මතක තියාගෙන හොඳ දෙය අගය කරමින් බුදුදහම අනුව කවුරුහරි මහත්ම ගති ඇතුව රට පාලනය කරනවා නම් එතන සියලූම දෙනා සතුටින් ඉන්නවා. සදාකල් ජීවත්වෙන්න අැවිල්ලා වගේනේ හැමකෙනාම කතාකරන්නේ. (නි)
සමහරු කියන විදියට රාජපක්ෂලාට කළගුණ සළකන්න ඕනෑ මේවා යටගහලා. මෙහෙම හිතන ජාතියක් ඉන්නේ ලංකාවේ විතරයි මම හිතන්නේ. (නි)
මේවා බලනවිට අර අහවල් කට්ටිය කොපමණ කාලයක් හිරේ වැටේවිද කියලා හිතෙනවා බැංකු මංකොල්ලයට (නි)
මේවාට තමා අපි ආණ්ඩුවේ සංදර්ශන කියන්නේ. නැත්නම් ඉතින් වෙන මොනවද? (නි)
වංචා කළ මුදල් නැවත රජයට ලබාගෙන වෙනත් දඬුවම් නොදී සිටියා නම් තමයි හොඳ. (නි)
අපේ සල්ලි වලින්ම හිරේදිත් නඩත්තු නොකර ඉක්මනින් නඩු අසා වංචාකළ මුදල් නැවත අයකර ගත්තා නම් මිට වඩා හොඳයි. කළයුත්තේ එයයි. නැත්නම් මෙය විහිලුවක් වෙනවා. (නි)
මේක කරන්නේ නැහැ කියලනේ හැමෝම කෑගැහුවේ (නි)
හොරකම් කරපු සල්ලි ආපසු ගන්න කොයිතරම් අමාරුද? පිටරට ඇරපු සල්ලි හොයාගන්න කොයිතරම් කාලයක් යාවිද? මේවා දෙගුණයක් කරලා ඉල්ලන්න ඕනෑ. මොකද හොයන්න නඩුවලට වියදම් කරන ඒවා. එතකොට ජීවිත කාලයම හිරේ ඉන්න වේවි. (නි)
වැරැද්දක් කළානම් නීතිය කාටත් පොදුය (නි)
හොරකමක් කළාම සල්ලි ආපසු අරගෙන ගෙදර යවන සිරිතක් නීතියේ නැහැ. දඬුවම් දියයුතුය. නැත්නම් ඔක්කොම හොරු මඟුල් කාවි (නි)
බිලියන ගණන් හොරා කෑ මහබැංකු වංචාවට කෝ දඬුවම්? (නි)
වංචාකළ මුදල් නැවත අයකර ගන්න. ඒක තමයි ලොකුම දඬුවම (නි)
මේක විතරක් කරලා හරියන්නෙ නැහැ. මුදල් නැවත අයකර ගන්න. (නි)
රාජපක්ෂවරු රට නිදහස් කරගත්තේ නිදහසේ රටේ දේපල ටික කොල්ලකන්න (නි)
සරත් ෆොන්සේකා කිසිම වැරැද්දක් නොකර අවුරුදු 2ක් හිරේ හිටියා නම් මෙයා වගේ කෙනෙක් අවුරුදු 5-6ක් ඕකේ හිටියත් මොකද වෙන්නේ? බලය තියෙන කාලේ පුදුම අමාරුවක් තිබුණේ. (නි)
අපිත් යහපාලනයට ඡන්දය දුන්නා. ඒ මේ වගේ වැඩ වලට නෙමෙයි. අදහස් දාන අය රාජපක්ෂලත් එක්ක බේරාගන්න බැරි ආරවුලක් කුහකකමක් තියෙන්වා. හොරකම් කළා නම් නීතිය කාටත් එකයි. අපිටත් ඕනෑ වුණේ එ්ක තමයි. එ්ත් මහ බැංකුවේ හොරු? අඩුගානේ යුද්ධය දිනවපු විරයන්ගේ ළමයි ඒ (නි)
අර නුගේගොඩ ටිකිරි බණ්ඩා ඔක්කොම දන්නවා වගේ. පව් අප්පා! මෙහෙමම ගිහින් පොලිසියට කිව්වා නම් හරිනේ (නි)
යුද්ධය දිනපු එක, හොරකම් කරන්න ලයිසන් එකක් වෙන්නේ කොහොමද....? මේ හොරා කාපු මුදල් කන්දරාව අනාගතයේ ඉපදෙන්න ඉන්න මතු පරම්පරාවටත් ගෙවන්න සිද්ධවෙන බව සමහරුන්ට නොතේරීම ජාතියේම අවාසනාවකි. (නි)
පාලිත, යුද්ධය දිනවපු විරයන්ගේ ළමයි, නෝනා, මල්ලි, බාප්පා, මාමා කිය කියා නිදහස් කරන්න ගියොත් මුළු රටේම හොරුන්ව නිදහස් කරන්න වෙයි (නි)
තමන්ගෙ හොරකම් අහුවුණාම කෝ මං විතරද අරයත් කළා කියලා කියන එකම රටත් ලංකාවම විතරයි. අහුවුණ කෙනාට දඬුවම් දියයුතුයි. අනෙක් හොරුත් අල්ලා ගතයුතුයි. (නි)
යහපාලනයට ඡන්දය දුන් බව නම් අදහස් වලින්ම පේනවා. කට බොරු කිව්වත් දිව බොරු නොකියයි ළමයෝ (නි)
වරදට දඬුවම සමඟ මුදල් නැවත අයකර ගන්න. (නි)
වයස විසිගානට රුපියල් මිලියන 70ක් නම් වයස හැටක් විතර වෙනකොට කොහොම කරයිද? (නි)
ලංකාවේ අළුත්ම න්‍යාය “යුද්ධය දිනපු එක, හොරකම් කරන්න ලයිසන් එකකි“ වගෙයි අදහස් වලින් පෙනෙන්නේ (නි)
කිහිප දෙනෙක් ඉන්නවා තමන් දුක් මහන්සියෙන් උපයු දේත් හොර කෑවාට කමක් නැහැ කියන අය (ම)
ඔය මොනවා කිවුවත් කොහෙටත් නැති අපි තැලෙනවා, බැට කනවා. දුප්පතා ගැන ඔය එකෙක්වත් බලන්නේ නැහැ (නි)
පොල් හොරකම් කරලද? නැත්නම් අල්ලපු ඉඩමෙන් හොරෙන් කොස් ගෙඩියක් කඩලද? ඒවා කරපු ගමේ එකාලට පොලිසි ගෙනිහින් ගහනවා නම් මේවට සමහරු අඬන්නේ ඇයි? (නි)
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
අයිවන් මහත්තයෝ, මේක එක කෙළියක් විතරයි. හොඳ හොඳ ගැහිලි ඉදිරියේදී එළිවේවි. මේ අදහස් දාන කට්ටිය අතරේ රාජපක්ෂ පවුලේ පරවේණි දාසයොත් ඉන්න බව පේනවා! (නි)
පව්, අනිල් තදේටම වලිගය පාගාගෙන. (නි)
රංග,ගෝමස්, ඔබ දෙදෙනා හරියට හරි. (නි)
අනේ මේ කුරා කුහුඹුවෙකුටවත් වරදක් නැති අහිංසක ළමයි හිරේ දාන එක මොනතරම් අපරාධයක්ෙ? (නි)
යුද්ධයෙන් අපේ රට සහ අපේ දරුවන්ගේ අනාගත මවු බිම බේරාදුන්න එකට මහින්ද රාජපක්ෂගේ පරම්පරාවටම ගරු කරනවා..එ්ත් මේ නරුම වධක මුහුණ දකින කොටනම් අපායේ යමපල්ලෙක්ව සිහියට එනාවා ...? (බ)
ඉදිරියටම යන්න. අපි ඔබ සමඟයි (නි)
රජයට අයත් දේපල විකුණලා කොමිස් ගැනීම වරදක් (ම)
සැම ක්‍රියාවකටම ප්‍රති ක්‍රියාවකුත් බලාපොරොත්තු වෙන්න සිදු වේ (ම)
මහජන මුදල් නාස්ති නොකරන මේ වගේ නායකයෝ නේද අපිට ඕන මේ රට හදන්න..(හේ)
එතකොට බැදුම් කර නඩු වලට වෙන්නේ මොකද්ද? (බ)
දැන් තේරෙනවා ඇති.(හේ)
වෙන කෙනකු මුදල් වංචාවක් කළොත් බල්ලෙක් වගේ අැදගෙනයයි ඇයි මේ විශේෂස සැලකිලි (බ)
යුද්දෙට මුවාවී කරපු කෙළි තමයි ඔය .ඔතන ඔය කෑගසන්නේ රොඩු උලාකාපු කට්ටිය ..(බ)
රාජපක්ෂලාට හොදට රගපාන්න පුළුවන් බව මේ ඡායාරුප බලන අපිට පෙනේ (බ)
යුද්ධයට මුවාවී කරපු කෙළි දැන් ටික ටික එළියට එනවා. ඔය දේවල් වලට සම්බන්ධ අය වෙන වෙන කතා කිය කියා ජනතාව රවටනවා (නි)
එළිවෙන ජාමෙටලු හොඳ හොඳ සෙල්ලම්. රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පටන්ගත්තා විතරයි (නි)
ඉසුරු, ඔයා අදද දන්නේ රාජපක්ෂ රංගනය? හැමදාම අපේ මිනිසුන්ට වුණේ රාජපක්ෂලා රඟනවා අපේ අය අඳිනවා (නි)