පොදුරද මඩුළු රාජ්‍යය නායක සමුළුව සදහා දිවයින පුරා සෑම නගරයකින්ම අරඹා කොළඹින් අවසන් වන රථ පෙළපාළියේ හා පාද යාත්‍රාවේ එක් අදියරක් ලෙස දකුණු පළාත නියෝජනය කරමින් තිස්සමහාරාමයේ සිට කොළඹ දක්වා පැවැත්වෙන පාද යාත්‍රාවේ සමාරම්භක උළෙල හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේදී අද ඇරැඹිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර බන්දුල පෙරේරා මේ පෙළපාලි ගැන මොනවද දන්නේ නැහැ කියන්නේ? (නි)
බන්දුල,රන්ජනී,දයාරත්න,ඔය ඔක්කොම එකම සහෝදරයෝ වෙන්න ඇති,කමක් නැහැ. අරගොල්ලෝ කැකුණ තලනකොට මේ ගොල්ලන්ට රජ මගුල්! (නි)
මිගිද, ඔයාද අවුරුදු 30ක යුද්දේ නැවැත්තුවේ? (ස)
රංජනී, කන්නාඩියක් ළඟට ගිහින් ඕක කියන්න. මෝඩ මිනිස්සු. (ස)
දයාරත්න හැරෙන්න අනෙක් හැමෝම මානසික රෝගියෝ, මීට පෙර හිටපු පාලකයෝ යුද්ධය වවාගෙන කෑවා.'සිංහලයට ඉක්මනින්ම දේවල් අමතක වෙනවලු' මේ පිය පුතු දේපල රටේ පිනට පහල උනේ.අද මේ ජනාධිපතිතුමා නොහිටියා නම් සිංහල අපට රටක් නැහැ. මේ සිංහල මෝඩ අයට මතක් කිරීමක්, මට බනීවි කමක් නැහැ. (ස)
පාද යාත්‍රාව යන එක හොඳයි මිනිස්සුන්ගෙ තෙල් මන්ද බහින්න. (ස)
දයාරත්නරත්නායක. ළඟම ඉන්න මානසික වෛද්‍යවරයෙක් හමු වෙලා ඉක්මනටම බෙහෙත් ටිකක් ගන්න.වැඩි කල් ඉන්න එපා.ඔය ලෙඩේ ඔඩු දුවයි. (ස)
රටේ මේ වෙන දේවල් වැරදියි. ඉස්සරහට වෙන්න තියන දේවලුත් වැරදියි. ඒත් මේ ඉන්න විපක්ෂ නායකයා ඉන්නකන් පාලක පක්ෂයට මුකුත් කියලා වැඩක් නැහැ. මොකද ආණ්ඩුවට ඕනි විදියට වැඩකරන්නේ විපක්ෂය දුර්වල නිසා. (නදී)
මීට කලින් මෙම සමුළුව තියපු රටවල් වල මේවගේ මිනිස්සු රථ ගමන් , පාගමන් ගියාද? මේවා කාට පේන්නද කරන්නේ? මේවා කලා කියල රටට ජනතාවට සිදුවන සෙත කුමක්ද? රජයේ සල්ලි කියන්නේ මහජනයාගේ බදු මුදල්.ඇයි? මේ බොරු වැඩ කරලා දුප්පත් අපේ මුදල් කාබාසිනියා කරන්නේ?(නදී)
රාජ්‍ය නායකයෝ සියල්ලෝම අපේ පාලනය ගැන ගොඩක් සතුටුවෙයි (නි)
ඇත්තම කියනවා නම් අපේ මිනිස්සුන්ට කවදාවත් මොළේ පැදෙන්නෙ නැහැ. කිවුවට සමාවෙන්න ඕනෑ. (නි)
හැබැයි පොදුරද මඩුළු රාජ්‍යය නායක සමුළුව තිබුණ කිසිම රටක අපි නම් මෙවන් දෙයක් දැකලා නැහැ. (නි)
දයාරත්න, මොනවා දෙන්න පුළුවන් වුණත් මොළය දෙන්න පුළුවන්ද කෙනෙකුට? (නි)
මෙහේ ලංකාවේ මිනිසුන් කන්න නැතුව දරුවන් සමග ගගට මුහුදට පනිනවා. (නි)
දයාරත්න වගේ අය ඉන්න රටකට ඉර හද පායයිද? (නි)
ඔහු මට නම් අහිංසක දේශප්‍රේමී දේශපාලන පුතෙක්. (නි)
බුදුහාමුදුරුවනේ, මේ වියදම් කරන්නේ රටේ සල්ලි නේද? කෙනෙකුට ලැබෙන මාසික පඩියෙන් මේ උත්සව කර කර ගමන් බිමන් ගොස් විනෝද වුණාට අපිට ප්‍රශ්නයක් නැත. අපිට දුක මේ සල්ලි රටේ සල්ලියි. ලංකාවේ ලක්ෂ ගණනක් ඉන්නවා ඉන්න නිවසක් නැති කන්න ආහාරයක් නැති. ඒවා මේ සියල්ලටම වැඩිය වැදගත්. අපේ දුක දන්නේ අපි විතරයි. අපි අපේ දුක කියන්න ඕනෑ. ඒක මම විතරක් නෙමෙයි, ඔයාලත් කළයුතුයි (නි)
අනේ බුදුහාමුදුරුවනේ! (නි)
දයාරත්න , අපි නම් දන්නේ අසූචි කන්නේ බල්ලෝ විතරයි කියලා.(නදී)
මේ දයාරත්නට පිස්සුද මන්දා.(නදී)
ලැබෙන ප්‍රතිලාභේ මොකද්ද හැබැට ඔය පාද යාත්‍රාවෙන් (දිල්)
දයාරත්න, සූරාකෑම සහ දරිද්‍ර තත්වයෙන් ලංකාව ආසියාවේ ප්‍රමුඛ ස්ථානය දැනටමත් ගෙන ඇත (දිල්)
දයාරත්න මහත්තයෝ ඔයත් යන්න ඔය පාද යාත්‍රාවේ මල්ලකුත් අරගෙන.(නදී)
සංවර්ධනය අතින් ලංකාව ආසියාවේ ප්‍රමුඛ ස්ථානයට ගෙනෙමින් ජනතාවගේ පිනට පහලවූ පින්වත් පිය පුතු දෙපලට සුබ පතමි. (අ)
ඡන්දය දුන් අපි නම් සැමදා මේ පාලක පක්ෂයේ පින්වත් නායකයින් සමගයි. (නි)
අපි මේ උත්සව අති උත්කර්සවත් අන්දමින් පවත් වමු. අපේ ජනාධිපති තුමා නොව 15 ද සිට පොද රද මඩුල්ලේ ලොක්ක. අපි හැමෝම වාහන පෙළපාලියෙන් කොළඹ එමු. (අ)
පාසල් ළමයි දාලා තියෙන්නේ ලොකු ලොක්කෝ එනකොට කොඩි වන්න විතරයි. දල ඇත්තු පෙරහරේ යනකොට වගේ ගාම්භීරව යන හැටි දැක්කම .......හප්පා හිතට දැනෙන ආඩම්බරයක් . නොකා හිටියත් (අ)
දේශපාලඥයින්ට දොස් කියලා වැඩක් නැහැ.ඔවුන් ඔය තනතුරු වලට ලක්ෂ ගණනින් මනාප දීලා යවන අය තමා මේවට වගකියන්න ඕනෑ (නි)
දේශපාලන උත්සව සදහා පාසල් දු දරුවන් යොදා ගැනීම මම තරයේ හෙළා දකිමි (නි)
අනේ මහත්තුරුනේ, තවත් ඔවුන්ටම ඡන්දෙ දෙන්න (නි)
මේ කරන වැඩ වල තේරුම කුමක්ද? පහ ශිෂ්‍යත්වය සමත් දුවක් ජීවත් වන නිවස දුටුවාද? (නි)
තවම මිනිස්සු නොයෙක් දේට රැවටෙනවා. ඒකේ අවසානයක් නැහැ. (නි)