අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට කැඳවා සිටි මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහි නොපැමිණීම හේතුවෙන් අල්ලස් කොමිසමට අපහාස කළැයි කියමින් අල්ලස් පනතේ 20 වැනි වගන්ති ප්‍රකාරව ඔහුට එරෙහිව අද (30) අල්ලස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළේය.
අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට කැඳවා සිටි මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහි නොපැමිණීම හේතුවෙන් අල්ලස් කොමිසමට අපහාස කළැයි කියමින් අල්ලස් පනතේ 20 වැනි වගන්ති ප්‍රකාරව ඔහුට එරෙහිව අද (30) අල්ලස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැයි සුමනදාස, අමතක වුණාද? තවත් බලවත් ආරක්ෂාවත් ඔවුන්ට නොඅඩුවම තිබෙනවානේ (නි)
මොහාන් තණකොළ කනවා කියලා කියන්න එපා (බ)
පුදුම වැඩක්නේ? නඩු ගොඩවෙනකොට බර වැඩියි. දැනටමත් නඩුව බරක් වෙලාද කොහෙද? අනේ කාලේ වනේ වාසේ කිව්වලු. (නි)
මේ වගේ දේවල් වෙන කිසිම රටක සිදුවෙන්නේ නැතුව ඇති (නි)
එතකොට මහබැංකු ගනුදෙනුව, නීතිය මඟහරින ඇමතිවරු, කැලය විනාශ කරන අය...? මේ අය නීතියෙන් නිදහස්ද? (නි)
දැන් රෝහල්ගත වෙලා ඇති. මේවා ලෝකය හිනස්සන ලංකාවේ දැන් තියෙන තත්වයයි! (නි)
මේවා කාටත් හොඳ පාඩම් (නි)
මිනිසුන්ගේ පරිප්පු ඇටේට සිට බදු ගහලා ගන්න සල්ලි වියදම් වෙන්නේ මේ පළාත් සභා, ප්‍රාදේශීය සභා, පාර්ලිමේන්තු මන්ත්‍රීලා කට්ටියට වාහන අරගෙන දෙන්නයි, පිටරට සාවාරි යන්නයි. දැන්වත් පළාත් සභා ප්‍රාදේශීය සභා අහෝසි කරන්න. මේ පාරවල් හදන්න, කාණු හදන්න මන්ත්‍රීලා මොකටද? මේවා පරිගණකයෙන් මිනිස්සු නැතුව කරගන්න පුළුවන්. කවදටද කොයි පාරද අලුත්වැඩියා කරන්න ඕනෑ කියලා පරිගණක ආධාරයෙන් දැනගන්න පුළුවන්. ජෝර්දාන් වල මන්ත්‍රීලා ඉන්නේ 50 ට අඩුවෙන්. අපිට වඩා සල්ලි තියෙන රටවල්. අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීලා 100 ක් හොඳටම ඇති (නි)
සිහලුනේ, එකතුවෙමු! රට බේරාගනිමු! (නි)
එන්න බැරි නම් එන්න බැහැ කියලා දැනුම් දෙන්න ඕනෑ. දැන් ඉතින් උසාවි ගානේ යන්නයි වෙන්නේ. (නි)
නාමල්ට මොකුත් වෙන්නේ නැහැ. මේ රජ පවුලට අත තියන්න කාටවත් බැහැ. ඔවුන්ට දේව ආරක්ෂාව තිබෙනවා. (නි)
ඇයි මෙයා වත්කම් හෙළිකරන්න බය? (නි)
හරි විදියට නීති විභාගය සමත්වූවෙක් මෙහි තිබෙන බරපතලකම දන්නවා. (නි)
චතුරි මහාචාර්ය කෙනෙක් වුණාට අපි හැමෝටම එහෙම වෙන්න බැහැනේ නේද? චතුරි ඔයා කට අරිනකොට පළාතම ගඳ ගහනවා. මෝඩකම පෙන්නන්න එපා (නි)
ඔලුවක් තියෙන අයට දැන් තේරෙනවා රටේ සල්ලි වලට මොකද වුණේ කියලා. (නි)
රාජයෝගයක් කොමිසමකින් නැති කරන්න පුලුවන්නම් ජොතිෂ්‍ය බොරු.(ම)
මහරජ සරණං ගච්ඡාමි කට්ටියට හරියට රිදෙනවා වගේ. රට විනාශ කරපු මේ පවුල තවමත් හිතාගෙන ඉන්නේ තමන් බලයේ ඉන්නවා කියලා (නි)
පිටිගල, අපේ රජතුමා යන යන තැන ඒ බලය අඩුවී නැතිබව පැහැදිලිවම පේනවනේ. එ්කයි නොකිවුවේ. (නි)
ජාතිය එක්සේසත් කළ උතුමාණෙනි, අප සදා ඔබ සමඟයි. (නි)
පිය රජු සේම ප්‍රතාවත් අභිමානවත් තරුණ කුමාරයාණෙනි, මේ රටේ ජීවය ඔබයි! (නි)
නාමල් ඔයවගේ දේවල් වලින් කිසිදා නොසැළෙන බව අපිට විශ්වාසයි (නි)
සුමනදාසගේ නමෙන්ම පේනවා දාසකම් කරනවා කියලා. රජවරු හිටියේ වැඩවසම් යුගයේ. (නි)
වැට් විරෝධතාවේ ප්‍රතිපල පිටවේ.(ම)
රජවරු හිටියේ වැඩවසම් යුගයේ කල වැඩ අතර තිසාවැව, නුවර වැව, රුවන් වැලි මහා සැය, මාන්තොට වරාය, ගුවන්තොටුපොළ, දක්ෂිණ අධිවේගය මේ රටේ ජාතික දයාදයි. (ම)
එහෙම කරපු එක හොඳයි.(හේ)
ඉන්දික ඔයා ගණන් කලාද 14 පාර ? (ර)
මේගොල්ලෝ තාම හිතන් ඉන්නේ අප්පච්චි තව දුරටත් මහරජා කියල වෙන්න ඇති. (බ)
රාජිත 14 වතාවක් නෙවෙයි 100 වතාවක් නාවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, මේකට තමයි යහ පාලනය කියන්නේ. (බ)
එ්කනේ මිනිස්සු කියන්නේ මෙයා නීති විභාගේ හොරට පාස් වුණා කියල. මෙයා දන්නා නීතියක් නැහැ. (බ)
තියෙන නඩු ගොන්නත් විභාග කරලා දඬුවම් දෙන්නේ නැතුව මේවගේ දේවල් වෙද්දී ගොඩක් අයට හිතෙනවා පළිගන්නවා කියලා. එ්කෙන් වෙන්නේ නාමල්ලට නොලැබිය යුතු අනුකම්පාවක් ඉබේ ලැබෙන එක. (බ)
රාජපක්ෂලා සමහර අයට හිඟන්නාගේ තුවාලය වගෙයි..(බ)
සංසන්දනයක් අනවශ්‍යයි, එහෙම කලොත් අපිට කිසිම වැරදිකරුවෙක් අල්ලන්න බැරි වේවි. කවුරු කළත් වැරැද්ද නිවැරදි වෙන්නේ නැහැ නේ. අපි කවුරුත් රටේ නීතියට ගරු කල යුතුයි.(හේ)
නීතිය හැමදෙනාටම එකක් විය යුතුයි.(හේ)
ඒ නඩුවට නම් එයාම ඉදිරිපත් වෙලා දිනාගනී. (බ)
14 වතාවක් අාවේ නැති රාජිත හිරේද? තවත් මේ අපිට විහිළු සයපන් නැතිව ඉන්නවද. දැන් නම් අපට තිත්ත වෙලා (බ)
මේ මොහාන් අපිට අකුරු කියවන්න පුළුවන්. ගිහින් පත්තෙරේ හොයල කියවන්න (බ)
එතකොට 14 පාරක් ආපු නැති රාජිතට මොන උසාවියේද නඩු දාන්නේ?? (ම)
නිතිය ක්‍රියාත්මක කරන අවංක නිලදාරීන් පිරිසක් ඉන්න බව අපි දන්නවා නමුත් ඒ අත්දෙක පිරිසුදු මහත්වරුන්ට නිතිය ක්‍රමානුකුලව කරගෙන යන්න දෙන්නේ නැති පිරිසක් ඉන්නවා කකුලෙන් අදින්න ඒ නිසා තමයි තවමත් මේ අය රටේ ජනතාව ගොනාට අන්දවාගෙන මාධ්‍ය තුල වීර රැගුම් පාගෙන මේ වැනි වීරයෝ වගේ හැසිරෙන්නේ (හේ)
මොහාන් මහත්තයා.. කව්රු මොනවා කිව්වත් ඇත්ත ඇති සැටියෙන් දකින්න ඉගන ගන්න. (ර)
තවමත් කඩේ යන අයගේ හිතට දුක තමා. මොනවා කරන්නද? (ර)
අමතක වීමක් වෙන්න ඇති. (ර)
මෙතන නඩු දාන්නේ සාධාරණ හේතුවක් නොදක්වා නොපැමිණීමට. සාධාරණ හේතුවක් දැන්වූවා නම් නඩු දාන්නෙ නෑ කාටවත්. (ර)
ඒ කාලේ මිනිස්සුන්ව නිකරුනේ නඩු වලට පටලවනකොට මම නම් හිතුව පුතාලටත් කවද හරි දවසක උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙයි කියලා. අර කතාවක් තියනවනේ "දෙමව්පියෝ ඇඹුල් කෑවම දරුවන්ගේ දත් හිරිවටෙනවා කියල" කට කාටත් මේවා හොඳ පාඩම්.(හේ)
මෙතන කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. කලබල වෙන්න එපා. (හේ)
මේගොල්ල කුමාර වරු. මෙයාලට ඉහලින් යන්න දැන් ඉන්න අයට වාරු නැහැ.මෙතක් දුරට සිදු වූ දේවල් දැක්කානේ. (බ)
දැන්වත් තේරුම් ගන්නවානම් හොඳයි මේ දෙගොල්ලොම අපිව රවට්ටනවා කියල. අපිත් ලජ්ජා නැතිව අපිව රවට්ටන උන්වම ආයේ බලයට ගෙනත් කියනවා මේ සැරෙත් අපි රැවටුනා කියලා. (බ)
කාට වුනත් කමක් නැහැ වැරදිකරැවන්ට දඩුවම් දි ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට ඉක්මන් විසදුම් දි යහපාලනය වෙනස පෙන්වන්න දැනටත් පරක්කුයි (බ)
නිකන් නාට්‍ය පෙන්නලා වැඩක් නැහැ. ගසාකෑ සියලු ජනතා සල්ලි ජනසතු කරන්න (නි)