මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කර තිබූ ඉල්ලීමක් අනුව වෛද්‍ය නිර්දේශයන්ට අනුව ඒ මහතාට මෙට්ටයක් ලබා දීමට ලබාදීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇතැයි එහි ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම සුපිරි මෙට්ටය ඔහුගේ නිවසින් ලබා දී ඇතැයි ද වාර්තාවේ. බන්ධනාගාරයෙන් නිකුත් කරන ලද කොට්ටය පමණක් දැනට ඒ මහතා භාවිතා කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර සිටීයි.
සැකකාර මන්ත්‍රීවරයා මේ වනවිට ‘‘ජේ ’’ සිරකුටියේ රඳවා සිටින අතර ඊට යාබද සිර වාට්ටුවේ මත්කුඩු සැකකරුවන් 30 දෙනෙකු පමණ රඳවා සිටින බවද දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින් කල උතුමන්ට කොහේ හිටියත් සැප, පව් කල අපිට දිව්‍ය ලෝකෙට ගියත් දුක තමයි. (ර)
බලාගෙන යනකොට යහපාලනයෙත් වෙනසක් නැහැ වගෙයිනේ (නි)
පාර්ලිමේන්තුවේ කවුද දුක්වින්දේ, කවුද හොරකම් වංචා නොකළේ, කවුද එයාලා නිතරම දිනෙව්වේ? එහෙම පත්කරපු අපි දැන් නන් දොඩවනවා. (නි)
මොන වෛද්‍යවරයාද දන්නෙ නැහැ මේ නිර්දේශ කළේ? (නි)
දැන් උසාවියෙන් වැරදිකාරයෝ වෙලා හිරේ ගිහිල්ලා නිදහස් වෙලා අවට පසු නැවතත් මන්ත්‍රී කෙනෙක් වෙන්න පුළුවන්ද? අනේ මම දන්නෙ නැති නිසයි අහන්නේ. එහෙම වුණොත් කීදෙනෙක් ඉතුරු වෙයිද දන්නේ නැහැ (නි)
අනිත් අයටත් මෙට්ට දුන්නට කිසිම වරදක් නැහැ. නොදෙන එකනේ වරද. ගෙවල් වලින්නේ ගෙනල්ලා දෙන්නේ. ආණ්ඩුවට බරපැන දරන්න ඔනේ නැහැනේ. සිරකරුවනුත් හොදට නිදා ගන්න ඕනේ. ඉස්සරහම ගහල තියෙන්නේ "සිරකරුවොත් මනුෂ්‍යයෝය" කියලා. (ර)
චතුරි, ලහිරු ඔබ දෙපලගේ අදහස් 100% සත්‍යයි. (ර)
එක කෝල් එකෙන් නීතිය උනත් වෙනස් නරන්න පුළුවන් ක්‍රමය තවමත් තියෙනවා? නැත්නම් හිර ගෙදර හෝ රිමාන්ඩ් එකේ කොන්දේ අමාරු, බෙල්ලේ අමාරු තියෙන අය කොච්චර ඉන්නවද? ඒගොල්ලන්ට වෛද්‍ය නිර්දේශ නැද්ද? (ර)
ඉස්සර කාලේ වැරදි වැඩ කලහම උල තිබ්බලු. දැන් දඬුවම ගෙදරින් කෑම සහ මෙට්ට ෂා මරුනේ. (ර)
මෙතන අදහස් දාන වැඩි දෙනෙකුට තියෙන්නේ ඉරිසියාව, කොටි නැති කරපු තරහ, මේ අය බෝම්බ පුපුරන කාලෙ ලංකාවේ හිටියද දන්නේ නෑ.? (ර)
මොකද මෙච්චර සැලකිල්ලක්? (ර)
රට්ටු හිනස්සන වැඩ මෙව්වා. (ර)
තව දවස් දෙක තුනකින් අපිට අහන්න ලැබේ පෞද්ගලික රෝහලක ඇතුලත් කලා කියලා . (ර)
අනිකුත් රක්ෂිත බන්දනාගාරයේ සිටින සියලුම දෙනා එකතුවී මානවහිමිකම් කොමිසමට පෙත්සමක් දැමීම තමා හොඳමදේ. එතොකොට ඔක්කොටම ගෙදරින් කෑම හෝ මෙට්ට ගෙන්න පුළුවන්. (ර)
රට බේරාගත්තු මහා රජතුමාගේ පුතාට මෙහෙමද සලකන්නේ? (ර)
නාමල්ට තිබෙන දුෂණ චෝදනා වලට අනුව නීතී රැකියාව තවදුරටත් කළ හැකිද? (නි)
රවී ගාල්ලගේ අහන ප්‍රශ්නයම තමයි මමත් අහන්නේ. (ර)
මෙට්ටයක්, කොට්ටයක්. වෙන මොනවත් ඉල්ලලා නැද්ද? (ර)
අපේ රටේ පුදුම නීතියක් තමයි තියෙන්නේ. (ර)
රත්නායක මහත්මයා, කොටි නැති කරපු එකයි, සල්ලි වංචා කරපු එකයි දෙකක්. ඊටත් කොටි නැති කරන්න මෙයා මොනවද කළේ. මෙයාලගේ නිල් බලකායේ මොනවාද නොකෙරුණේ මහත්තයෝ (නි)
අනේ අපිටත් මෙහෙම කොට්ට මෙට්ට ගේනන දෙනවද? (නි)
නීතිගරුක පුරවැසියන් නීතියට යටත් වෙන්න ඕනෑ. චෝදනා වලට ලක්නොවන විදිහට වැඩ කරන්න දරුවන්ට පුරුදු කළා නම්, දරුවන්ව හරියට හදාගත්තා නම් ඔය ප්‍රශ්න මොකුත් ඇතිවන්නේ නැහැනේ. (නි)
එද්දී මෙට්ටේ දීලම එන්න. මොකද ආයෙත් යන්න වෙන්නේ සතියකට දෙකකට නෙමෙයි වෙන්නත් පුලුවන්. (නි)
ෆොන්සේකා මහතාට මොනවද දුන්නේ? (නි)
මේකේ ප්‍රතිචාර හරියට හිරේ ඉන්න අයගේ ඒවා වගෙයි. නැත්නම් මෙච්චර ඊර්ෂ්‍යාවක්? (නි)
සැප විඳලා පුරුදු දරුවොනේ මේ! (නි)
කට්ටිය නාමල්ගේ මෙට්ටේ, කොට්ටේ ගැන කතා කර කර ඉඳිමු. මේ රට යන්නේ කොහාටද කියන දේ ඊයේ තවත් පැහැදිලි වුණා යාපනය විශ්ව විද්‍යාලයේ සිද්ධියෙන්. කමක් නැහැ මොනවා වුණත් රාජපක්ෂවරු හිරේනේ. අනේ මේ රටේ මිනිස්සු! (නි)
අධිකරණය ඉතා මන්දගාමියි. වේගවත් කරන්න. වැරදි ඔප්පූ වුවවොත් දැඩි දඬුවම් දෙන්න. අනාගත දේශපාලන පුතුන්ට ආදර්ශයක්. (නි)
අනේ පවු දෙවියනේ අහිංසක නාමල්! (නි)
මම ගානේ දෙනවා ලැම්බොගිනියක් (නි)
බඩේ අමාරුවක්වද්ද දන්නෙ නැහැනේ. (නි)
ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහත්තයා බැංකු කෑල්ලක නිදිකරවපු , කොටි සැකකාරයෝ සමඟ එකට ඉන්න සැළසූ මේගොල්ලන්ට සොබාදහම අපුරුවට සළකනවා නේද? (නි)
පොතේ ලිව්වට මෙයා දැනටත් ඉන්නේ තරු පහේ හෝටලයකද කියලත් මට සැකයි (නි)
මේ වරප්‍රසාද අනෙක් සැකකරුවන්ට ගන්න බැරි ඇයි? (නි)
කතාව නම් ඒ වුණාට බඩ කපාගන්නයි, බෙලි කපාගන්නයි, හිරගෙවල් 100ක හරි ජනතාව වෙනුවෙන් ලගින්නයි (නි)
තව අඩුපාඩු ඇත්නම් ඒවත් බන්ධනාගාරයෙන්ම සපයයි (නි)
නාමල් හිර ගෙදර යෝග ව්‍යායාම කරන්න අනිත් හොරුන්ට උගන්වනවා කියලා නේද කිවුවේ? දැන් මොකටද සුපිරි මෙට්ට. බලගන අනිත් හොරුන්ටත් මෙට්ට දෙන්න වෙයි යෝග කරන්න. (නි)
මේවා මෝඩ වැඩ. අනෙක් රැඳවියන් මෙන් සාමාන්‍ය විදියට හිටියා නම් ලකුණු ගොඩයි. (නි)
බලාගෙන ගියාම පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම ලෙඩ්ඩුනේ (නි)
රාජකීය මෙට්ටයක්? ඒ වුණත් අල්ලපු කාමරේට තට්ටුවක් දැම්මා නම් පණපිටින් දිව්‍ය ලෝකේ සුව විඳින්න පුලුවන්නේ (නි)
වෛද්‍ය නිර්දේශයන්ට අනුව සුපිරි මෙට්ටයක්? නාමල් කියන්නේ ජවසම්පන්න තරුණ රගර් ක්‍රීඩකයෙක්. එකපාරටම ලෙඩෙක් වෙලාද? (නි)
සරත් ෆොන්සේකාටත් ඔයවගේ පහසුකම් දෙන්න කියලා නියෝග කළත් ඒවා දුන්නේ සෑහෙන කල් ගිහින් නේද? දැන් නම් අධිකරණය හරිම ස්වාධීනයි කියලා කියන්න පුළුවන්. (නි)
මේ නාමල් පුතා රගර් ගහන හොඳ ෆිට් පොරක් කියලා කයිවාරු ගහගෙන හිටියට මෙට්ටයක් නැතුව එක රැයක් බිම නිදාගන්න බැරිබව පේවනනේ දැන්. (නි)
නාමල්ට තව මොන අමාරු හැදෙයිද කියලා කව්ද දන්නේ? මොකද මෙට්ටයක් කොට්ටයක් ලැබුනම තව අඩුපාඩු මොනවද කියලා ඕනෑ කෙනෙකුට හිතාගන්න පුලුවන්නේ (නි)
සරත් ෆොන්සේකා මහතාට මොනවද දුන්නේ? (නි)
පේන බලන කෙනෙක් කිව්වද දන්නේ නැහැ ගෙදර අයට, ජීවිත කාලයටම ඇතුළේ කියලා. නැත්නම් මේතරම් කතා මවන්නේ? තව නඩු කීයකට මුහුණ දෙන්න තියෙනවද? හොඳම දේ මෙපමණ මුදල් නැතිවුණ එකේ මහින්දගේ නම දමා අලුත් හිරගෙයක් හැදුවා නම් ඉවරයි පරම්පරාවටම (නි)
තාරුණ්‍යයට ලෙඩක් වගේ (නි)
තව මොනවද දන්නෙ නැහැ එයාට තිබෙන අවශ්‍යතා? (නි)
මොනවද මේ කතා? සැපට හැදුනු දරුවොනේ (නි)
මේක පුදුම නීතියක්නේ. මැගසින් බන්ධනාගාරයේ ඉන්න සැමටම ගෙදරින් මෙට්ට ගෙනෙන්න පුලුවන්ද? කාටද මේ සංදර්ශන? (නි)
කොට්ට මෙට්ට නෙමෙයි දෙන්න වටින්නේ (නි)
ඕක මොකක්ද එතුමාට? එතුමා මේවා ගණන් ගන්නේ නැහැ (නි)
අනිත් සිරකරුවන්තත් දැන් මානව හිමිකම් නඩුවක් දමා හෝ කිසිම අසනීපයක් නැත්නම් හොර වෙදෙක්ගෙන් හෝ වාර්තාවක් ගෙන තමන්ට අවශ්‍ය දෙයක් ගෙන්වා ගන්න මෙය අවස්ථාවක් කරගන්න. සියලුම හිරකරුවන්ගේ නීතිවේදියන් ඔබ පෙනීසිටි හිරකරුවන් වෙනුවෙන් මේ සහන ලබා දෙන්න. (නි)
මන්ත්‍රීතුමා කවුරු වුණත් නීතියට ගරු කරන්න ඕනෑ.මේ විදියට ගියොත් වැරදි කරන අය අන්තිමේදී ගෙදරටම යාවි. සිරගෙදර පහසුකම් දියයුත්තේ වෛද්‍ය නිර්දේශ මත පමණක් යන්න කියන එක තමයි මගේ මතය (නි)
අහෝ! මොනතරම් අසනීප ඇති අය හිරේ ඇද්ද? දුප්පතාට කෝ සැප ලෝකේ ...... (නි)
සරත් ෆොන්සේකාට නම් කොන්ක්‍රීට් මෙට්ටනේ! (නි)
සතියක් පැදුරේ නිදාගන්න බැරි අයට තමයි හම්බන්තොට කට්ටිය ඡන්දය දීලා තියෙන්නෙ (නි)
බොරුවට රගර් කිය කියා නැටුවට බලනකොට මෙයත් ලෙඩෙක්නෙ. සාමාන්‍ය හිරකාරයෙකුටත් ගෙදරින් මෙට්ටයක් ගෙන්නා ගන්න පුලුවන්ද (නි)
සරත් ෆොන්සේකා මහතාට මෙට්ටයක් ගන්න උසාවිය ලවා ඉල්ලීම් පිට ඉල්ලීම් කරන්න වුණා. එ්ත් දුන්නේ සෑහෙන ප්‍රමාද වෙලා. නාමල්ට ගෙදරින් ගෙනෙන දෙයක් පාවිච්චි කරන්න නිදහස දීලා. මේ සරල උදාහරණයම ඇති ආණ්ඩු දෙකේ වෙනස තේරුම් ගන්න. (නි)
ඇයි එයාට කොට්ට පැදුරු වල නිදියන්න බැරි? (නි)