IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


නාමල්ලා නඩුවකින් නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ඇතුළු පස්දෙනකුට එරෙහිව මුදල් විශූද්ධීකරණ පණත යටතේ පවරා ඇති නඩුවෙන් විත්ති වාචක නොකැඳවාම ඔවුන් සියළු දෙනාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (02) නියම කළේය.

විත්තිකරුවන්ගෙන් විත්ති වාචක කැඳවීමට තරම් පැමිණීල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීන්දු කරමින් විත්තිකරුවන් සියළු දෙනාම නිදොස් කොට නිදහස් කළ විනිසුරුවරයා විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නිකුත් කොට තිබු විදේශ ගමන් තහනම් සහ විවෘත වරෙන්තු අවලංගු කිරීමටද නියම කළේය.

දේශපාලන වශයෙන් පළිගැනීම සඳහා නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇති නමුත් ඔවුන්ට එරෙහි කිසිඳු චෝදනාවක් පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි කියමින් විත්ති වාචක නොකැඳවාම සියළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි අපරාධ නඩු විධධාන සංග්‍රහයේ200 වගන්තිය යටතේ ඔවුන්ගේ නීතීඥවරු මීට පෙර කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළේය.

පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අමතරව මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ පවිත්‍රිකා සුජානි බෝගොල්ලාගම, ගුවන් සේවිකාවක් වු නිත්‍යා සේනානී සමරනායක, ඔරනෙල්ලා ඉරේෂා සිල්වා සහ ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැත්තන්ය.

2013 ඔක්තොම්බර් මස පළමුවැනිදාත් 2014 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙණුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

 



අදහස් (14)

නාමල්ලා නඩුවකින් නිදහස්

නිශාන්ත Thursday, 02 November 2023 03:56 PM

ගැඹුරු හෙලෙන් ළමයාව ටික ටික ගොඩ කරන්නත් එපැයි..

:       7       50

ravin Thursday, 02 November 2023 05:04 PM

පුදුම වෙන්න ඕනේ එහෙම නොවුණා නම් තමයි.

:       6       46

බද්රානි Thursday, 02 November 2023 05:12 PM

මෙවැනි අති සාධාරණ නඩු තීන්දු දෙස බලද්දී, අපේ රට මොනතරම් හොඳ නීති ගරුක, යුක්තිගරුක රටක්ද කියලා හිතට දැනෙන ජාතික අභිමානය ගැන කියන්න වචන නැහැ... ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන මහා විශාල ආඩම්බරයක් හිතට දැනෙනවා...හීනෙකින් වත් වංචාවක් නොකරන ඒ නෝනලා මහත්තුරුන්ට බොරු නඩු දාන එක කොච්චර වැරදිද නේද..? දෙයියොම බලා ගන්න ඕනා ඔය අව නඩු ගැන...

:       0       0

sanath Thursday, 02 November 2023 06:02 PM

එහෙමයි...

:       0       0

මැක්ස් Thursday, 02 November 2023 06:06 PM

අධිකරණය "පක්ෂපාතී" යැයි අභූත චෝදනා ඉදිරිපත් කිරීමට සජබ හා ජවිපෙ අනුගාමික කල්ලිවලටයි දැන් අවස්ථාව...

:       0       0

chinthana Thursday, 02 November 2023 06:12 PM

අසාධාරණ ලෙස නිදහස් කරන මේ සියලුම චූදිතයින්ට විරුද්ධව අනාගතයේ දවසක, විශිෂ්ට විනිසුරුවරුන් සිටින අධිකරණයක නඩු පැවරෙනු ඇත...

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 02 November 2023 06:16 PM

ඊළඟ ආණ්ඩුවෙන් නඩුව හරියට අහලා දඬුවම් දෙනතුරු නටපං නාමල්..!

:       0       0

Shashika519 Thursday, 02 November 2023 06:58 PM

මම හිතුවේ තිළිණ ගමගේ වගේ අය තව නැහැයි කියලා. ඔය ඉන්නේ...!

:       0       0

විපරමා Thursday, 02 November 2023 06:58 PM

මෙයාලා හොරාකාලා හන්ගපුවා හොයාගන්න එක ලෙහෙසි වෙන එකක් නැහැ. ඒවාට ක්‍රම සහ විධි, ගණදෙවි නුවණ ඉහටත් උඩින්...?

:       0       0

Perera Thursday, 02 November 2023 11:12 PM

මෙයාව ඊළඟ ජනාධිපති කරන්න.

:       0       0

Kazi Shajahan Friday, 03 November 2023 10:03 AM

දඩුවමක් ලැබුනනම් තමා පුදුම වෙන්ඩ ඔන , මෙදවස් වල රනිල් අන්කල් ඉන්නව නෙ ඒ නිසා ඔක්කොම නඩු නිදොස් කොට නිදහස් ,රාජපක්ශලට තියන අල්ලස් නඩු රනිල් ‍යන්ඩ කලින් නිදොස් කොට නිදහස් වෙනව , ඛැට් තියල කියන්නෙ

:       1       7

Kumara Friday, 03 November 2023 11:43 AM

ඔබලා කොයි මොහොතේ හරි කොටු වෙනවා...! ඔහොම යන්න...! 

:       0       3

ranila Friday, 03 November 2023 12:49 PM

එන්න අපි රන්ජාව හිරේ දාමු...

:       0       3

Rohana Friday, 03 November 2023 02:10 PM

මොන වැරැදි තිබුණත් යමෙකු ඉන්නේ ආණ්ඩුව සමග නම් ඔවුන් සියළු දෙනාම නිදොස්කොට නිදහස් තමයි...!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 783 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 1852 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2294 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 523 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1888 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 596 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39650 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25787 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1211 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site