නාගයකු ළග තබාගෙන සත්ත්ව හිංසනය කළැයි වරද පිළිගත් කොල්ලුපිටිය ක්ලියෝපැට්‍රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානිට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් සියයක දඩයක් හා තුන් මාසයක සිරඳඩුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවීය.
මෝසමකින් ඇගේ නීතීඥ කිංස්ලි හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ නඩුව තවදුරටත් නොපවත්වන බවයි. ඇය වරද පිළිගන්නා බව ද ඔහු කීවේය.
ඒ අනුව ඇය නාගයකු ළඟ තබා ගැනීමෙන් සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ දෙකේ එක වගන්ති කඩ කිරීමෙන් වරදක් කර ඇතැයි උසාවිය තීරණය කළේය.
නාගයා දැනට ඇය භාරයේ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කොට්ටාව ප්‍රදේශයේ චීවරධාරියෙක් කූඩුවක දාගෙන ඉන්න ගෝන්නුන්ට සත්ව හිංසාවක් නැතුව ඇති. (නි)
මේක ප්‍රශ්නයක්. නයෙක් තියාගෙන හිටියට රජයේ මුදල් ගණනක් නාස්ති කරලා මාස ගණනක් නඩු කියලා සුළු දඬුවමක් දීලා තියෙනවා. නයි නටවන අය එදත් හිටියා, අදත් ඉන්නවා. එයාලට අපි දන්නා කාලේ කිසි දවසක දඬුවම් දීලා නැහැ. මෙතන වෙලා තියෙන්නේ වෙනදෙයක් වගෙයි. අද ලංකාවට නඩු වැඩියෙනුත් තියෙනවා. විශේෂයෙන් මහජනයාගේ මුදල් නිකරුනේ නාස්ති කරන මේ වගේ වැඩ අකටයුතුයි. (නි)
මේවා රට්ටු හිනස්සවන වැඩ (නි)
රුපියල් 100 නෙමෙයි රුපියලක හරි දඩයක් ගැහුවා නම් ඔහු හෝ ඇය උසාවියකින් වරදකරුවෙකු ඌ තත්වයට පත් වෙනවා. ඒකයි මෙතන වැදගත් ප්‍රශ්නය. ඔය ළමයට මම දන්නේ නැහැ. වෙන කෙනෙකුට උනා නම් ඒක ඒ කෙනාගේ චරිතයට ප්‍රස්නයක් වෙනවා. රජයේ ගාස්තු ගෙවීමක් කලානම් වරදිකරුවෙකුගේ තත්වයට පත්වෙන්නේ නැහැ. (නදී)
නයි නලගන නැවතත් කරලියේ (දී)
පිටිගල ඔයාට මොනවද තේරෙන්නේ. අර විට ටිකක් කොට කොටා ඉතාලියට වෙලා ඉන්න තමයි තේරෙන්නේ.(නදී)
බල්ලෝ ඇති කිරීම, පුසන්ව ගෙවල් වල තබාගැනීම, හරකුන්ගෙන් කුඹුරු සි සෑම, කරත්තෙට බැඳීම, වැරදී නෙමේද මේ කාරණය අනුව? (නදී)
එතකොට අර අලුත් ඇත් අතුරු සෙවනේ වතුර නැතුව දුක් විඳින අලි පැටව. සත්ව උද්‍යානෙ කන්න නැතුව ඉන්න දහස් ගණන් සත්තු.ඒ ගැන ඔය කියන සත්ව හා වෘක්ෂ ලතා පනතේ අදාළ වෙන්නේ නැද්ද? මට තේරෙන්නේ නැතුවද මන්දා? (අ)
නඩුව ඉවරද? අනේ එතකොට නයි නංගිව පත්තරෙන් අපිට දකින්න බැරිද? (නි)
සුද්දගේ කාලේ නීතිය තවමත් රටේ රජ කරන්නේ. රටේ වෙනත් අපරාධවලට දෙන දඩුවම් වලට වඩා මේ වැඩියි කියා මට සිතේ (නි)
අනේ පව් දෙයියනේ! (නි)
ලංකාවේ නීති පද්ධතිය සම්පුර්ණයෙන්ම සංශෝධනය විය යුතුයි කියලා මේ නියම කළ දඩ මුලින්ම තේරෙනවා.මෙච්චර කාලයක් මේ නඩුව වෙනුවෙන් කොපමණ මුදලක් රජයෙන් වැයකරන්න ඇද්ද? මොනවද මේ වැඩ වල තේරුම? (නි)
නයත් එකයි...කිඹුලාත් එකයි. (නි)
හිර ගෙදරදීත් නයා ඇය ළඟද තියාගන්න වෙන්නේ? නයාත් එක්ක එළියට නිදහස් වෙලා ආවාම පොලිසියෙන් ආයෙමත් අල්ලයි නේද? (නි)
මොවුන් වැන්නන් ඉල්ලන්නේ මොනවා හරි කරලා ප්‍රසිද්ධියයි (නි)
පින්නවලින්/ කෑලයෙන් අලි පැටව් හොරකම් කරගෙන ඉන්න ලොකු උදවියට ඔය නිති නැද්ද? (නි)
දැන් ඉතින් එයා යන්න යාවි (නි)
නයා තාමත් ඇය බාරයේ නම් තාමත් නයාට සත්ව හිංසනය වෙනවා නේද ?.(නදී)
ලංකාවේ නීතීයත් විහිළුවත් අතර ඇති වෙනස දැන් අපට වැටහුනා..(නදී)
රටේ අනිත් සත්ව හිංසාව කරන අයත් අල්ලලා ඔක්කොම එකතු කරලා, ඔවුන්ට මිනිස් හිංසාව කරලා සතුන්ට දැනෙන හැගීම දෙමු (නි)
ත්‍රස්තවාදී ක්‍රියා කළ බවට වරද පිළිගත් කොටින්ව සාක්ෂි නැහැ කියා නිදහස් කළා, පපොච්චාරණය සාක්ෂියක් නොවේ කිවුවා. නමුත් මෙයාගේ වරද පිළිගත් පමණින් දඬුවම් දුන්නා. (නි)
මොනවා වුනත් මෙයත් උඩරට කුමාරිහාමි කෙනෙක්නෙ. (නි)
දන්තුරේ අයිති යටිනුවර ආසනේට නේද? මෙයාට සංවිධායකකම දෙන්න පක්ෂයක් නැද්ද? (නි)
සත්ව හා වෘක්ෂලතා ආඥා පනත සම්පුර්ණයෙන් පත්තරේ දාන්න බැරිද? එතකොට අපිට පුළුවන් මේ තීන්දුවේ හරි වැරැද්දයි අහිකුණ්ඨිකයන්ට නඩු නොදාන හේතුවයි දැනගන්න. (නි)
නොමිලේ ජනමාධ්‍ය හරහා ලබාගත් ප්‍රසිද්ධියට බිල්පත් ඉදිරිපත් කර නොගෙවන්නේ නම් නඩු දමා ඇයගෙන් අයකර ගතයුතුයි. (නි)
එතකොට අහිකුණ්ඨිකයෝ නයින්ට සහ වදුරන්ට දෙන හිංසාවලට දඩ ගෙවන්න ඕනෑ නැද්ද? (නි)
ප්‍රභාත්, මම දන්න විදියට නම් මේ ළමයාගේ චරිතයේ ප්‍රශ්නයක් නැහැ (නි)
අනේ මන්දා රටට ගිය කල (නි)
දොන්සේතන්, ඔයාට තේරෙනවා නම් ඒ ඇති. අනුන් ගැන වද වෙන්න එපා . (නි)
මෙයා ඇතිවෙන්න නයි අතගාල සුරතල් කරපු කෙනෙක්. ඒත් මෙයා බය නැහැ. .(නදී)
නියම දඩුවම. රු 100 ක ලොකු දඩයකුත් ගහලා. නයත් නලගනටම දිලා.තනියට ළග තියාගන්න වෙන්න ඇති. (නි)
සත්තු වත්ත වහන්න වේවිද ? (නි)
කෙල්ල නම් ලස්සනයි (නි)
ඔය කෙල්ලට යන්න දෙන්න (නි)
අපේ ගෙවල් ළග ගෙදරක බල්ලෙක්ව ගැට ගහලා ඇති කරනවා මම දැක්කා. අදම පොලිසියට කියන්න ඕනෑ. (නි)
අහිකුංඨක අය නයි නටවන්නේ පාරේ ඕනා තරම්. මේකේ වැරැද්ද මෙයා මහ පාරේ නයි නටවපු එකද?(නදී)
ඔය ඕනාතරම් ගස් යට වැද්දෝ නයි, පොලොංගු පෙන්න පෙන්නා විකුනන්නේ. පොලිසියට ඒවත් අල්ලලා නඩු දාන්න බැරිද? මේ කෙල්ලවම අල්ලගෙන නටවන්නේ පොලිසිය මෙයා එක්ක අමනාප නිසාද?(නදී)
අපෝ.. මේ ප්ලේන්ටියක් කාලා වඩේ එකක් බොන ගානනේ රුපියල් 100 ක් කියන්නේ..(නදී)
මේක අවසන් වෙලා තව දවස් කීපයකින් ආපසු නඩුවක් දායිද දන්නේ නැහැ මේ කාන්තාවට. (නි)
ඔයා බස්නාහිරින් මහා ඇමැතිකමට ඉල්ලුවොත් මමත් ඡන්දෙ දෙනවා, ඒ තරමට ඔයා දැන් ජනප්‍රියයි (නි)
එතකොට නයි නටවන අයට මොකද කරන්නේ?මුවෝ ගොන්නු මරා කන අයට? (නි)
අප රටේ බොහෝ දේවල් යාවත්කාලින නොවන බව මෙම දඩයෙන් පෙනේ. දඩය ගහලත් නයා තාම ඇය ළඟද? (නි)
රුපියල් 100 යක් අයකරගන්න රජයේ මුදල් හා සම්පත් කොච්චර නාස්ති කළාද? (නි)
අනේ පවු! එයාට ඔය දඩය ගෙවාගන්න පුලුවන්ද දන්නේ නැහැ (නි)
වහාම මේ පිළිබඳව මුළු මහත් ශ්‍රී ලංකාවේම අවදානය ඉතා ඉක්මනින්ම යොමු විය යුතුයි. මේක තමා දැන් ලංකාවේ අපි ඔක්කොටම තියෙන ලොකුම ප්‍රශ්නේ. (නි)
එතකොට විෂ දත් ගලවලා නයි නටවන අයට මේ පනත යටතේ දඩය කීයක් විතර වෙනවද? දන්නේ නැති නිසා අහන්නේ. (නි)
මෙයා දැන් විහිළුවක් වෙලා රටට. (නි)
එතකොට නයි අල්ලාගෙන කූඩ වල දාගෙන ඉන්න අහිකුණ්ඨිකයොත් අල්ලන්න ඕනෑ (නි)
එතකොට නයි නටවන්නට ලයිසන් ඕනෑද දැන්?? (නි)
රුපියල් සියයක්ද? (නි)
පවු. දඩය ගෙවාගන්න කවුරුහරි උදවු කරන්න (නි)
අම්මෝ! ඇති යන්තම්. ඒකත් අවසන් වුණා (නි)
දැන් මේ කෙල්ල ආයෙත් මේ නයාවම නැටෙව්වොත් ආයෙමත් සත්ව හිංසාව සිද්ධ වෙනවා නේද? එතකොට එයාගේ අත්හිටවූ සිරදඬුවම ක්‍රියාත්මක කරන්න වෙනවා නේද? මං මේ දන්නේ නැති හින්දයි අහන්නේ. ඉස්සර සත්තුත් දුකට හදවත පැලිලා මැරුණ කතා මං අහලා තියෙනවා. මේ නයාට එහෙම නොවේවා. (නි)
අපරාදේ මෙච්චර දවසක් නඩුවක් තිබුණේ (නි)
මට මේක තේරෙන්නේ නැහැ. නාගයා ළඟ තබා ගැනීම වරදක්. එහෙත් නාගයා ඇය භාරයේ ඇත (නි)
මේ විදියට නයි නටවන අයත් නයි ළග තබාගැනීම වරදක් නේද? (නි)
මීට වැඩිය හොඳයි දඩ නොගහම හිටියා නම්. (නි)
මේ අසරණ කෙල්ලට නයා ළඟ තියාගත්තට දඩ ගහලා හිරෙත් යන්න වුණා.කුඩු කන්ටේනර් පිටින් ගෙන්නපු අයට දෙන දඩුවම මොකක්ද..? (නි)
ගාන නම් හොදටෝම වැඩියි. දැන් අරයත් ළගදීම නයෙක් ඇතිකරාවිද ? (නි)
ඇය වරදක් කළ බව ඇයම පිළිගනී. අද ලංකාවේ අලි, දිවියන්, ගෝනුන්, මුවන්, ගවයින්, ඉබ්බන් ආදී සතුන් මැරීම ගැනත් නීතීය ඉටුවේ නම්... සත්ව හිංසාව වළක්වා ගත හැකිය. සමහරවිට මෙය හොද අාරම්භයක් වේවි...! (නි)
අහිකුණ්ඨික මනුස්සයෙක් නයෙක් තියාගෙන අහුවුනා නම් දාහක්වත් ගහයිද දන්නෙ නැහැ. (නි)
ඒකත් ඉවරයි එහෙනම්... (ස)
වැඩි නැද්ද මන්දා.. මටත් හිතෙනවා දිවියෝ ටිකක් ඇති කරන්න. (ස)
අපොයි පව්, ඇයි 100 ක්? 10 ක් දඩ ගැහුවා නම් ඇතිනේ. (ස)
"කන්දක් විලිලා කෙන්දක් වැදුවා වගේ" කියන්නේ මේවට තමා (නි)
රුපියල් 100 ක් නළගනකට මහ ගානක්ද ? තව නයි කීයක් තියාගනියිද දන්නෙ නැහැ දැන් (නි)
මෙයා ළගදීම ඡන්දය ඉල්ලනවා. කොල්ලෝ,කෙල්ලෝ මෙයාට ඡන්දෙත් දෙනවා (නි)
මොකද අවසානයේ මේ නඩුව ඉවරයක් කළේ? (නි)
එතොකට නයාව නටවන මිනිසුන්ට දඩ නැද්ද? (නි)
ඔන්න නියම දඬුවමක්. (නි)
මං මේ නොදන්නවට අහන්නේ. එතකොට අහිකුණ්ඨිකයින්ට නයි , රිලව් තියාගත්තා කියලා සත්ව හිංසාව යටතේ නඩු පවරන්නේ නැහැනේ. අනික, නයා දැනට ඇය බාරයේ ඇති නිසා නැවත නඩුවක් දාන්න පුළුවන් නේද? (නි)
රටක නීතියක් තිබිය යුතු වාගේම නීතිය සැමටම එකලෙස ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම පොලිසියෙන් චෝදනා ගොනුකිරීම, ඒවාට අවශ්‍ය වාර්තා, සාක්කි සහ අනෙකුත් නීති උපදෙස් ආදිය කලට වෙලාවට උසාවියට ඉදිරිපත් කර එකී නඩුවලින් අපහසුතාවයට, අසරණභාවයට සහ දුකට පත්වූවන්ට සාධාරණය ඉෂ්ට කළ යුතුය. (නි)
මේ කාන්තාව මට නයාට අඳු කොළ වගේ (නි)
මෙයා නයි නලගනක් නෙමෙයි, අර නලගනක් කියන්නේ ඇත්තද? (නි)
රුපියල් 100ක්? බුදු අම්මෝ කොහොම ගෙවයිද අනේ! (නි)