කොළඹ කොල්ලුපිටියේ ක්ලියෝපැට්‍රා සමාජ ශාලාවේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි නයි නළඟන උසාවි නොපැමිණීම නිසා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද වරෙන්තු නිකුත් කළේය.
නාගයකු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පොලිසිය ඇයට එරෙහිව මේ නඩුව පවරා තිබිණි.
අද උදේ ඇය උසාවි පැමිණ සිටියත් තීන්දුව දීමට නඩුව කැඳවූ අවස්ථාවේ ඇය උසාවියේ නොසිටියාය.
ඇගේ නීතීඥවරයා කියා සිටියේ ඇය උදේ පැමිණ සිටි නමුත් අසනීප නිසා ගිය බවයි.
ඇයට වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඔක්තෝබර 10 වැනිදාට කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහක යන නයි ඇදුම අස්සේ දා ගත්තාම වෙන දේ තමයි මේ (නි)
ලංකාවේ ඉන්න සියලුම නයි නටවන අහිතුන්ටික මිනිස්සුන්වත් පොලිසියෙන් අල්ලල උසාවි ගේනවද ? ඔය මිනිස්සු නයි , රිලව් පුරුදු කරන්න උන්ට මොන තරම් වධ දෙනවද ? (දී)
ඇයි ඇය පස්සේ නිකන් බොරුනට පන්නන්නේ. (නදී)
නිරන්ජන්ගේ කතාව හරියට හරි. නිකන්ද කියන්නේ නයි රෙද්ද අස්සේ දා ගෙන කනෝ කනෝ කියන්න එපා කියලා (නි)
කරන්න වැඩ කොතෙකුත් තියෙද්දී මොකද මේ අනවශ්‍ය දෙයකට මහජන මුදල් නාස්ති කරන්නේ?? (නි)
පොලිසිය නයා පෙන්නනවා වගෙයි මට පෙනෙන්නේ. (නි)
රකිත හරි, ඡන්ද ලකුණ නයා (නි)
කොහෙවත් නොහිටි නළගන හිස් මුදුනේ තියන් කම් නැති හිස් පුවත් මවා අල්ලේ තියන් ලැජ්ජද නුබට නංගියේ මේ කතා අසන්. බයිලද අයියේ නයි කනවද රෝස් පාන්.(නදී)
පිස්සු නයි කතා (නි)
දැන් මෙයාගේ ප්‍රසිද්ධිය හොඳටම ඇති ඊළඟ මැතිවරණයකට ඉදිරිපත් වෙන්න. බුද්ධිමත් ජනතාවගෙන් වැඩිම මනාප ගන්න පුළුවන් වේවි. (නි)
මීට වඩා වැදගත් නඩු තිබියදී මෙයට කාලය වැය කිරීම නිෂ්ඵල දෙයක් ලෙස හැගේ (නි)
හපෝ !! මෙයා නයෙක් කරගහ ගෙන.මෙයාටත් නිවනක් තියනවද? (ස)
දැන් ඉතින් නයාවත් ගන්න උසාවි යන්න වෙයි
කනත් ඇහිලා නිදහසේ හිටියා විතරයි. ඔන්න පටන් ගත්තා නැවත නයි නළඟන.... (ස)
මේ කතාව ඇහෙන කොට නයාට අඳුකොළ වගේ. එපාම වෙලා. මැය කවුද කියලා රටම දන්නවා. ප්‍රවෘත්ති යනවට කැමති ඇති එයාගේ බිස්නස් එකට හොඳයිනේ. (ස)
අනේ අපේ රාළහාමිලට වෙන කරන්න වැඩක් ඇත්තෙම නැද්ද? නරකද මත් කුඩු විකුණන අය ඇල්ලුවොත් (අ)
කරුණාකරලා ඔය නාග චම්පට නිදහසේ ඉන්නේ දෙන්න.ඔයිට වඩා නළඟනන් සුවසේ ඉන්නවා.ඔක්කොම සෙල්ලම් දුප්පතුන්ට තමා.නංගි.. ඔය අධෛර්යමත් වෙන්න එපා.කොහොම හරි ජීවිතේ කොතනකින් හරි පටන් ගන්න.හැබැයි හැමදාම නයි පෙන්නනත් එපා හොඳේ..? (ස)
ලංකාවේ පොලිසිය පළපුරුදු වතු අධිකාරීවරයෙක් කසිප්පුකාරයන් විසින් කපලා කොටලා කොටස් මහජන ප්‍රදර්ශනයට මහා දවල් අරන් යන විටත් බකන්නිලාගෙන හිටියා. ඒත් මේවා? (නි)
අදහස් දාන අයට තේරෙන්නේ නැද්ද මෙයා කවුද කියලා? ටික කලකට පස්සේ මොකක්හරි ප්‍රශ්නයක් දාගෙන මතුවෙනවා (නි)
අයියෝ! ආයිත් නයි නළගන... (නි)
අනේ ඔය ළමයාට නිදහසේ ඉන්න දෙන්න. (අ)