ගන්නෝරුව යුද හමුදා කඳවුරේ නායකත්ව පුහුණුව ලබමින් සිටි විශ්ව විද්‍යාල සිසුවෙක් මහනුවර රෝහලේ දී මියගියේය.
බඩේ ආසාදනයක් නිසා පසුගිය 28 වැනි දා රෝහල්ගත කළ ඔහු පසු දින ශල්‍යකර්මයකට ද ලක් කර ඇත. ළහිරු සඳරුවන් නැමති මෙම සිසුවා යාපනය විශ්ව විද්‍යාලයට තේරි සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයි කී දෙනෙක් මේ නායකත්ව පුහුණුව නිසා ජීවිතේ නිරපරාදේ අදුරු කර ගත්තද ?මේ ගැන කතා කරන්න කවුරුවත් නැහැ.(දිල්)
මේ නැති වුණේ අපි එක්ක එකට නායකත්ව පුහුණුව ලබපු අපේ යාලුවෙක්. මාගේ මිතුරාට නිවන් සුව.(දිල්)
මේ මෝඩ අදහස් නිසා අකාලයේ පරවෙන මල් වෙනුවෙන් ශෝක සුසුම් හෙලීමෙන් හෝ තනි තනිව නිවන් සුව පැතීමෙනුත් වැඩක් නැති නිසා අපි සියලු දෙනාම එකතුවී මේ වැඩේ ට මුල පිරු මිනිසාට සදා කාලික නිවන් පතමු.(නදී)
නුගත් පාලකයෝ උගතුන් බිහි වනවාට බයයි. සියල්ල තමන්ගේ පාලනයට ගන්ඩ ඕන දෙයක් කරනවා.(නදී)
දැන්වත් ඔය බම්බු පුහුණුව නවත්වන්න බැරිද ? (නදී)
එකක් දෙකක් වුනහම හැම දේ ගැනම වැරදියට හිතන්න එපා. ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට ලෙඩ හැදෙන්නේ නැද්ද? දොස්තරලට ලෙඩ හැදෙන්නේ නැද්ද, නායකත්ව පුහුණුවේ කරපු දෙයක් නිසා මැරුනා නම් බනින්න. උඩින් පල්ලෙන් හිතල අදහස් දක්වන්න එපා.(නදී)
මීට කලින් පාර අපේ විශ්ව විද්‍යාලයට ගෑනු ලමයෙක් ආවා කොන්ද කඩාගෙන. තව පාරක් සර්පයෙක් කාලා ලමයෙක් මලා. දැන් බඩේ අමාරුවක් නිසා තව ජීවිතයක් ඉවරයි. තවත් පැත්තකින් උසස් අධ්‍යාපනය සමිබන්ධ බලධාරීන් අද ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ මිනීවල කපමින් ඉන්නවා. ඒවාට විරුද්ධ වෙන ලමයි පන්ති තහනම් කරලා ගෙදර යනවා. පසුගිය කාලේ දේශපාලකයින්ගේ ලමයි කරපුවා මාධ්‍ය මගින් හෙලිදරව් වුනා. බීමතින් ගුවන් යානයක දොර විවෘත කරන්න තැත් කිරීම, හමුදා නිලධාරීන්ට හෝටලයකදී පහර දීම. රග්බි පුහුණු කරුට පහරදීම. ආරුගම්බේදී ඇතිවුණු සිද්ධිය ආදී සිදුවීම් තාමත් අපටනම් මතකයි.(නදී)
විවිද ශාරීරික අපහසුතා ඇති අය විශ්ව විද්‍යාල වලට තේරී සිටිනවා. ඔවුන්ගේ සෞඛය ගැන නොසිතා මේ කරන නාඩගම් නායකත්ව පුහුණුව දිය යුත්තේ මේ යෝජනා ගෙනාපු ඇමතිගේ සිට ඒ හා සම්බන්ද නිලදාරින්ටයි.(නදී)
නායකත්ව පුහුනුව කියන්නේ ගොඩාක් හොද වැඩක්. මමත් මේ කදවුරට තමයි මේ වසරේදී ගියේ. එකෙන් ලබා ගත්ත අත්දැකීම් ගොඩයි ජීවිතේට. ඒකට බනින හැමෝම මේ වැඩේ යන වෙලාවක කදවුරකට ගිහින් බලාගෙන ඉන්න. මොනවා උනත් ඔබට නිවන් සුව සහෝදරයා.(නදී)
මොනතරම් මහන්සිවෙලා විශ්ව විද්‍යාලයේ ගියත් වැඩක් නෑ පුතේ .ඔබට නිවන් සුව ලැබේවා (දිල්)
ජීවිත කියක් නැති වෙලා තියෙනවද මේ වැඩ නිසා?(දිල්)
පුතේ ඔබට නිවන් සැප. තේරෙන අය (කමිටු) මීට වඩා තේරුම් ඇතුව, සිහි කල්පනාවෙන් වැඩ කළා නම් හොඳයි නේද?(දිල්)
ඔබට නිවන් සුව! ලබන ආත්මයේදීවත් මෙවැනි විපතක් නොවීමට ලංකාව හැර වෙනත් රටක ඉපදීමට වාසනාව ලැබේවායි පතමි. (නි)
ශ්‍රී ලංකාවේ සිසුන්ට හරි අපල කාලයක්!! (නි)
එතකොට බඩේ අසාදනයක් නිසාද ඔහු මියගියේ? (නි)
කෙසේ හෝ මෙය මෙලෙස සිදුවූ අවසාන මරණය වේවා! (නි)
නායකත්ව පුහුණුවේදී නිධන්ගත රෝග එළියට එනවා ඇති. අපරාදේ තරුණ ජීවිතයක්.නැවත ඉපදෙන හැමවාරයේම අකල් මරණයකට ගොදුරු නොවේවා! ඔබට නිවන් සුව. (නි)
මේ වැඩපිළිවෙල දැන්වත් නැවැත්විය යුතුයි නේද? (නි)
මොනවාහරි වෙලා ලංකාවේ අයගේ ජිවිත නැතිවෙනවා. කොහොම හරි අම්මා කෙනෙකුට දරුවෙක් නැතිවුණා. (නි)
ළමයි මහන්සි වෙලා රෑ නිදි මරාගෙන පාඩම් කළේ අකාලයේ මැරෙන්න නෙමෙයි. මේ දරුවාගේ ජීවිතයට, ඒ ළමයගේ දෙමව්පියෝ දුටු හීනයට කවුද දැන් වගකියන්නේ? (නි)