IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘නායකත්ව පුහුණුවට කෑම හිඟලු‘

විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන් වෙනුවෙන් මේ දිනවල පැවැත්වෙන නායකත්ව පුහුණුවේ දී ඇතැම් කඳවුරුවල සිසුනට ප්‍රමාණවත් ආහාර වේලක් ලබා නොදෙන බවට තොරතුරු ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

දෙදිනකට පෙර එක් කඳවුරක රාත්‍රියට දී ඇත්තේ බනිස්ය. ඊට පසු දින දී ඇත්තේ පරිප්පු සහ බත්ය. ඒ නිසා බනිස් හා පරිප්පු නොකන සිසුහු අපහසුතාවට පත්වූ බව දෙමාපියෝ කියති.

එම කඳවුරෙන් සිසුනට පවසා ඇත්තේ ආහාර සඳහා ප්‍රමාණවත් මුදල් ලබා නොදුන් නිසා එලෙස ආහාර දීමට සිදුවූ බවයි.

මෙම පුහුණුවට සහභාගී වී ඇත්තේ උසස් පෙළ ඉහළින් සමත් යෞවන වයසේ සිසුන් බවත්, ඔවුනට පෝෂදායි ප්‍රමාණවත් ආහාර වේලක් ලැබිය යුතු බවත්,  එලෙස ලබා දීමට ප්‍රමාණවත් මුදල් ලබා දිය නොහැකි නම් මෙම පුහුණුව නොපැවැත්විය යුතු බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (මුදල් හා පාලන) පී ජී ජයසිංහ මහතා පැවසුවේ ප්‍රමාණවත් මුදල් දී ඇති බවත්, එවැනි ගැටළුවක් ගැන කිසිවකු පැමිණිලි කර නැති බවත්ය. ‘ඔයාලට ඕවා කියනනේ කවුද? ඔයාලා කියනකම් කරවුරුත් කිව්වේ  නැහැ. කියන්න බලන්න කවුද කිව්වෙ කියලා.‘ යැයි ද අතිරේක ලේකම්වරයා පැවසීය.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසුවේ ඒ ගැන සොයා බලන බවයි.

 



අදහස් (0)

‘නායකත්ව පුහුණුවට කෑම හිඟලු‘

යසවතී Friday, 13 December 2013 01:38 PM

මගේ යාලුවෙකුගේ දුවක් මින්නේරියේ නායකත්ව පුහුණුව ලබනවා. ඒ ළමයාගේ ඇදුම් සියල්ලම ඇතුලෙන් කටු ගසලා තමයි දැන් අදින්නේ. බරත් හොඳටම අඩුවෙලා - ප්‍රතිපලය දැන් පැහැදිලි නේද ?(නදී)

:       0       0

සජී Friday, 13 December 2013 07:55 PM

මම හිතන්නේ නායකත්ව පුහුණුවට ඇවිත් තියන ළමයි ගෙවල් වලදී තුන් වේලටම හැම්, බේකන් , චීස්, බටර් ,කාපු, ඒ සී කාමරවල පාඩම් කරපු, දුක බඩගින්න දන්නේ නැති, ළමයි පිරිසක් වෙන්න ඇති. ඒකයි මේ පොඩි දෙයකටත් ලොකු සද්ද දමන්නේ.(නදී)

:       0       0

දිනේෂ් Friday, 13 December 2013 01:45 PM

මේ අය ගෙවල් වල සිනි බෝල වගේ හැදිලා මේවට ආවට පස්සේ විකාර කරනවා. මේ අය තමා කවදා හරි රටේ ඉහල තැන වලට යන්නේ. බඩගින්න කියන්නේ මොකක්ද කියලත් තේරෙන්න ඕනා. ඒක තේරෙන්නේ නැති එක තම පස්සේදී ප්‍රශ්නයක් වෙන්නේ. (නදී)

:       0       0

රංජනී Friday, 13 December 2013 01:49 PM

මේ මොන කදවුරේද? බුස්සේද? (නදී)

:       0       0

පුර්නිමා-බින්තැන්න Friday, 13 December 2013 08:00 PM

බනිස් හා පරිප්පු නොකන සිසුහු - සරසවි වලට බදවා ගැනීමේ සුදුසු කමක් ද? බටහිර රටවල කන්නේ පීසා කෑල්ලයි වතුරයි.(නදී)

:       0       0

සුමේධ ෆෙර්ණන්දෝ Saturday, 14 December 2013 10:31 AM

අහිංසක දෙමව්පියන්ටයි දරුවන්ටයි වද නොදී මේ කරන වැඩපිලිවෙල විශ්ව විද්‍යාලයට ඇතුලත් කර ගත්තට පස්සේ ක්‍රියාත්මත කළොත් නරකද? (නදී)

:       0       0

මුණසිංහ Sunday, 15 December 2013 07:51 AM

නිලන්ති. සත්‍යපාල ඕක තමයි මම කිව්වේ ඔය පුහුණුව පාසලින් පටන් ගන්න ඕන කියලා. නායකත්ව පුහුණුව කියන්නේ කන බොන එක විතරක් නෙවෙයි. පෞරුෂ වර්ධනයත් ඇතුළු මාතෘකා ගණනාවක් තිබෙන පුළුල් විෂය පථයක්. (නදී)

:       0       0

කුමරණ Friday, 13 December 2013 02:04 PM

අපී අයට කෑම තම ජිවිතේටත් වැඩිය ලොකුයි. කටින් එලියට එනකන් ගිලලා ඔය වගේ පුහුණු වීම් කරන්න බැහැ. ඉතින් මේ උගත්තු රැකියා කරන කොටත් ඔහොම තමා. හොඳට කට ළඟටම පිරෙන්න මොනවා හරි ගිලලා පුටුව රත් කරාවි, නැතිනම් නිදි කිරාවි. ඉතින් කොහොමද රටක් දියුණුවෙන්නේ.(නදී)

:       0       0

මොහාන් Friday, 13 December 2013 02:11 PM

මේ මිනිස්සුන්ට මොනවා වෙලාද? මේ රටේ අලුත් දෙයක් කරන්නම බැරිද? කවදද හන මිටි බිම තියන්නේ? (නදී)

:       0       0

සැම් Friday, 13 December 2013 02:18 PM

රු. 2500 කින් 4 දෙනෙකුට මාසයක් කන්න පුළුවන් කියපු ඇමතිගේ අමාත්‍යාංශය මේකටත් සල්ලි පාස් කරනවා ඇත්තේ ඒ විදියට තමා. 2500/4 =625 625/30 = 20.08

:       0       0

රංජිත් Saturday, 14 December 2013 11:41 AM

ඔය වයසේ දරුවන්ට හොදට කන්න බොන්න පුලුවන් අය. (අ)

:       0       0

ලුම්බිණි Friday, 13 December 2013 02:43 PM

මේක මොන තරම් හාස්‍ය ජනක වැඩ පිළිවෙලක්ද? (නදී)

:       0       0

ඉන්දික ගාලේවත්ත Friday, 13 December 2013 03:25 PM

බොරු නොකරන ළමයින්ට කන්න දෙන්න.(නදී)

:       0       0

චාමික Saturday, 14 December 2013 02:07 PM

නායකත්ව පුහුණුව නොලැබූ පැරණි සිසුන් සහ නායකත්ව පුහුණුව ලැබුන සිසුන් අතර කිසිදු ආකාරයක වෙනසක් දැකීමට නොහැකි නිසා මෙම පුහුණුව නිෂ්පලව මුදල් කාබාසිනියා කිරීමක්. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 13 December 2013 03:43 PM

චෝදනාවක් තියෙනවා නම් අදාල බලදාරීන්ට දන්වලා චෝදනාවට අදාල ප්‍රශ්නෙට පිළිතුරු ලබා ගන්න ඕනා. හමුදා කදවුරක කවදාවත් කෑම හිග වෙන්නේ නැහැ.  (නදී)

:       0       0

චානක Friday, 13 December 2013 03:43 PM

පරිප්පුයි බතුයි කන එකත් නායකත්ව පුහුණුවේ එක් අංගයක්. අපේ රටේ ගොඩක් නායකයෝ කන්නේ පරිප්පුනේ.(නදී)

:       0       0

මුණසිංහ Friday, 13 December 2013 04:17 PM

අද පාසල් වලට විෂයක් හැටියට නායකත්ව පුහුණුවක් දිය යුතු තරමටම ළමයින් පත්වෙලා ඉන්නේ. පාසල් ළමයිනුත් මේක ඉල්ලනවා.(නදී)

:       0       0

අමිල කටුනායක Friday, 13 December 2013 05:07 PM

ළමයි ටික මාර පරිප්පුවක්නේ කන්නේ.(නදී)

:       0       0

අමිල කටුනායක Friday, 13 December 2013 05:09 PM

මොනවා වුනත් නායකත්වය කියන්නේ ඕවාටත් ඔරොත්තු දෙන්න වෙනවා.(නදී)

:       0       0

මනෝජ් Saturday, 14 December 2013 12:01 AM

අදහස් ටික බැලුවම පාලිතයන් පාලකයන් මොන තරම් ගැලපේද යන වග සක් සුදක් සේ පැහැදිලිය.(නදී)

:       0       0

නුවන් Friday, 13 December 2013 05:14 PM

හෙට අනිද්දා වෙනකොට කෑම වගේම පුහුණුවත් නැතිවෙයිද කියලයි මට බය (නි)

:       0       0

මහේෂිකා Saturday, 14 December 2013 12:26 AM

කන එක ගැන විතරක්ම හොයන්නේ නැතිව ගිය කාරිය හරියට කරගන්න ළමයින් දැනගන්න ඕනා. සූකිරි බෝල වගේ ගෙවල්වල හිටපු ළමයින්ට හැම දේටම මූණ දෙන්නට පුරුදු වෙන්න වෙනවා . නැතිනම් පුංචි දේටත් වහ කුප්පිය අතට ගනීවි. අපේ රටේ හුඟක් අම්මල ළමයින්ව නාකි වෙනකම් හුරතල් කරනවා. තනිවම දෙපයෙන් නැගිටින්න දෙන්නෙම නැහැ . රටේ අනාගතයට වැඩදායක පරපුරක් හදන එක දෙමාපියන්ගේත් වගකීම.(නදී)

:       0       0

ඉන්දික Saturday, 14 December 2013 06:07 PM

අධ්‍යාපනයට සල්ලි වෙන් කරලා කොහොමද? එහෙම උනාම රේස් තියන්න සල්ලි කෝ? (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 14 December 2013 01:28 AM

ළමයි වත් ළමයින්ගේ දෙමාපියෝවත් මෙහෙම පුහුණුවක් දෙන්න කියලා රජයට බලකලේ නැහැනේ. මේක දේශපාලකයන්ගේ ඔලුවට ආපු අදහසක්නේ. රජය ළමයින්ට මේ පුහුණුවට එන්න කිවා නම් කන්න දෙන්න ඕනේ. මේ වැඩේ නිකම් රටේ බදු සල්ලි විනාශ කරන ළමයින්ගේ කාලය කන බොරු වැඩක්. ලෝකයේ කිසිම දියුණු රටක විශ්ව විද්යාල යාමට පෙර ළමයින්ට හමුදා කඳවුරුවල මෙවැනි පුහුණු අනිවාර්ය කරලා නැහැ යුද්ධයක් නැති අවස්ථාවක.(නදී)

:       0       0

රොකී Saturday, 14 December 2013 06:12 PM

නායකයෝ කියන්නේ බොහොම ඉහලින් කන බොන උදවිය මේ ළමයින්ට නායකත්ව පුහුණුව දෙනවා නම් පාර්ලිමේන්තු ඇමතිවරුන්ට වගේ කන්ඩ බොන්ඩ පුහුණුවක් ඉස්සෙල්ලාම දෙන්න. රටේ බුද්ධිමත්ම තරුණ පිරිසට පරවේණි දාස පුහුණුවක් දෙන්ඩ වගේ උන් බඩගින්නේ තියලා හදන්නේ. නිලධාරින් එතනිනුත් පිල්ලි ගහන්න හදනවා නම් ඒක නරකයි.(නදී)

:       0       0

ප්‍රසාද් Saturday, 14 December 2013 06:28 PM

දිනේශ්,කුමරණ,සජ් ඕකට කියන්නෙ ඉරිසියාව කියලා. ඔහෙලට ඉගෙන ගන්න බැරි උනා කියල ඒ ලමයි මක් කරන්නද.? (නදී)

:       0       0

ශාන් Saturday, 14 December 2013 02:58 AM

කාපු අයට අමාරුවක් නැතිනම් අහක ඉන්න මෙයාලට තියන අමාරුව මොකක්ද?(නදී)

:       0       0

හංසි Friday, 13 December 2013 06:09 PM

පරිප්පුයි බතුයි කියන්නේ කන්න බැරි දේවල් නෙවේ. දෙන දෙයක් කාල තමුන් ගිය වැඩේ සාර්ථක කරගන්න ඕනේ. (නදී)

:       0       0

සත්‍යයා Saturday, 14 December 2013 06:07 AM

නායකත්වය පුහුණු කල හැකි දෙයක් නොව උපතින්ම රැගෙන ආ දෙවනුව යහපත් පවුල් පසුබිමක ජීවත් වීම තුලින් ඔප මට්ටම් කරගන්නා සමාජමය ගති ලක්ෂණයකි. (නදී)

:       0       0

පාලිත Friday, 13 December 2013 06:40 PM

කුමරණ, මොන බොරු ද? ළමයින් ට කරවල කෑල්ලක් දුන්නත් විනෝදෙන් කාවි ඔය වගෙ වැඩසටහන් වලදි. (නදී)

:       0       0

කුමාර Saturday, 14 December 2013 09:59 PM

මේක තමයි රැග් එක දෙන අළුත්ම ක්‍රමය (දිල්)

:       0       0

නිලන්ති Saturday, 14 December 2013 10:15 PM

නායකත්ව පුහුණුව කියන්නේ මේ කෙහෙම්මල් පුහුණුවක් නොවෙයි. ඒක දරුවා කුඩා කාලෙ ඉඳන් තමන් අවට ගුරු දෙගුරු වැඩිහිටි සමාජයෙන් ක්‍රමානුකුලව උගෙනගන්න හැදියාවක්. එහෙම නැතිව මේ කැලේ කඳවුරක ටික දවසක් සපාරියක් ගිහින් හිටියට ළමයෙක් තුල නායකත්ව ගුණයක් ගොඩනැගෙන්නේ නැහැ. ටියුෂන් පන්ති නවත්තල ළමයට යලි ළමා කාලය ලබා දීල ළමයින් එක්ව සෙල්ලම් කරලා පරිසරය සමාජය එක්ක ජීවත් වෙලා වැඩිහිටියන් එක්ක සංස්කෘතික සමාජ කටයුතු වලට සහභාගී වෙලා ළමයාගේ වර්ධනයත් එක්ක ගොඩ නැගෙන චරිතයක් තමයි නායකත්ව ගුණය කියන්නේ. මේක මේ ළමයින් රැවටීමක් ජනතාව රැවටීමක්. සහ ළමයින් මානසිකව බිඳ වැවට්ටීමක් විතරයි. (දිල්)

:       0       0

මහේෂ් Friday, 13 December 2013 06:52 PM

මොකටද ඔච්චර ඉගෙනගත්තේ. ඉගෙන ගන්නේ නැතිව පාර්ලිමේන්තු ගියානම් මේ ප්‍රශ්ණ මොකුත් නැහැනේ.(නදී)

:       0       0

චාමික Saturday, 14 December 2013 08:15 AM

ෆුටා එකෙන් කිව්වේ ගිය වසරින් පසුව මෙම පුහුණුව නවත්වනවා කියලා. විශ්වවිද්‍යාලයක ඉගෙනගත් අධ්‍යන කාර්යමණ්ඩලයේ සේවය කරපු කෙනෙක් විදියට මම නම් දකින්නේ ෆුටා එක යනු වෘත්තීය සමිතියක් පමණක් වන බවයි. මෙම පුහුණුව නිෂ්පලව මුදල් කාබාසිනියා කිරීමක් කියලයි මට හිතෙන්නේ. (නදී)

:       0       0

සෙනෙවි Friday, 13 December 2013 07:07 PM

එහෙනම් කෑම සප්ලයි කරන කොන්ත්‍රාත්තුවෙන් පගා ගහල ඇති.(නදී)

:       0       0

සත්‍යපාල Saturday, 14 December 2013 11:33 PM

නිලන්ති ! ඔබ ගැන මම ආඩම්බර වෙනවා. ඔබ ට හැකි හැම විටකදීම මේ වගේ පොහොසත් අදහස් වලින් මේ පිටුව පුරවන්න. අන්ධකාරයේ ඇත පත ගැන බොහෝ මිනිසුනට පහන් ටැඹක් වෙන්න ඔයාටත් හැකියාව තියෙනවා.(දිල්)

:       0       0

ද සිල්වා Friday, 13 December 2013 07:34 PM

වෙන් කරපු මුදල් ප්‍රතිපාදන කවුරු හරි සාක්කුවට දමාගෙන වෙන්න ඇති.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 December 2013 07:41 PM

ලංකාව ගමන් කරන්නේ " ආසියාවේ ආස්චර්‍ය‘‘ දිහාවටද, නැතිනම් "ඉතියෝපියාව, සෝමාලියාව,බංගලිදේශසය" දිසාවටද කියල මොලේ කළදක් තියෙන ඕනැම කෙනෙකුට තේරෙනවා.(නදී)

:       0       0

ටිකිරි බංඩා Friday, 13 December 2013 07:42 PM

අහන්න දෙයක් නැහැ ඒකෙනුත් "ගසා කාල" ඇති.(නදී)

:       0       0

චන්ද්‍රා Friday, 13 December 2013 07:48 PM

මියක් කඩන්නේ අත ලෙව කන්නට යෑ නේද ආයුබෝවන්. අනුනට මොනවා උනත් කම් නැත තම මඩිය තරවෙලා.(නදී)

:       0       0

සමන් Saturday, 14 December 2013 09:56 AM

බනිස් හා පරිප්පු නොකන සිසුන්ට විශ්ව විද්‍යාලයට ගියාට පස්සේ වතුරයි පානුයි කන්න වෙන්නේ.(නදී)

:       0       0

යසවතී Friday, 13 December 2013 01:33 PM

ඕවා කියන්න බයයි. ළමයින් බඩගින්නේ තියලා ලෙඩ කරලා තමයි එවන්නේ. මෙයාලා නම් හොඳට කයි බොයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 129 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 176 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 448 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 394 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 313 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


බඹරු ඇන අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 20 203 0

තලවකැලේ , මඩකුඹුර වත්තේ ගසක නැග අතු කැපිමට ගිය පුද්ගලයෙකුට ගස මත සිටියදි එල්ල වු බඹර ප්‍රහාරයකින් ගස මතින් පහලට ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව තලවකැලේ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 117 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 91 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site